ශුද්ධ වූ ත්‍රීත්වික පැවැත්මේ අභිරහස

ශුද්ධ වූ ත්‍රීත්වික පැවැත්මේ අභිරහස
Photo by Hanbyul Jeong / Unsplash
”ක්‍රිස්තියානී ජීවිතයේ සහ විශ්වාසයේ කේන්ද්‍රීය අභිරහස, ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ අභිරහසයි“

(කතෝලික සභා ධර්මෝපදේශය — 234 වන වගන්තිය)

එනම් , කතෝලික අපගේ මූලිකත්වය හෙවත් මුදුන් මුල වන්නේද ශුද්ධවූ ත්‍රිත්වයයි ( Holy Trinity ) . අප , එය වැරදි ලෙස වටහාගන්නේ නම් හෝ අර්ථකතනය කරගන්නේ නම් අනෙක් සියල්ලක්ම අපැහැදිලි වී විකෘතිභාවයට පත් වේ. සැබවින්ම ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස ” දෙවියන් වහන්සේ විසින් ඔවුන් වහන්සේම තුළම ක්‍රියාකරන අභිරහසකි. ” එබැවින් එය තේරුම් ගැනීමට බැහැපත්කම හා නිහතමානීකම අත්‍යාවශ්‍ය වේ.


අභිරහසක් ( A mystery ) , කියූ පමනින්ම , එය කිසිදිනක හෙළිනොවන රහසක් බව සුප්‍රකට කරුණකි. නමුත් ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස , අප නොදන්නා දෙයක් නොව , අනන්තලෙස හෙවත් අසීමිතලෙස ( Infinitely ) දන්නා දෙයකි. ලෞකිකභාවයෙන් ගතහොත් එය සත්‍ය නොවිය හැකියැයි කිවහැක , නමුත් එය දෙවියන් වහන්සේ තුළ පවතී. එහෙත් , සැබවින්ම අපට යම් දෙයක් තේරුම් ගත නොහැකි වුවහොත් ඉන් අදහස් වන්නේ එය නොමැති බව හෝ ඒ පිළිබඳ අපට වැරදියට වටහා ගැනීම නොව , එය වඩාත් තේරුම්ගත යුතු බවයි.


උදාහරණයක් ලෙස , මෙතෙක් ජීවත් වූ වඩාත් අභිරහස්මක පුද්ගලයා ජේසුස් වහන්සේය , නමුත් , ” ජේසුස් වහන්සේ කාන්තාවක් බව හෝ ජුදෙව්වෙකු නොවේ යැයි ” කියන පුද්ගලයෙකු නිවැරදි කිරීම, අපගේ බැහැපත්කමේ හිඟතාවය හෙළි නොකරයි.


ශුද්ධ වූ ත්‍රිත්වය යනූ , ” ඇදහිල්ලේ සත්‍යයතාවන්ගේ ධූරාවලිය තුළ ඇති අග්‍රමූලික හා අත්‍යාවශ්‍යතම ඉගැන්වීමයි ” එබැවින් අප ත්‍රිත්වයාණෝ පිළිබඳ හැදෑරීමේදී මෙම දුර්මත ඉවත් කළ යුතුයි. විශේෂයෙන්ම , ත්‍රිත්වයාණෝ පිළිබඳ ඇති මිත්‍යාදෘෂ්ටික වේදභේදයන් වලට එරෙහි වෙමින් , ඒකීය තැනැන්වහන්සේගේ සත්‍යතාවය හෙළි කළ යුතුයි.
එබැවින් ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ දී , වැරදි උදාහරණ හෝ වැරදි අදහස් බෙදා නොගත යුතුයි. පහත දැක්වෙන්නේ , අප එසේ , ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ දරණ වැරදි අදහස් කිහිපයකි.


ශුද්ධ වූ ත්‍රිත්වය යනූ , යම් පුද්ගලයෙකුට එකවරම ; පුතෙකු , පියෙකු හා මාමා කෙනෙකු විය හැක්කේ කෙසේ ද යන්න මත ගොඩනැගුණු , මූලධර්මයකි.
සැබැවින්ම මෙසේ විය නොහැක; මන්ද , මෙම මූලධර්මය මඟින් න්‍යායවාදීය මිත්‍යාදෘශ්ටිය ( Modalism ) ඇති කරවයි. න්‍යායවාදය ( Modalism ) යනූ , දෙවියන් වහන්සේ ආකාර තුනකින් හෙළි වූ ඒකාධිපති පුද්ගලයෙක් යන අසත්‍ය විශ්වාසයයි.


එක් පුද්ගලයෙකුට එක්වරම; පියෙකු , පුතෙකු හා මාමා කෙනෙකු විය හැකි නමුත්, ඔහු දෙවියන් වහන්සේ මෙන් තැනැන්වහන්සේලා තුන් දෙනෙකු නොව , එය එම පුද්ගලයාට දුන් ” පදවිනාම ” තුනක් ඇති එක් පුද්ගලයකි.


තවත් ජනප්‍රිය නමුත්, ව්‍යාජ ත්‍රිත්වික මූලධර්මයක් වන්නේ , ශුද්ධ වූ ත්‍රිත්වය යනූ , පදාර්ථයේ අවස්ථා තුන වන ” ඝන , ද්‍රව , වායූ ” ආකාරයෙන් පවතින බවයි. මෙය නැවතත් න්‍යායවාදය ඉස්මතු කරවයි. එනම් , දෙවියන් වහන්සේ , තත්වයන් තුනක් හරහා ගමන් නොකරයි. ශුද්ධ වූ ත්‍රිත්වය තුළ ඇත්තේ සම-පැවැත්ම ( Co-existence ) කි. එසේ නම් , ජලයට විවිධ ස්වරූපයන් ගත නොහැකිය; ඇත්තේ එකකි , ජලයට එක්වරම ඝන, ද්‍රව, වායූ යන අවස්ථා තුනෙහි පැවතිය නොහැකිය එබැවින් ඝන තත්වය ( අයිස් ) දිය වන විට එය අදියර දෙකක් යටතේ සිදුවන නමුත් , එහි සම-පැවැත්මක් නැත; එය එක්තරා ආකාරයේ වෙනස්වීමක්. ශුද්ධ වූ ත්‍රිත්වය යනූ , ත්‍රිපත්‍රී ශාක පත්‍රයක් වැනි බව; මෙය ත්‍රිත්වදේවවාදය ( Tritheism ) සමඟ බැඳී පවතී.


☘ ත්‍රිත්වදේවවාදය ( Tritheism ) යනූ , දෙවියන්වහන්සේගේ ස්වභාවය කොටස් තුනකට බෙදා වෙන්කරමින් , දෙවිවරුන් තුන් දෙනෙකු සිටින බව ප්‍රකාශකිරීමේ වේදභේදයකි.


ත්‍රිපත්‍රී ශාකපත්‍රයක ( “ඇඹුල් ඇඹලිය ” වැනි ) වෙනම පත්‍ර තුනක් ඇත. එහෙත් , මැද පත්‍රය , අනෙක් පත්‍ර හා ඒකීය ( Same ) ස්වාභාවයකින් යුක්ත නොවන නමුත් සමරූපී ( Similar ) ස්වාභාවයක් ගනී එහිදී , ත්‍රිත්වයේ සෑම සාමාජිකයෙක්ම එහි ඇති ඒකීය ස්වාභාවය කොටස් තුනකට බෙදා ගනිමින් එහි පවතුණත් මෙහි, ඇති ප්‍රධානම දෙය නම් , ” දෙවියන් වහන්සේ ” යන විශේෂයට ( Species ) අයත් ” පුද්ගලයන් තිදෙනෙකු එම ස්වාභාවය බෙදාගනිමින් ඒ තුළ හැසිරීම ” අප විශ්වාස නොකරන බව වටහා ගැනීමයි.

පියාණන් වහන්සේ යනූ පුත්‍රයාණන් වහන්සේය; පුත්‍රයාණන් වහන්සේ යනූ ශුද්ධාත්මයාණන් වහන්සේය; එනම් , ශුද්ධ වූ ත්‍රිත්වයාණෝ , එහි අනන්ත ස්වභාවයෙන්ම එකම දෙවියන් වහන්සේ බවයි.


ශුද්ධ වූ ත්‍රිත්වය බිත්තරයකට සමාන කිරීම; කහ මදය, සුදු මදය හා බිත්තර කටුව
මෙම මූලධර්මය , ත්‍රිපත්‍රී ශාක පත්‍රික මූලධර්මය හා සමාන ව්‍යාජ පැහැදිලි කිරීමකි. බිත්තර එකක් වන අතර එයට ද්‍රව්‍ය තුනක් ( කහ මදය, සුදු මදය හා බිත්තර කටුව ) ඇත. සැබවින්ම මේ සැමදෙයක්ම එකිනකට වෙනස් ය. බිත්තර කටුව , කහ මදයට හාත්පසින්ම වෙනස් ය , මෙමඟින් ත්‍රිත්වය පිළිබඳව පැහැදිලි කිරීම එය විකෘති කිරීමකි; හාස්‍ය උපදවන කරුණකි.


සැබවින්ම ශුද්ධ වූ ත්‍රිත්වය පැහැදිලි කිරීමට ලෞකික ද්‍රව්‍යයන් යොදා ගැනීම හාස්‍යයට කරුණකි, ඒ මන්දයත් , දෙවියන් වහන්සේ විසින් මවා වඳාළ ද්‍රව්‍යාත්මක නිර්මාණයක් උන්වහන්සේවම පැහැදිලි කිරීමට කෙසේ උපකාරී කරගනිම් ද ??එසේ නම් අපට ශුද්ධ වූ ත්‍රිත්වයාණෝ පිළිබඳ පැහැදිලි කළ හැක්කේ කෙසේ ද ? ඒ සඳහා විවිධ සාදෘශ්‍යික ( analogic ) ක්‍රමයන් ඇතත් ඒවා දේව ධාර්මික ශ්‍රේෂ්ඨයන් සඳහා සීමා වී ඇති අතර සමහරක් ක්‍රමයයන් අපගේ බුද්ධියට පහසුවෙන් ග්‍රහණය කර ගත නොහැකිය. එහෙයින් පහත සඳහන් ” ක්‍රමයයන් ” ත්‍රිත්වයාණෝ පිළිබඳ යම් අදහසක් ගැනීමට අපට පහසුම මාර්ගය සපයයි.

පැවැත්ම හා පුද්ගලයා පිළිබඳ සංවාදය ( Being and person )

මම 🔜 ශෙහාන්; , පුද්ගලයෙක් යනූ කුමක් ද ??

🧣 ශෙහාන් 🔜මම දන්නේ නැහැ


මම 🔜 ” පුද්ගලයෙක් ” යනූ ” මම ” යැයි පැවසිය හැකි අයෙකි; එබැවින් පිළිමයක් යනූ පුද්ගලයෙක් ද ?


🧣 ශෙහාන් 🔜 නැහැ


මම 🔜 ඉතිම් පිළිම වැනි හෝ එලෙස සෑදූ සමහර දේවල් තිබෙනවා ඒවා පුද්ගලයන් නොවේ , මම හරි ද ?


🧣 ශෙහාන් 🔜 හරී


මම 🔜 ඔබ ගැන කුමක් කිව හැකිද ? ඔබ පුද්ගලයෙක් ද ?

🧣ශෙහාන්🔜 ඔව්

මම🔜 හරී , එසේනම් , පිළිමයක් යනූ ජීවය රහිත පැවැත්මකි. ඔබ , ඒක පුද්ගල ජීවියෙකි. දෙවියන් වහන්සේ යනූ එකම ජීවයක් හා පැවැත්මක් සහිත තැනැන්වහන්සේලා තුන්දෙනෙකි.

අතනාසියානු විශ්වාස ලක්ෂණය(Athanasian Creed)

ත්‍රිත්වයාණන්ගේ ඒකත්වයෙන් අපි එකම දෙවියන් වහන්සේට වන්දනා කරමූ. තැනැන්වහන්සේලා ව්‍යාකූල කිරීමක් හෝ උන්වහන්සේලාගේ භවත්වයට භේද වීමක් නැත්තේය, මක්නිසාද පියාණන් වහන්සේ ද , පුත්‍රයාණන් වහන්සේ ද , ශුද්ධාත්මයාණන් වහන්සේ ද , එකම තැනැන්වහන්සේම ය , එසේම , පියාණන් වහන්සේ තුළ ද , පුත්‍රයාණන් වහන්සේ තුළ ද , ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ද , එකම දේවත්වයක් , එකම මහිමයක් , සම-සදාකාලික වූ එකම තේජශ්‍රීයක් ඇත්තාහ.
එමෙන්ම , පියාණන් වහන්සේ , උන්වහන්සේම ද , පුත්‍රයාණන් වහන්සේ උන්වහන්සේම ද , ශුද්ධාත්මයාණන් වහන්සේ උන්වහන්සේම ද , වන සේ තැනැන්වහන්සේලා , තැනැන්වහන්සේලාම වන්නාහ. පියාණන් වහන්සේ ද , පුත්‍රයාණන් වහන්සේ ද , ශුද්ධාත්මයාණන් වහන්සේ ද , මවනූ නොලැබූ සේක, එමෙන්ම , පියාණන් වහන්සේ ද , පුත්‍රයාණන් වහන්සේ ද , ශුද්ධාත්මයාණන් වහන්සේ ද , බුද්ධිගෝචර නොවන සේක. පියාණන් වහන්සේ ද සදාකාලික ය, පුත්‍රයාණන් වහන්සේ ද සදාකාලික ය, ශුද්ධාත්මයාණන් වහන්සේ ද සදාකාලික ය, ඔවුන් වහන්සේලා කාලයන් තුනක නොපැවත එකම කාලයක දී , ඒක-සදාකාලික වන්නාහ.


එසේම , තිදෙනෙකු මවනූ නොලැබීය , තිදෙනෙකූ බුද්ධි ගෝචර නොවීය නමුදු , එක් අයකු මවනූ නොලැබීය , එක් අයෙකු බුද්ධි ගෝචර නොවීය. පියාණන් වහන්සේ සර්වබලධාරී වන්නාහ, පුත්‍රයාණන් වහන්සේ ද සර්වබලධාරී වන්නාහ, ශුද්ධාත්මයාණන් වහන්සේ ද සර්වබලධාරී වන්නාහ. එමෙන්ම , ඔවුන්වහන්සේලා සර්වබලධාරී දෙවියන් වහන්සේලා තිදෙනෙකු නොව එක් අයෙකි. එබැවින් , පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ ද , පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේ ද , ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ ද වන්නාහ එසේම පියාණන් වහන්සේ සමිඳාණන් වහන්සේ ද, පුත්‍රයාණන් වහන්සේ සමිඳාණන් වහන්සේ ද, ශුද්ධාත්මයාණන් වහන්සේ සමිඳාණන් වහන්සේ ද වන්නාහ , නමුත් එහි ඇත්තේ සමිඳාණන් වහන්සේලා එක් අයෙකු මිසක තිදෙනෙකු නොවේ.


මක්නිසාදයත් , සෑම පුද්ගලයෙකුම , කිතුණු සත්‍ය තුළින් අපගේ සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේව පිළිගැනීමට මෙන්ම අප ඒ සඳහා සාක්ෂි දැරීමට ද, අපගේ සභා මාතාව අපව යොමුකරන්නා නිසාවෙන් ද, දෙවියන් වහන්සේ ලා තිදෙනෙකු හෝ සමිඳාණන් වහන්සේලා තිදෙනෙකු නොව එක් අයෙකු පමණක් සිටින බව ද , කතෝලික සභා මාතාව අපට පසක් කරන්නීය. පියාණන් වහන්සේ කිසිවෙකූ මඟින් සාදනූ නොලැබී ය, මවනූ නොලැබී ය, ජනිත නොවීය, පුත්‍රයාණන් වහන්සේ ද , පියාණන් වහන්සේම ය, එමෙන්ම , සාදනූ නොලැබීය, මවනූ නොලැබීය, ජනිත නොවීය, එමෙන්ම ත්‍රිත්වයාණෝ ද , සාදනූ නොලැබීය , මවනූ නොලැබීය , ජනිත නොවීය නමුත් ක්‍රියා කරනු ලබන සේක.


එබැවින් , ඇත්තේ , පියාණන් වහන්සේලා තුන්දෙනකු නොව එකම පියාණන් වහන්සේය , ඇත්තේ , පුත්‍රයාණන් වහන්සේලා තුන්දෙනෙකු නොව එකම පුත්‍රයාණන් වහන්සේය , ඇත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේලා තුන්දෙනෙකු නොව එකම ශුද්ධාත්මයාණන් වහන්සේ ය, ත්‍රිත්වයාණෝ මෙන් කිසිවෙක් පෙරකලකවත් මතු කලකවත් නොසිටින්නෝය , උන්වහන්සේලා එකිනාකා අතර ශ්‍රේෂ්ඨත්වයේ වෙනසක් නැත්තාහ, නමුත් තැනැන්වහන්සේලා එකම භවත්වයක් තුළ සම-සදාකාලික ද , එකසමාන ද වන්නෝ ය, ඉහත කී ලෙස , ත්‍රිත්වයාණෝ එකම භවත්වයෙන් වන්දනාව ලැබිය යුත්තාහ, එබැවින් ගැළවීම ලබන්නට කැමති තැනැත්තා ශුද්ධ වූ ත්‍රිත්වයාණෝ පිළිබඳ විශ්වාස කළ යුතුම ය.


අවසාන වශයෙන් කියනවා , ත්‍රිත්වයාණෝ නිතැතින්ම අභිරහස්මකය , මන්ද , අපට ඇත්තේ අභිරහස්මක දෙවියන් වහන්සේ කෙනෙකි. ශුද්ධ වූ ත්‍රිත්වයේ අභිරහස තේරුම් ගැනීමට ඉතා අපහසු බව සැබෑය , එය තේරුම් ගැනීම පිළිල ශාකයක අග මුල සෙවීමක් වැනිය , කෙසේ වෙතත් ත්‍රිත්වයාණෝ පිළිබඳ කිසිවක් නොදැන සිටිනවාට වඩා මෙසේ හෝ දැනගැනීම අත්‍යාවශ්‍යය , මන්ද ගැළවීම පැමිණෙන්නේ , උන්වහන්සේගෙන්ය , ශුද්ධාත්මයාණන් වහන්සේ ඒ සඳහා අපව මෙහෙයවන සේක , එබැවින් , අප සැවොම ස්වර්ගයේදී හමුවන බලාපොරොත්තුවෙන් උන්වහන්සේ තුළ ජීවත් වන්න, හැසිරෙන්න, පවතින්න

අභිරස්මක ///
අභිරහස්මක ඔබ සම්මුඛයෙහි පෙනී සිටිමි ///
අභිරහස්මක ඔබ තුළ
මම ජීවත්වෙමි – හැසිරෙමි – පවතිමි
අභිරහස්මක ///

( කිතු දන පුබුදු ගීතිකා – 302 )

  • ශවීන් මෙන්ඩිස්