ටියුරින් නුවර සිරි සළුවේ ඇත්ත නැත්ත

ටියුරින් නුවර සිරි සළුවේ ඇත්ත නැත්ත

ඉතාලියේ ටියුරින් නගරයේ වර්ෂ 1578 පටන් ස්ථාපනය කර තිබෙන පොදුවේ "ටියුරින් සිරි සලුව" (Holy Shroud of Turin) යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති, කතෝලික බැතිමතුන් ක්‍රිස්තුන් වහන්සේගේ මියැදුණු ශරීරය එතීමට භාවිතා කර ඇතැයි ගෞරවාදරයෙන් සිහිපත් කරන මෙම අඩි 14.43 ක් දිග අඩි 3.6 ක් පළල සළුව පිළිබඳව නැවතත් මතකය අපිද කරගන්නට කාලය එළැඹ ඇති බව මගේ අදහසයි. මෙම ලිපියේ අරමුණ මෙම සිරි සළුවේ ඉතිහාසය සැකෙවින් ඉදිරිපත් කිරීමත් සිරි සළුවේ දර්ශනය වන රූපය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කිරීමත්, අවසානයේ මෙකී සිරි සළුව පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ විශේෂ ආකාරයෙන් මේ වන විට එම සිරි සළුව ගැන දරන විද්‍යාත්මක මතය ගෙන හැර පෑමත්‍ ය.

සිරි සලුවේ ඉතිහාසය

මෙම සළුව පිළිබඳ ලිඛිත සදහනක් මතුවන්නේ 14 වන ශතවර්ෂයේ ප්‍රංශයෙනි. පැහැදිලිව කිවහොත් ක්‍රිස්තු වර්ෂ 1356 ලිරේ නැමැති කුඩා ගම්මානයේ දී මෙම සිරි සළුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කරනු ලැබීය. මේ වකවානුව තුළ පාප් වහන්සේ ද වැඩ සිටියේ රෝමයේ නොව ප්‍රංශයේ ඇවිග්නන් නුවර වීමද විශේෂත්වයකි. පසුකාලීනව මෙම සිරි සළුව ක්‍රිස්තු වර්ෂ 578 දී ටියුරින් නුවරට ගෙන එන ලදුව අද දක්වා එහි තබා තිබේ. එහෙත් ක්‍රි.ව. 1356 දී ප්‍රංශයේදී මෙම සිරි සළුව ප්‍රදර්ශනය වීමට ප්‍රථමයෙන් ජේසුස් වහන්සේගේ ශරීරය එතීමට භාවිතා කළ සළුවක් පිළිබඳ ක්‍රිස්තු වර්ෂ 33 දී පමණ පෙරදිනක සභාවේ එඩෙස්සා නමැති නගරයෙන් අසන්නට ලැබේ.

ශු. තෝමස් සහ ශු. ජුඩ් තද්දේයුස් යන මුනිවරුන් සමග මෙම සිරි සලුව තිබුණු බව මෙම පුරාවෘත්තයේ සඳහන් වෙයි. ක්‍රි.ව. 544 දි එඩෙස්සා නගරයේ දොරටුව අසබඩ දී එම සිරි සළුව සොයාගත් බව සඳහන් වෙයි. සම්පූරණයෙන් සම්බන්ධ කළ නොහැකි වුවත් ක්‍රිස්තු වර්ෂ 544 දී සඳහන් වන මෙම සළුවත් 1356 දී ප්‍රංශයේ දී ප්‍රදර්ශනය කරන ලද සළුවත් එකම විය හැකි බවට පිළිගත හැකි සාධක ඇත. ටියුරින් සිරි සළුවේ ඇති මල් රේණු, දුහුවිලි අංශු, වැලි අංශු, මේ සඳහා සාක්ෂි දරති. කෙසේ වෙතත් අද ටියුරින් නුවර තැන්පත් කර තිබෙන සිරි සළුව විවිධ විපත්ති සහ වෙනස්කම් වලට භාජනය වීමෙන් අනතුරුව ඉතිරිව ඇති සංරක්ෂක සිරි සළුවයි. ප්‍රථම ශතවර්ෂයේ පලස්තීනයේ සිට යුරෝපයට පැමිණීමත් යුරෝපය තුළ සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් නිසා මෙම සිරි සළුවට පිළිසකර කළ නොහැකි අලාභානි සිදු ව ඇත.

ක්‍රිස්තු වර්ෂ 1578 දී සිරි සළුව ඉතාලියේ ටියුරින්  නුවරට පැමිණියද එය වර්තමානයේ ස්ථාපනය කර ඇති ශු. ස්නාවක ජුවාම් දුවෝමෝ සිද්ධස්ථානයට සම්බන්ධ විශේෂ කුටියේ ස්ථාපනය කරන ලද්දේ 1665 දීය. සිරි සලුව ප්‍රංශයේ තිබියදී ක්‍රිස්තු වර්ෂ 1532 දෙසැම්බර් 24 වන දින එය ස්ථානය කර තිබූ චෙම්බරි දේවස්ථානයේ ඇති ඇතිවූ හදිසි ගින්නකින් සිරි සළුවට අලාබභානි සිදු විය. පසුව මෙම සළුවේ පිලිස්සුනු කොටස් 1537 දී දිළිඳු ක්ලේයාර් පැවිදි සොයුරියන් විසින් පිළිසකර කරන ලදී.

සිරි සළුවේ ඇති මනුෂ්‍ය රූපය තුළින් දැනගත හැකි කරුණු

ටියුරින් සිරි සළුවේ සටහන් ව ඇති රූපය නෙගටිව් වර්ගයක් බව පළමුවෙන්ම සඳහන් කිරීම වටී. වර්ගයේ කැමරාවකින් පින්තූරයක් ගත්විට එය කැමරා පටයට සටන් වන්නේ නෙගටිව් පින්තූරයක් ලෙසිනි. එම නෙගටිව් පින්තූරය අනුසාරයෙන් අප ඇසට සාමාන්‍ය පාට හා හැඩතල ඇති පොසිටිව් පින්තූරයක් නිපදවාගත හැකිය. එහෙත් කාගෙත් පුදුමයකට මෙන් සිරි සළුවේ ඇති රූපය නෙගටිව් ගණයට අයත් රූපයකි . මෙම සිරි සළුව පළමුවරට කැමරා ශිල්පියකු විසින් රූපගත කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1898 වර්ෂයේ දී ය. ඉන්පසු කාලීනව නැවතත් ක්‍රිස්තු වර්ෂ 1978 දීත්, ක්‍රිස්තු වර්ෂ 2002 දීත් එම රූපය රූපගත කරන ලදී. මේ හැම අවස්ථාවකදීම කැමරා පටයට පටයට සටහන් වූයේ positive රූපයක් ලෙසිනි. එසේ වීමට ගන්නා පින්තූර නෙගටිව් පින්තූරයක් විය යුතුය. මේ සිදුවුයේ කෙසේද ඒ ගැන පසුව සාකච්චා කරමි. ඊට ප්‍රථමයෙන් මෙම සිරි සලුවේ දක්නට ඇති රූපය නවීන තාක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව අපට දැකගත හැකි කරුණු මොනවාදැයි සමීක්ෂණය කිරීමට කැමැත්තෙමි.

  1. සිරි සළුවේ ඇති රූපය අඩි 5 යි අඟල් 11 ක් උසැති පිරිමි රූපයකි. එය නිරුවත් පිරිමි රූපයකි. රෝම නීතියට අනුව කුරුසගත කරන අපරාධකාරයකු පත් වන්නේ නිරුවතිනි.
  2. සිරි සළුවේ දැක්වෙන පුද්ගලයා කුරුසගත කර ඇත්තේ වළලුකර හරහා ගසන ලද ඇණ දෙකකිනි. නමුත් පිංතාරු  කරුවන් ශතවර්ෂ ගණනාවක් ම ජේසුස් වහන්සේ දෙපතුල හරහා කුරුසියෙහි ඇණ ගසන ලද බව පෙන්වා දී ඇත. අද වර්තමානය පුරාවිද්‍යාත්මකව සහතික කරන ලද තොරතුරු ඔවුන් සතුව නොතිබීම එයට විශාලතම හේතුවයි. නමුත් එකී පුරාවිද්‍යාත්මක තොරතුරු සනාථ කරමින් සිරි සළුවේ ඇති රූපය වළලූකර හරහා කුරුසපත් වීමක් පෙන්නුම් කරයි.
  3. සිරි සළුවේ ඇති පිරිමි මිනිස් රුව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි සාමාන්‍ය මනුෂ්‍ය රූපයක් අංග සලකුණු නිවැරදිව පෙන්නුම් කරයි.
  4. සිරි සළුවේ බොහෝ තැන් මිනිස් රුධිරයේ පෙගී ගොස් ඇත. මෙම රුධිර සළුවේ රෙදිවලට උරාගෙන එය දෙපැත්තෙන්ම පෙනෙන ලෙස විනිවිද ගොස් ඇත. නමුත් සළුවේ සටහන් රූපය රෙදි කඩේ මතුපිට පමණක් සටහන්ව ඇත. කිසිදු ලෙසකින් එම රූපයේ කිසිදු කොටසක් රෙදිකඩේ අනික් පිට දක්වා විනිවිද ගොස් නැත. අඳින ලද්දක් නම් අනිවාර්යෙන්ම එහිදී රෙදිකඩ විනිවිද යමින් අනිත් පැත්තෙන් හෝ අඩු වශයෙන් රෙදි කඩ අභ්‍යන්තරයට උරා තිබිය යුතුය. නමුත් මෙම රූප සම්පූර්ණයෙන්ම රෙදි කඩේ මුහුණත පමණක් සටහන්ව තිබීම විශේෂත්වයකි.
  5. මෙහි ඇති රූපය කුරුසපත්වී ඇති ආකාරය බයිබලයේ සඳහන් වන ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසපත් වීමට සමාන කමක් උසුලයි. පිට හරහා වුනු තුවාල 120 ක් රූපයෙන් පිළිබිඹු වෙයි. මේ ක්‍රිස්තුස් වහන්සේට දුන් කසපහර වලට සමානය. ශරීරයේ ඉදිරි දකුණු ඇලයේ ගැඹුරු තුවාලයකින් ලේ වහනය වූ බවත් එසේ වී ඇත්තේ මරණින් පසුව බවත් පැහැදිලි ලෙස හඳුනාගෙන ඇත. මෙය මරණින් පසුව ක්‍රිස්තුත් වහන්සේගේ ඇලය පසාරු කිරීමට සමානය. රූපයේ හිස ආශ්‍රිතව කටු වලින්  ඇති කළ හැකි වර්ගය තුවාල නිරීක්ෂණය කරගත හැකිය. මෙය ක්‍රිස්තුන් වහන්සේට පැළඳුව කටු ඔටුන්නෙන් වු තුවාල සිහිපත් කරයි. තවද සළුවේ ඇති රූපයේ ඇති පුද්ගලයාගේ දෙපා බිඳි නොමැත. මෙයද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත්වීම සිහිපත් කරයි.
  6. රූපයේ රැවුල සහ කොණ්ඩය සකස් වී ඇති ආකාරය  මුල් කාලීන පලස්තීනුවකුගේ රැවුල සහ කොණ්ඩයට සමානකම් කියයි. රූපය උපයෝගී කරගෙන කරන ලෙස මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් වන ලෙස රූපය ඇති පුද්ගලයාගේ මුහුණ විවිධ හේතු නිසා තුවාල වී ඇති රූපයකි. පුද්ගලයාගේ මුහුණට පහරදී ඇත. කම්මුලක් ඉදිමී ඇත. එක් ඇසක් කලු වී ඇත. බිම වැටීමකදී ඇති වන්නා සේ නාසය තැලී පිපිරි ඇත.
  7. උරහිස් දෙකෙහිම දැඩි ඉදිමීම් ඇත. යම් රළු සහ බර දෙයක් උරහිසින් දරා ගිය බව පැවසිය හැකිය. එක් දණහිසක රළු තුවාලයක් ඇත. විලුඹවල් හරහා එක් ඇණයකින් පසාරු කර ඇත. එහිදී ඇතිවුන ලේ ගැලීමක රුධිර සලකුණු සැලුවේ දෙපා අසල එකතු වී ඇත. එම නිසා මෙම රූපය වද දී සාහසික ලෙස මරා දමන ලද කුරුසපත් පුද්ගලයෙකුගේ බව පැහැදිලිව සනාථ කළ හැකිය. මේවා මෙම සළුවේ සටහන් ව ඇති පුද්ගලයා පිළිබඳ විශේෂඥ මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන්ව ඇති කරුණුයි.
  8. සිරි සළුවේ සටහන් ව ඇති මිනිස් රූප පුදුමාකාර ලෙස ත්‍රිමාණ රූපයක් පෙන්නුම් කරයි. ( 3 dimensional image) බොහෝ විද්‍යාඥයින් මෙය සළුව ඔතා තිබූ පුද්ගලයාගේ ශරීරයෙන් නික්මුණු රශ්මි අනුරාවකින් ඇතිවුණු රූපයක් ලෙස පැහැදිලි කළ ද ඒ සම්පූර්ණයෙන් හා නිශ්චිතව පැහැදිලි කිරීමට මෙතෙක් කිසිවෙකුට හැකි වී නැත. එවැනි තාක්ෂණයක් යොදා ගනිමින් වෙනත් රෙදි කඩවල් වලට රූපයක් ජායාගත කිරීමට ගත් උත්සාහයක් තුළින් සිරි සළුවේ ඇති ලෙසට ත්‍රිමාණ රූපයක් ගැනීමට අපොහොසත් වී ඇත.
  9. සිරි සළුවේ සටහන් ව ඇති රූපය සම්බන්ධව කිසිදු තීන්ත ආලේපනයක් දැකිය නොහැක. ඕනම තීන්තයකින් කරන ලද රූපයක තීන්ත වලට අනුකූල පැහැදිලිව විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ප්‍රෝටීන් කාරක අඩංගු විය යුතුය. නමුත් සළුවේ ඇති රූපයේ එවැනි කිසිදු ප්‍රෝටීන් කාරකයක් නැතිවීම මෙය අදින ලද රූපයක් නොවන බව පැහැදිලි කරයි.
  10. සිරි සළුවේ ඇති රූපයේ පාද අසල එකතු වී ඇති දූහුවිලි  දුර්ලබ ගණයේ කැල්සියම් කාබනේට් වලින් සමන්විතය. ජෙරුසෙලමේ එකෝල් බිබ්ලීක් සොහොන් ගෙවල් අසලින් ගත් දූවිලි අංශු සාම්පල වලට එය බෙහෙවින් සමානකම් දැක්වීම විශේෂයෙකි.
  11. මල් රේණු වර්ග 58 ක් සිරිසළුව ආශ්‍රිතව සොයාගෙන ඇත. මින් වර්ග 11ක් යුරෝපයේ දක්නට නොමැත. නමුත් සුළු ආසියානු රටවල මෙම මල් රේණු දක්නට ඇත. තවද මින් වර්ග 2ක් ජෙරුසෙලමේ ආසන්න වැවෙන ශාක වලට අයත් වීමද විශේෂත්වයකි. මින් පැහැදිලි වන්නේ සිරි සළුව පලස්තීනයේ ආරම්භ වූ බවය.

කාබන් 14 පරීක්ෂණය

1958 දී සිරිසළුවේ රූපයට අයත් නොවන ඊට පහලින් ඇති රෙදි කඩක් sample කරගනිමින් පිළිගත් විද්‍යාගාර තුනක සිරි සළුවේ වයස සෙවීමට රේඩියෝ කාබන් 14 පරීක්ෂණය කරන ලදී .මේකේ විද්‍යාගාර තුනම මෙම සිරි සළුවේ සාම්පලය ක්‍රි.ව 1260 සිට 1390 වකවානුවට අයිති බව නිගමනය කළහ. සිරි සළුව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රාණ රහිත ශරීරය ඔතන ලද සළුව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රාණ රහිත අනාවරණය මරු පහරක් ම විය. සභාවද මෙම විද්‍යාත්මක අනාවරණය පිළිගත් අතර තවදුරටත් මෙම සිරි සළුව වන්දනාමාන කිරීම සඳහා සුදුසු බවද බවද ප්‍රකාශ කළාය.
කෙසේ වුවද ක්‍රිස්තු වර්ෂ 2003 දී පටන් මේකි කාබන් 14 පරීක්ෂණය ගැනත් සිරි සළුව ගැනත්  නැවත නැවතත් අලුත් තොරතුරු හෙළි වන්නට පටන් ගැනිනි. මින් ඉදිරිපත් වන කරුණු දෙකක් ගැන පමණක් අවධාරණය යොමු කරමි.

1532 දී සිරි සළුව ආශ්‍රිතව ඇතිවූ ගින්න නිසා සිරි සළුවේ මතුපිට වයස වෙනස් කිරීමට එය හේතු විය. තවද ශතවර්ෂ ගණනාවක් පුරා සිරි සළුව මතුපිට වර්ධනය වුණු බයෝප්ලාස්ටික් පොලිමර් වර්ගයක් නිසා කාබන් 14 පරීක්ෂණයේදී වැරදි දන්තයන් ඉදිරිපත් වු වගයි. කෙසේ වෙතත් කාබන් 14 පරීක්ෂණය ගැන විද්‍යාඥයින් විසින් විද්‍යාගාර තුනකදී කරන ලද පරීක්ෂණ වාර්තාව වැරදි බව බොහෝ විද්‍යාඥයෝ පිළිනොගනති. එම නිසා ඔවුන්ට ලබා දුන් සිරි සළුවේ සාම්පලය සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කරන ලද දත්ත නිවැරදි බව අපට පිළිගැනීමට සිදුවේ.

2005 ජනවාරි මාසයේ රේමන්ඩ් එන්.රොජර්ස් නමැති විද්‍යාඥයා " තේරිමෝකීමිකා අත්තා" නමැති විද්‍යාඥයන් අතර පමණක් පරිහරණය වන සඟරාවට සපයන ලද ලිපියක් සමග 1988 දී කරන ලද රේඩියෝ කාබන් දාහතර 14 පරීක්ෂණය ගැන තව සොයාගැනීමක් එළිදරව් විය. ඔහු පවසන ලෙස පරීක්ෂණයෙන් නිවැරදි වුවත් පරීක්ෂණය සඳහා භාවිතා කරන ලද සාම්පලය නිවැරදි නොවන බව ය. එනම් එම සාම්පලය සිරිසලුවේ වෙනස්කම් වලට භාජනය කරන ලද කොටසකින් ගත් සාම්පලයක් බවයි. සිරි සළුවට ඉතිහාසය පුරා සිදුවුණු අලාබහානි නිසා එය විවිධ වකවානුවල පිළිසකර කරන ලදී. මෙසේ පිළිසකර කරන ලද කොටසකින් ගත් සාම්පලයක් නිසා කාබන් පරීක්ෂණ නියමාකාරව කර ඇතත් එහි දත්ත සිරි සළුවේ වයස සඳහා යොදාගත නොහැකි බව හෝ තම ලිපියෙන් ඉදිරිපත් කර ඇත. අපිට නැගෙන නිර්ව්‍යජ ප්‍රශ්නය නම් විද්‍යාඥයන්ට පිළිසකර කරන ලද රෙදි කඩක් හඳුනා ගත නොහැකිද යන්නයි. රොජර්ස්සඳහන් කරන්නේ සිරි සළුවේ පැහැදිලිවම දක්නට ඇති එයටම මසා ඇති රෙදි කඩවල් ගැන නොවේ.

ඔහු පවසන්නේ මධ්‍යතන යුගයේ භාවිතා කරන ලද ඇසට නොපෙනෙන සූක්ෂම පිළිසකර කිරීමක් ගැනය. මධ්‍යතන යුගයේදී සිරි සළුවේ සම්බන්ධව කරන ලද (එයටම යාවන සේ කරන ලද) පිළිසකර කිරිමකදි සිරි සළුවට එකතු වන වෙනත් මූලාශ්‍රයන් නිසා රේඩියෝ කාබන් 14 පරීක්ෂණ සම්පූර්ණ සළුව ගැන නිවැරදි දන්තයන් ඉදිරිපත් කිරීමට අපහසු වී ඇති බව එම විද්‍යාත්මක වාර්තාව පෙන්නුම් කරයි. පරීක්ෂණයට භාජනය කරන ලද සාම්පල ඇති රසායනික සංයුතිය තුළ සිරි සළුවේ වෙනත් පෙදෙස් වල නොමැති රසායනික මැලියම් සංයුතියක් දක්නට ඇති බවත් එම සංයුක්තව රෙදි විවීම සඳහා මධ්‍යතන යුගයේ බෙහෙවින් භාවිතා කරන ලද යම් සංයුතියක් බවත් පෙන්වා දෙයි. එම නිසා 1988 දි කරන ලද රේඩියෝ කාබන් දාහතර වාර්තාවට අනුව දක්වන දත්තයන්ට වඩා අඩුම වශයෙන් තවත් අවුරුදු 700, 800 වත් රෙදිකඩ  පැරැණි බව එම වාර්තාව නිගමනය කරයි.

ටියුරින්හි සිරි සළුව ක්‍රිස්තුස් වහන්සේගේ ද?

ඉතිහාසය පුරාවටම විද්‍යාඥ ටියුරින් සලුව පිළිබඳ විවිධ මත දරති. අද වන විටත් එහි වෙනසක් නොමැත. 1988 දී කරන ලද රේඩියෝ කාබන් 14 පරීක්ෂණය නිල වශයෙන් සභාව පිළිගත්තද සිරි සැලුවේ දේව භක්තිය වඩවන සලකුණක් ලෙස දිගටම පවත්නා බව පැවසීය. එනමුදු මේ වන විට එකී රේඩියෝ කාබන් දාහතර පරීක්ෂණයෙ දත්තයන් පිළිබඳවත් ඉතා බරපතළ විද්‍යාත්මක ගැටලු ඉදිරිපත් වී ඇත. මේකී මත අනුව නීති මෙම සිරි සළුව වසර 2000ක් පමණ පැරණි විය හැකිය්. සිරි සළුවේ දැක්වෙන පිරිමි මළසිරුරත්, එම සිරුරේ නෙගටිව්  වර්ගයේ රූපයක් සිරි සළුවේ සටහන් වී තිබීමත්, එම රූප ආශ්‍රිතව විද්‍යාත්මකව නිවැරදියි නිරික්ෂණය කළ හැකි දේත් නිසා මේකී සිරි සළුවේ ඔතා තිබූ පුද්ගලයා පිළිබඳව අපට යම් නිගමන වලට එළඹිය හැකිය.

මෙකී දත්තයන් ශුද්ධ බයිබලය තුළ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ඉදිරිපත් කරන දත්තයන් හා සංසන්දනය කිරීමේ දී (විශේෂයෙන් දුක් විඳීම හා මරණය) ඒවා අතර පුදුමාකාර සමාන කමක් උසුලයි. මෙවැනි රූපයක් අති නවීන තාක්ෂණය උපයෝගී කරගෙනත් පරිනිර්මාණය කිරීමට අපොහොසත් වීමෙන් පෙනී යන්නේ මෙම රූපය මනුෂ්‍ය දෙකක ක්‍රියාවක් නොවන බවය. තවද මෙකී සිරිසලුවේ කාන්දු වී ඇති ඊ පොසිටිව් වර්ගයේ රුධිරය ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ වෙනත් ප්‍රාතිහාර්යයන් (විශේෂයෙන් ඉතාලියේ ලන්සියාතෝහි දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය) හා සමඟ එකඟ වෙයි. මේ හැම කරුණක්ම සැලකිල්ලට ගැනීමේදී මේකි සිරි සළුව ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ඔතන ලද සළුව බව විශ්වාස නොකිරීමට හේතුවක් නොමැත.

✒️ගරු බී.ඒ. ශිරාන් පියතුමා විසිනි
බොවොලෝනේ ඉතාලිය
Copyright :-   Catholicism of Ceylon - ලාංකික කතෝලිකයෝ