මැවිල්ල අතර උතුම්ම මැවිල්ල මිනිසා

මැවිල්ල අතර උතුම්ම මැවිල්ල මිනිසා

අපේ ජීවිතේ දිහා බලන්න.... ඔයාට ඔයාගේ ජීවිතේ එපා වෙනවා ඇති මේ දැනුත් ඔයා අරගලේක වෙන්නැති ඉන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ එපා වෙලා ඇති....

ඒත් වැටෙන්න එපා ජේසූ ඔයාව එව්වේ ඔයාගෙන් වටින දෙයක් මේ ලෝකෙට වෙන්න තියෙන නිසා...

බලන්න ජේසූ දිහා ජේසූ මේ ලෝකෙට එන්නේ පාපයෙන් අපව  ඈත් කර අපේ පව් වෙනුවෙන් ජේසූ බිලි පූජාවක් වෙන්න.. ඉතින් ජේසු අපි වෙනුවෙන් කුරුස පත් වෙලා අපි වෙනුවෙන් මරණයට පත් වෙනවා....

හරියට අපේ  ජිවිතේත් ඒ වගේ අපි මේ ලෝකෙට එන්නේ යම් කිසි කැදවීමක් මත සමහරක් විට තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න වෙන්න ඇති තවකෙනෙක්ට ඇහුම්කන් දෙන්න වෙන්නැති සමහරක් විට තව කෙනෙක්ගේ ආත්මයක් ජේසූ ලගට නිදහස් කරන්න වෙන්න ඇති . ඒ නිසා කවදාවත් හිතන්න එපා ඔයා වැඩකට නැති කෙනෙක් කියලා..මොකද ඔයා ගොඩක් වටින කෙනෙක්.ඔයා ගොඩක් උතුම් කෙනෙක් ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි

එදා අත හෝදන් පැත්තකට උන පිලාත් දැනන් හිටියා ජේසු කියන්නේ  ඇත්ත කියලා ඒත් ඔහු අත හෝදන් පැත්තකට උනා. එදා ජේසු ලගින්ම හිටපු පේදුරු ජේසුව දන්නෑ කිව්වා පේදුරු කොච්චර දැක්කද ජේසූ කරපූ ප්‍රාතිහාර්යන් , මුහුද මැද කරපු ප්‍රාතිහාර්ය පවා පේදුරු දැක්කා ජේසුට සමීව හිටපූ පේදුරුත් ජේසුව දන්නෑ කිව්වා පේදුරු බය උනා එයාට මොනාහරි සොල්දාදුවන් කරයි කියලා.....

ඉතින් පුතේ දුවේ කල්පනා කර බලන්න අපේ ජීවිතේත් මේ වගේ අපිට සමහරක් අවස්ථාව එනවා කොච්චර නිර්දෝශී උනත් අපිට ඒක ඔප්පු කරන්න නොහැකි වෙන අපි ළඟින් ඉන්න අය අපිව දාලා යන රිද්දන ජීවිතේ කලකිරෙන ඒත් වැටෙන්න එපා ජේසු වගේ වෙන්න හැමදේම දරාගන්න නිහතමානීව වෙන්න සමාව දෙන්න ඔවුන්ට.....

පුතේ ජේසු එක්ක යන් ගමනේ නොසෑහෙන්න අරගල එනවා ඒ ඔයාට පරික්ශා එන්නේ ඒත් නවතින්න එපා ඔයා ඒ ගමන යාච්ඤාවෙන් යන්න ජපමාලය කියන්න..... ඔයාගේ ජීවිතේ නොසැහෙන්න වෙනස් වෙයි පුතේ....... ජේසුත් එදා සොල්දාදුවන් අල්ලන් යන්න එනකොට දේව තාත්තා එක්ක කතා කර කර හිටියේ ඔයත් ප්‍රශ්න අරගල එනකොට ජේසුට ලං වෙන්න ජේසුට කතා කරන්න.

ජේසූ පිහිටයි

සටහන -: අචිනි ප්‍රේමින්දිනී ✍️

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව