දෙවියන් වහන්සේ ලෝකය මැව්වා නම් දෙවියන්වහන්සේව මැවුවේ කව්ද?

දෙවියන් වහන්සේ ලෝකය මැව්වා නම් දෙවියන්වහන්සේව මැවුවේ කව්ද?
Photo by Ben White / Unsplash

බොහෝ අදේවවාදීන් නගන ප්‍රශ්නයකි මෙය. නමුත් මෙය වැරදි ප්‍රශ්නයකි. ආරම්භයක් හෝ අවසානයක් කතා කළ හැක්කේ කාලය මත යැපෙන දෙයකට. බයිබලයේ පවසන ආකාරයට අපගේ විශ්වයේ කාලයට ආරම්භයක් තිබුණි. කාලය ආරම්භ වීමට පෙර සිටි දෙවියන්වහන්සේගේ පැවැත්ම සදාකාලික අමරණීය පැවැත්මක් වන්නේ දෙවියන් වහන්සේ කාලයට ස්වායක්ත නොවී කාලයේ කතෘවරයා වන නිසාය.

නූතන භෞතික විද්‍යාවේ නිරීක්ෂණ සමගම මහා පිපුරුම් වාදය වැනි ආකෘතීන් ට අනුව ද අප විශ්වයේ කාලයට ආරම්භයක් තිබේ. එකී රේඛීය කාලය මත පරායත්ත සියල්ල මැවීමක් ලෙස ඇති වන්නේ උත්පත්ති පොතේ පළමු වාක්‍යයෙන් ම ය.

කාලයේ ආරම්භය ගැන කියවෙන බයිබල් පාඨ කිහිපයක් පහත දැක්වේ.

"කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක."

ගීතාවලිය 90:2
"දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි."

හිතෝපදේශය 8:23
"ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව."

ශු.ජොහාන් 17:5
''පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි."

ශු.ජොහාන් 17:24
"උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි."

2තිමොතියස් 1:9

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව