නායක පූජකයා අසයි

නායක පූජකයා අසයි

ඔන්න දවසක් නායක පූජකයො ටිකයි ........ ප්‍රජා මූලිකයො ටිකයි ජේසුස්වහන්සේ ලගට එනවා ප්‍රශ්නයක් අහන්න. 😕

දන්නවා ද  මොකක් ද ඇහුවෙ කියලා   ❓

" ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරී බලයකින්ද ? මේ බලය ඔබට පැවරුවේ කවරෙක්ද ? "
කියලා තමයි මේ කට්ටිය ජේසුස්වහන්සේ ලගට ඇවිත් අහන්නෙ .
⁣ජේසු මේකට උත්තරයක් දුන්නා ද ❓

නෑ ......... නෑ ............. 😅 ජේසුස්වහන්සේ  ඒ අයට  මෙහෙම කියනවා. 👇
" මමත් ඔබෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ මට එය කියන්නහු නම් , මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින්දැ යි මමත් ඔබට කියමි."
හිතුවට වඩා තත්ත්වය වෙනස් නේද ? 😁 ජේසුස්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවාම මෙන්න උන්වහන්සේ කියනවා . හරි මම උත්තර දෙන්නම් මුලින්ම මගේ ප්‍රශ්නයට උත්තර දෙන්නලු . 🙍

ජේසුස්වහන්සේ ඉතින් මොකක් ද ඇහුවෙ ඒ අයගෙන් ❓

" බව්තිස්ම ස්නාපනය කිරීමේ බලය ජොහාන් ලැබුවේ කවරකුගෙන්ද ? දෙවියන්වහන්සේගෙන් ද ? නොහොත් මනුෂ්‍යයන්ගෙන් ද ? "
කියලා ජේසුස්වහන්සේ ආපිට මේ විදිහට ප්‍රශ්නයක් අහනවා.

නායක පූජකයො ටිකයි , ප්‍රජා මූලිකයො ටිකයි දැන් ටිකක් කලබල වෙනවා. 🥴😉 එයාලා තම තමා අතරම මේ දේවල් කතා කරගන්නවා. 👇
එයාලා කතාවෙනවා ;

▪️අපි උත්තරය "දෙවියන්වහන්සේගෙන්" කිව්වොත් උන්වහන්සේ අපෙන් අසාවි එහෙනම් ඇයි ඔබලා ජොහාන් විශ්වාස නොකලේ කියලා
ආයෙ හිතනවා ;
▪️අපි උත්තරය ⁣"මනුෂ්‍යයන්ගෙන්" කිව්වොත් ජොහාන් දිවැසිවරයෙක් කියලා හැමෝම පිලි අරන් අපිට ඔවුන්ට මුහුණ දෙන්න බැරි වේවි කියලා .
ඒ නිසා මෙයාලා ජේසුස්වහන්සේට කියනවා. අපි උත්තරය දන්නෑ කියලා. 😂😅
දන්නවා ද එතකොට ජේසුස්වහන්සේ මොකක් ද කිව්වෙ කියලා  ❓

🔥 " කවර අධිකාරී බලයකින් මම මේ දේවල් කරම් දැයි මමත් ඔබට නොකියමි"🔥
කියලා තමා කිව්වෙ  . 😁😕
ශු.මතෙව් 21:23-27 තමයි මේක තියෙන්නේ ❤


සමහර වෙලාවට අපිටත්  හම්බෙනවා මේ වගේ වංචාකාරී කපටි කෛරාටික මිනිස්සු  👈
අර ජේසුස්වහන්සේව ප්‍රශ්න කරල වචනයෙන් වරදට හසුකරගන්න බලපු නායක පූජකයො සහ ප්‍රජා මූලිකයො ටික වගේ 😉
අපිටත් ඉතින් කරන්න තියෙන්නේ ජේසුස්වහන්සේ කරපු දේම තමයි.
හැමෝටම හැමදේටම නිතරම උත්තර දෙන්න අවශ්‍ය නෑ . අදාල නැති ප්‍රශ්න අහන , වංචාකාරී කපටි චරිතවලට ප්‍රඥාවන්තව පිලිතුරු දීලා අනවශ්‍ය දේ ඒ ආකාරව බැහැර කරන්නයි තියෙන්නේ . පැහැදිලිව දැනෙනවා නම් යොමු කරන ප්‍රශ්නය සහ එහි අරමුණ පිලිතුරු දීමට එවැනි අයට අප බැදී නැහැ.
ගොඩක් දෙනෙක් ආස අපිව වැරදිකරුවන් කරන්න . නිවැරදිකරුවන් වෙන්නෙ කොහොමද කියන කාරණය රදා පවතින්නේ අපගේ ප්‍රතිචාරය මතයි.
🔥❤😍

දෙවිදු නමින් වඩින රජුන් ..............................
ආසිරි වේවා 😍
ජිවමාන පුතුනි ඔබට පැසසුම් වේවා ❤️✝️🙏
ක්‍රිස්තු ආකල්පය අප තුලත් වේවා ‼️

-- ශෙහාන් රශ්මික