නොවැම්බර් 29 - ප්‍රාණපරිත්‍යාගි රාජගුරුප්‍රසාදි ටූලූස්හි සා. සැටර්නින් මුනිතුමා

Saturnin of Toulouse
(Latin: Saturninus;
ක්‍රි.ව. 03 වන සියවස)

'ගෝල්වරුන්ගේ අපෝස්තුළුවරයෙකු (an Apostle to the Gauls)' ලෙස හඳුන්වන මෙතුමන් ක්‍රි.ව. 03 වන සියවසේදී ගෝල් දේශයේ (Gaul: වත්මන් ප්‍රංශය, බෙල්ජියම සහ ලක්සම්බර්ග්... වැනි රටවල් ආශ්‍රිතව එවකට බටහිර යුරෝපයේ පැවති කලාපයකි; Gauls: ගෝල් දේශය මව්බිම වූ සෙල්ටික් ජන වර්ගයකි) කිතු දහම ව්‍යාප්ත කිරීම සඳහා ෆේබියන් ශුද්ධෝත්තම පියතුමන් (Pope St. Fabian) විසින් රෝමයෙන් ගෝල් දේශය වෙත යැවූ බවට සැලකෙන රදගුරුවරුන් 07දෙනාගෙන් කෙනෙකු බවට සැලකේ.

ගෝල් දේශයේ ටූලූස් (Toulouse: වත්මන් දකුණු ප්‍රංශයේ නගරයකි) ආශ්‍රිත ප්‍රදේශයේ කිතු දහම ව්‍යාප්ත කරමින් බොහෝදෙනෙකු කිතු දහමට හරවාගත් මෙතුමන් ටූලූස්හි ප්‍රථම රදගුරුතුමන් (first Bishop of Toulouse: වර්තමානයේ ටූලූස්, අගරදගුරු පදවියක් ලෙස පවතී) ලෙසද සේවය කර ඇත.

එවකට එහි වූ මිථ්‍යාදෘෂ්ටික පූජකයන් (pagan priests) විසින් දිනක් මෙතුමන්ව අල්ලාගෙන සිය කිතුනු විශ්වාසය අතහැර ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටික දේව පිළිමයන්ට වන්දනා කරන ලෙසට තර්ජනය කළද එය සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙතුමන්ව මරණයට පත් කළ බව සම්ප්‍රදායෙහි සඳහන් වේ.

ඔවුහු මෙතුමන්ගේ පාද ගවයෙකුට බැඳ නගරය වටා එම සත්ත්වයා මඟින් පොළොව දිගේ මෙතුමන්ව ඇදී යාමට සැලැස්වූ අතර ඉන් මෙතුමන්ගේ ශරීරය කැබලිවලට කැඩීගොස් දරුණු ලෙස තුවාල සිදු වී මෙතුමන් ප්‍රාණපරිත්‍යාගි වූ බව සඳහන් වේ.

ප්‍රංශයේ ටූලූස් නගරයේ නාම සාන්තුවරයාණන් ලෙස මෙතුමන් සැලකේ.

වැඩිදුර විස්තර:

Saturnin - Wikipedia

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව