කුරුසියේ සා. ඇන්ජෙලා තුමිය

කුරුසියේ සා. ඇන්ජෙලා තුමිය

1846 ජනවාරි 30වන දින මරියා ඩි ලොස් ආන්ජලෙස් ලෙස උපත ලද කුරුසියේ සා. ඇන්ජෙලා තුමියගේ මව්පියෝ ස්පාඤ්ඤයෙ සෙවිල්හී ශු. ත්රීත්වයේ තාපසවරුන්ගේ තාපසාරාමයේ සේවය කළහ. ඇයත් සමඟ දරුවන් 14ක් එම පවුලේ සිටි අතර ඉන් 6ක් පමණක් වැඩිවියට පත්වෙන තෙක් ජීවත් වූහ. අවුරුදු 12දී ඇන්ජෙලාතුමිය පවුලේ ආර්ථිකයට සහය වීම සඳහා  සපත්තු සාදන වෙළඳසැලක සේවයට ගියාය.

එම වෙළඳසැලේ ඇගේ සුපවයිසර්වරිය වූ අන්ටෝනියා මල්ඩොනාඩෝ භක්තිවන්ත කතක් වූ අතර  ඇය තම සේවකයන් සමඟ විවේක කාලයේ යාච්ඤාවෙහිද, ජපමාලයෙහිද, සාන්තුවරයන්ගේ කතා කියැවීමෙහිද නියැලුණාය. ඇන්ජෙලාතුමියට අවුරුදු 16දී අන්ටෝනියාගේ ආධ්යාත්මික මඟපෙන්වන්නා වූ කැනරි දූපත් හී හෝසේ ටොරස් ඉ පඩිල්ලා පියතුමා හමු වූ අතර එතැන් සිට ඇයගේද මඟපෙන්වන්නා ඔහු විය. අවුරුදු 19දී ඇය ප්රතිසංස්කරණය වූ කාර්මෙල් නිකායට ඇතුලුවීමට උත්සාහ කළද ඇගේ සෞඛ්ය ඊට හරස් විය. අවුරුදු 22දී ඇය දයාවේ දූවරුන්ගේ නිකායට ඇතුළු වූ අතර එහිදීද ඇගේ අසනීපය හේතුවෙන් ඇය එම නිකායෙන් අස්වී නැවත සපත්තු වෙළඳසැලට ගියාය. එම කාලයේ ඇය තමන්ගේ ආධ්යාත්මික පැතිකඩ සඳහන් දිනපොතක් ලිවීමට පෙළඹුණාය.

අවුරුදු 29දී එතුමිය වෙළඳසැලෙන් ඉවත්ව ධනවත් කතක් වූ ජෝසෙෆා ඩි ලා පෙඥා සහ දුප්පතුන් වූ ජුවානා මරියා කස්ත්රෝ හා ජුවානා මගඩාන් සමඟ එක්වී නව නිකායක් ඇරඹුවාය. ටොරස් පියතුමා එහි අධ්යක්ෂක වූ අතර ඇන්ජෙලාතුමිය එහි ශ්රේෂ්ඨාධිපතිනිය වූවාය. ඩි ලා පෙඥාතුමියගේ මුදලින් ඔවුන් සෙවිල්හී සැන් ලුයිස් මාවතේ නිවසක් මිලදීගෙන, දිවා රෑ පුරා එහි දුප්පතුන් හා රෝගීන් රැකබලාගත්හ. එහිදී එතුමිය කුරුසියේ ඇන්ජෙලා මව්තුමිය ලෙස හැඳින්වුණි.
1876 අප්රේල් 5වනදින මෙම නව නිකායට සෙවිල්හී අගරදගුරුතුමාගෙන් අවසර ලැබුණි. එම වසරේම ගරු ටොරස් පියතුමා මියගිය බැවින් අධ්යක්ෂක ධූරයට ඔහුගේ ගෝලයා වූ හෝසේ මරියා අල්වරෙස් ඉ දෙල්ගාදෝ පත්විය. ඇන්ජෙලාතුමිය ඔහු යටතේ තම ආගමික දිවුරුම ලබාගත්තාය.

ඇන්ජෙලාතුමිය 1932 මාර්තු 2වනදින අවුරුදු 86දී මියගිය අතර කුරුසියේ සොයුරියන්ගේ කන්යාරාමයේ ඇයව මිහිදන් කරන ලදී. අවුරුදු 71කට පසුව 2003 මැයි 4වනදින ඇයව සාන්තුවරයට එසවීමට ශරීරය ගොඩගත් අතර එය වීදුරු පෙට්ටියක බහා සතියක් ප්රදර්ශනයට තබා නැවත මැයි 11වනදා කන්යාරාමයට ගෙනයන ලදී.