නත්තල් සැරසිලි ගලවන්නේ කවදාද?

නත්තල් සැරසිලි ගලවන්නේ කවදාද?
Photo by Erwan Hesry / Unsplash

මේ සඳහා ප්‍රධාන සම්ප්‍රදායයන් දෙකකි;
(i) නත්තල් දේව වන්දනා සමය අවසානයේදී සැරසිලි ගලවා ඉවත් කිරීම
(ii) කානික්ක මංගල්‍යය අවසානයේදී සැරසිලි ගලවා ඉවත් කිරීම

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අප අනුගමනය කරන සම්ප්‍රදාය වනුයේ නත්තල් දේව වන්දනා සමය අවසානයේ නත්තල් සැරසිලි ඉවත්කිරීමයි. එහෙත් අපටද අවශ්‍ය නම් සමිඳුන් පුද දුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය දක්වා නත්තල් සැරසිලි තබා ගත හැකිය.

නත්තල් දේව වන්දනා සමය අවසන් වනුයේ අප සමිඳාණන් වහන්සේගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයෙනි. එය පැවැත්වෙන දිනය අවුරුදු පතා මාරු වන අතර (මෙහිදී හේතු පැහැදිළි නොකරමු) මෙවර එය යෙදී ඇත්තේ 2025 ජනවාරි මස 12 වන ඉරිදාටය. එබැවින් 12 වන ඉරුදින ඉර බැස්මෙන් නත්තල් සමය අවසන් වීමත් සමඟ අපට නත්තල් සැරසිලි ඉවත් කිරීම ආරම්භ කළ හැකිය. සමිඳුන් පුද දුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය සැම අවුරුද්දකම පෙබරවාරි මස 02 වන දිනයේ පවත්වනු ලබන අතර, නත්තල් සැරසිලි ඉවත් කිරීම එදින ඉර බැස්මෙන් ආරම්භ කිරීමද කළ හැකිය.

වාර්ෂික මංගල්‍යය ජනවාරි මස 3, 4 හෝ 5 සතිවල සමරනු ලබන දේවස්ථානවල ජනතාව ඇතැම් විට නත්තල් සැරසිලි දේවස්ථානයේ මංගල්‍යය දක්වා තබාගත්තද, එය උත්සවශ්‍රීය පවත්වා ගැනීම සඳහා නත්තල් සැරසිලි යොදාගනු ලැබීමක් විනා නත්තල් සැරසිලි ඉවත්කිරීම සම්බන්ධ සම්ප්‍රදායයක් නොවේ.

සටහන : Supun Lahiru Fernando

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව