නායක පූජකයා අසයි

නායක පූජකයා අසයි

ඔන්න දවසක් නායක පූජකයො ටිකයි ........ ප්‍රජා මූලිකයො ටිකයි ජේසුස්වහන්සේ ලගට එනවා ප්‍රශ්නයක් අහන්න. 😕

දන්නවා ද  මොකක් ද ඇහුවෙ කියලා   ❓

" ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරී බලයකින්ද ? මේ බලය ඔබට පැවරුවේ කවරෙක්ද ? "
කියලා තමයි මේ කට්ටිය ජේසුස්වහන්සේ ලගට ඇවිත් අහන්නෙ .
⁣ජේසු මේකට උත්තරයක් දුන්නා ද ❓

නෑ ......... නෑ ............. 😅 ජේසුස්වහන්සේ  ඒ අයට  මෙහෙම කියනවා. 👇
" මමත් ඔබෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ මට එය කියන්නහු නම් , මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින්දැ යි මමත් ඔබට කියමි."
හිතුවට වඩා තත්ත්වය වෙනස් නේද ? 😁 ජේසුස්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවාම මෙන්න උන්වහන්සේ කියනවා . හරි මම උත්තර දෙන්නම් මුලින්ම මගේ ප්‍රශ්නයට උත්තර දෙන්නලු . 🙍

ජේසුස්වහන්සේ ඉතින් මොකක් ද ඇහුවෙ ඒ අයගෙන් ❓

" බව්තිස්ම ස්නාපනය කිරීමේ බලය ජොහාන් ලැබුවේ කවරකුගෙන්ද ? දෙවියන්වහන්සේගෙන් ද ? නොහොත් මනුෂ්‍යයන්ගෙන් ද ? "
කියලා ජේසුස්වහන්සේ ආපිට මේ විදිහට ප්‍රශ්නයක් අහනවා.

නායක පූජකයො ටිකයි , ප්‍රජා මූලිකයො ටිකයි දැන් ටිකක් කලබල වෙනවා. 🥴😉 එයාලා තම තමා අතරම මේ දේවල් කතා කරගන්නවා. 👇
එයාලා කතාවෙනවා ;

▪️අපි උත්තරය "දෙවියන්වහන්සේගෙන්" කිව්වොත් උන්වහන්සේ අපෙන් අසාවි එහෙනම් ඇයි ඔබලා ජොහාන් විශ්වාස නොකලේ කියලා
ආයෙ හිතනවා ;
▪️අපි උත්තරය ⁣"මනුෂ්‍යයන්ගෙන්" කිව්වොත් ජොහාන් දිවැසිවරයෙක් කියලා හැමෝම පිලි අරන් අපිට ඔවුන්ට මුහුණ දෙන්න බැරි වේවි කියලා .
ඒ නිසා මෙයාලා ජේසුස්වහන්සේට කියනවා. අපි උත්තරය දන්නෑ කියලා. 😂😅
දන්නවා ද එතකොට ජේසුස්වහන්සේ මොකක් ද කිව්වෙ කියලා  ❓

🔥 " කවර අධිකාරී බලයකින් මම මේ දේවල් කරම් දැයි මමත් ඔබට නොකියමි"🔥
කියලා තමා කිව්වෙ  . 😁😕
ශු.මතෙව් 21:23-27 තමයි මේක තියෙන්නේ ❤


සමහර වෙලාවට අපිටත්  හම්බෙනවා මේ වගේ වංචාකාරී කපටි කෛරාටික මිනිස්සු  👈
අර ජේසුස්වහන්සේව ප්‍රශ්න කරල වචනයෙන් වරදට හසුකරගන්න බලපු නායක පූජකයො සහ ප්‍රජා මූලිකයො ටික වගේ 😉
අපිටත් ඉතින් කරන්න තියෙන්නේ ජේසුස්වහන්සේ කරපු දේම තමයි.
හැමෝටම හැමදේටම නිතරම උත්තර දෙන්න අවශ්‍ය නෑ . අදාල නැති ප්‍රශ්න අහන , වංචාකාරී කපටි චරිතවලට ප්‍රඥාවන්තව පිලිතුරු දීලා අනවශ්‍ය දේ ඒ ආකාරව බැහැර කරන්නයි තියෙන්නේ . පැහැදිලිව දැනෙනවා නම් යොමු කරන ප්‍රශ්නය සහ එහි අරමුණ පිලිතුරු දීමට එවැනි අයට අප බැදී නැහැ.
ගොඩක් දෙනෙක් ආස අපිව වැරදිකරුවන් කරන්න . නිවැරදිකරුවන් වෙන්නෙ කොහොමද කියන කාරණය රදා පවතින්නේ අපගේ ප්‍රතිචාරය මතයි.
🔥❤😍

දෙවිදු නමින් වඩින රජුන් ..............................
ආසිරි වේවා 😍
ජිවමාන පුතුනි ඔබට පැසසුම් වේවා ❤️✝️🙏
ක්‍රිස්තු ආකල්පය අප තුලත් වේවා ‼️

-- ශෙහාන් රශ්මික

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව