දෙවියන් වහන්සේ කොහි සිට පවතින්නේ ද?

දෙවියන් වහන්සේ කොහි සිට පවතින්නේ ද?
Photo by David Monje / Unsplash

❤️ ඇත්තටම මට මේ ලිපිය ලියන්න හිතුවේ , බොහෝ බෞද්ධ සහෝදරවරුන් හා නිරාගමික සහෝදරවරුන් අහන ප්‍රධාන ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට , එනම් , " දෙවියන් වහන්සේ පවතින්නේ කොහේද ? ," , ඇත්තටම මේ ගැටලුව , අප කතෝලික ක්‍රිස්තියානි සහෝදරවරුන්ටත් ඇතුවාට සැකයක් නැත , නමුත් , ඔවුන් එසේ සිතන්නේ , ඔවුන් අනුමාන කරන දෙවියන් වහන්සේ සීමා සහිත දෙවි කෙනෙකු යැයි ඔවුන්ගේ සිත් කැළඹී ඇති නිසා බවත් මා අදහාගෙන ඇති , දෙවියන් වහන්සේ කිසිදු සීමාවකට යටත් නොවූ දෙවියන් වහන්සේ එනම් , තැනැන් වහන්සේ බව මම පළමුව මතක් කරනූ කැමැත්තෙමි .

☀️ බයිබලයේ සඳහන් පරිදි , කතෝලික - ක්‍රිස්තියානි ජනයා අදහන දෙවියන් වහන්සේ කාලය , අවකාශය හා පදාර්ථය යන ත්‍රිත්වයට යටත්ව නැත , අපගේ දෙවියන් වහන්සේ , එසේ යටත් වන්නේ නම් ඔහු සැබෑ දෙවියන් වහන්සේ නොවේ.

☀️ කාලය , අවකාශය හා පදාර්ථය යනූ , අඛණ්ඩව ක්‍රියාත්මක වන ත්‍රිත්වයකි , එනම් , මෙම ත්‍රිත්වය එක් පරාසයකදී එකවරම ( Simultaneously ) පැවතිය යුතුය. එහෙයින් , යම් පදාර්ථයක් ඇති නමුත් අවකාශයන් නැත්තම් එය තබන්නේ කොහේ ද ? ඇරත් , පදාර්ථයක් හා අවකාශයක් පමණක් ඇති නමුත් කාලයක් නැත්තම් , එය තබන්නේ කවදා ද ?

☀️ පදාර්ථය , කාලය හෝ අවකාශය යන ත්‍රිත්වය නිදහස්ව , අවිනිශ්චිත ලෙස පැවතිය නොහැක , මන්ද , මුලින් ඒ ලෙස ඒවා එක්වරම ( simultaneously ) පැවතිය යුතු බැවිනි. එයට බයිබලීය වශයෙන් වචන 7 ක් කැටි කොට දක්වයි ,

🅾️ ආරම්භයේදී - කාලය  ( בְּרֵאשִׁ֖ית )
🅾️ දෙවියන් වහන්සේ අහසත් - අවකාශය      ( הַשָּׁמַ֖יִם )
🅾️ පොළවත් මැවූ සේක - පදාර්ථය ( הָאָֽרֶץ )

එබැවින් මෙම ත්‍රිත්වයේ එකඟත්වයෙන් , සියල්ලම දැනටමත් නිර්මාණය වී ඇත.

☀️ " කාලය " ; අතීත , වර්තමාන හා අනාගත ලෙස ද ,  "අවකාශය " ; දිග , උස , පළල යන ත්‍රිමාණයන් මත ද , " පදාර්ථය " ; ඝන , ද්‍රව , වායූ ලෙස ද , මෙම ත්‍රිත්වයන්ගේ ත්‍රිත්වයෙන් සියල්ලම ඒකීය කාලාවකාශයක පවතී.

☀️  මේ සියල්ල මැවූ දෙවියන් වහන්සේ , මෙම සියල්ලම පිටතින් සිටිය යුතුමය , එසේ නොවේ නම් ඔහු සර්වබලධාරී දෙවියන් වහන්සේ නොවේ , උදාහරණයක් ලෙස , ඔබ මෙම ලිපිය කියවීමට භාවිතා කරන ජංගම දුරකථනය නිර්මාණය කරන ලද තැනැත්තා , එය නිර්මාණය කරන්නේ , ජංගම දුරකථනය ඇතුළ ද සිට ද ? එසේත් නැති නම් ඔබ මාරුවන app මෘදුකාංගයක් , මෘදුකාංගයක් ගාණේ , නිර්මාපකයා එය ඇතුළත සිට වෙනස් කරයි ද ? නැත , එය , එසේ නොවේ .

☀️ එසේ නම් , විශ්වය නිර්මාණය කරන ලද දෙවියන් වහන්සේ , විශ්වයෙන් පිටත සිටිය යුතුය , එතුමාණෝ විශ්වය අභිබවා යා යුතුය , එතුමාණෝ විශ්වය විනිවිද යා යුතුය , එනම් එතුමාණෝ පරමෝත්තමයාණෝය.

☀️ එනම් මෙම සියල්ල නිර්මාණය කරන ලද දේව-ශක්ති සම්පන්නයාණෝ , ලෞකික ශරීරයකට යටත් නොවේ , එනම් , මා විශ්වාස කරන දෙවියන් වහන්සේ , කිසිදු සීමාවකට යටත් නොවේ .

☀️ ඔබගේ මොළය , අහඹු ලෙස වසර බිලියන ගණනක් තිස්සේ නිපදවන අහඹු රසායනික ද්‍රව්‍යන්ගේ එකතුවක් නම් , ඔබේම සිතුවිලි හා ඔබේම ක්‍රියාවලියන් ඔබටම විශ්වාස කළ හැකි ද ?

❤️  " ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. "
( රෝම 1 : 20 )

♥️ සැබවින්ම,  මම මේ ලිපිය ලිවිය යුතු නැත , මන්ද මා එකම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන බැවිනි , නමුත් ඔබ අදහාගන්න පිණිස අවසානයේ , මෙම බයිබල් පාඨය ඉදිරිපත් කර දක්වමි. ↑↑↑↑↑↑↑↑↑↑

මුදල බලය මත ආත්ම             වාසියේ
විසිතුරු රූ හැඩ ආත්ම             මානයේ
හදමින් දෙවිවරු වැඳුම් පිදුම්             දී
කොහේද අද මේ කොහේද            යන්නේ
ගිනිලව් පන්නා ඒ බොරු          දෙවිවරු
අමර සදාතන පරම පැවැත්මේ - සමිඳුන් අප  සමඟයි
( කිතු දන පුබුදු ගීතිකා - 171 )

-  ❦ ශවීන් මෙන්ඩිස් ❦ -