දෙසැම්බර් 05 - මඨාධිපති සා. සබස් මුනිතුමා

Sabas
(ක්‍රි.ව. 439 – 532)

Sabbas the Sanctified (Greek: Σάββας ὁ Ἡγιασμένος) ලෙසද හඳුන්වන මෙතුමන් කැපඩෝසියානු ග්‍රීක (Cappadocian Greeks/Cappadocians: තුර්කියේ කැපඩෝසියාව නම් භූගෝලීය ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවන ස්වදේශික ග්‍රීක ප්‍රජාවකි) ජාතික පූජාප්‍රසාදිතුමෙකු, මඨාධිපතිවරයෙකු (Abbot) සහ කාන්තාර තාපසවරයෙකුද (grazers/boskoi: ක්‍රි.ව. පළමු සහස්‍රය තුළ ඊජිප්තුව, සිරියාව, පලස්තීනය ආශ්‍රිතව වූ කාන්තාරයන්වල විසූ කිතුනු තාපසවරුන් සහ තාපසවරියන්) විය.

කැපඩෝසියානු රෝම පරිපාලන කලාපයේ අගනගරය වූ කේසරියාවේ/සිසේරියාවේ (Caesarea) හමුදා නායකයෙකුට දාව උපත ලද මෙතුමන් සිය 8 හැවිරිදි වියේදී තාපසාරාමයකයට ඇතුළුවී ශුද්ධ ලියවිල්ල පිළිබඳ මනා අවබෝධයක් ලබා එහි විද්වතෙකු වූ බව සඳහන් වේ.

සිය දෙමාපියන් මෙම තාපස ජීවිතයෙන් ඉවත්ව නැවත බාහිර ලෞකික ලෝකයට පැමිණ විවාහ වීමට මෙතුමන්ට කෙතරම් පීඩනයක් එල්ල කළද එය ප්‍රතික්ෂේප කළ මෙතුමන් තවදුරටත් තාපස ජීවිතය තුළම රැඳුනේය.

ජෙරුසලමට පැමිණි මෙතුමන් එහි තාපසාරාමයක දැඩි විනයකින් යුතුව දිවි ගෙවා පසුව ගල් ගුහාවක් ආශ්‍රිතව හුදකලා දිවියක් ගත කරමින් තවදුරටත් ගැඹුරු යාච්ඤාශීලී මෙන්ම ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළේය.

සිය තාපස දිවිය නිසාවෙන් මෙතුමන් වටා බොහෝ අනුගාමික තාපසවරුන් එක්රැස් වූ අතර පසුව මෙතුමන් තාපසාරාම කිහිපයක්ම ඇරඹූ අතර ඒවායේ මඨාධිපතිතුමන් (තාපසාරාමාධිපතිතුමන්) ලෙසද සේවය කළේය. මෙතුමන්ගේ යාච්ඤා මැදිහත්වීම් තුළ බොහෝ ප්‍රාතිහාර්යයන්ද සිදු වී ඇති බවද සඳහන් වේ.

කාන්තාර පියතුමෙකු (desert father) ලෙසද හඳුන්වන මෙතුමන් තාපසවරුන්ගේද, කාන්තාර තාපසවරුන්ගේ සහ එම තාපස ක්‍රමයේද නාම සාන්තුවරයෙකු ලෙස සැලකේ.

වැඩිදුර තොරතුරු:

Sabbas the Sanctified - Wikipedia

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව