වඩිනු දෙව් මැසියා

වඩිනු දෙව් මැසියා
Photo by Kenny Eliason / Unsplash

ජනවන්දනා වසරේ ආරම්භයත් සමග ආගමන කාලයේ පළමු ඉරුදින උදාවත්ම මෙරට සියලුම දේවස්ථාන වලින් ඇසෙන පොදු දෙයක් වේ නම් ඒ "වඩිනු දෙව්මැසියා" ගීතිකාවයි. එම ගීතිකාවෙන් තොර ආගමන සමයක් ගැන සිතීම පවා දුෂ්කරය. ඒ තරමටම එම ගීතිකාව මෙරට ආගමන සමයේ අනන්‍යතාවක් බවට පත්වී ඇත.

වඩිනූ දෙව් මැසියා පතා සිටිත් මෙලෝ දනා
සිරින් පිරී දිනේයා දකින්ට සතුටිනා
ආ එනු මැනේ දෙව්ස්වාමිනේ නසා'ප පව් දොසා
උදා කරන් ඔබේ වරම් රැසා....

බොහෝ අනාථසේය මෙ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය ඔබේ ශ්‍රි මහිමය

පැතුම් සැමා දනන්ගේ දිවැස් වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන් මුලාවු අජ කැළ

බලත් අසාර භූමි සරත් තුසාර පුල පුලා
යදිත් එසේම පාපි ඔබේ සිරි වරමා

මේ ගීතිකාව ආගමන සමයේ සමස්ත අරුත සාරංශ කොට ඉදිරිපත් කරන අතිශයින් අරුත්බර ගීතිකාවකි. මෙසියස් වහන්සේගේ පැමිණීම පුල පුලා පතා සිටින මුළු විශ්වයේම බලාපොරොත්තුව මෙහි කැටිකොට දක්වා ඇත. උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය මිනිස් වේශයෙන් වැසී ගොස් ඇති බවත්, ඒනිසාම උන්වහන්සේගේ ආගමනය අසරණ ස්වභාවයක් පෙන්නුම් කරන බව රචකයා ප්‍රකාශ කරයි.

පෙර දිවැසිවරුන් වදාළ සේ උන්වහන්සේ නොමඟ ගිය තම බැටළු රැළ මුදවාගන්නට වඩිති. පවිටු අපි උන්වහන්සේගේ වරම් පතා සිටිනුයේ නිසරු පොළොව සරත් සමයේ කෙලවර හිමවරුසා බලාපොරොත්තුව සිටින්නා සේය.

මෙම ගීතිකාව නිර්මාණය වන්නේ මෙරට පළමු සිංහල රදගුරු තුමා වන අති උතුම් එඩ්මන්ඩ් පීරිස් (නිමනි) හිමිපාණන් අතිනි.

එහි මුල් ගීතිකාව ප්‍රංශ බසින් Venez Divin Messie ලෙස සීමොන් ජේ. පෙලග්‍රින් නම් තපස්වරයෙකු අතින් රචනා වි ඇති අතර පසුකාලීනව එය O Come Divine Messaiah ලෙස ඉංග්‍රීසි බසට පෙරළී ඇත.

සටහන - මාධව ජයකොඩි

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;