දෙසැම්බර් 05 - මඨාධිපති සා. සබස් මුනිතුමා

Sabas
(ක්‍රි.ව. 439 – 532)

Sabbas the Sanctified (Greek: Σάββας ὁ Ἡγιασμένος) ලෙසද හඳුන්වන මෙතුමන් කැපඩෝසියානු ග්‍රීක (Cappadocian Greeks/Cappadocians: තුර්කියේ කැපඩෝසියාව නම් භූගෝලීය ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවන ස්වදේශික ග්‍රීක ප්‍රජාවකි) ජාතික පූජාප්‍රසාදිතුමෙකු, මඨාධිපතිවරයෙකු (Abbot) සහ කාන්තාර තාපසවරයෙකුද (grazers/boskoi: ක්‍රි.ව. පළමු සහස්‍රය තුළ ඊජිප්තුව, සිරියාව, පලස්තීනය ආශ්‍රිතව වූ කාන්තාරයන්වල විසූ කිතුනු තාපසවරුන් සහ තාපසවරියන්) විය.

කැපඩෝසියානු රෝම පරිපාලන කලාපයේ අගනගරය වූ කේසරියාවේ/සිසේරියාවේ (Caesarea) හමුදා නායකයෙකුට දාව උපත ලද මෙතුමන් සිය 8 හැවිරිදි වියේදී තාපසාරාමයකයට ඇතුළුවී ශුද්ධ ලියවිල්ල පිළිබඳ මනා අවබෝධයක් ලබා එහි විද්වතෙකු වූ බව සඳහන් වේ.

සිය දෙමාපියන් මෙම තාපස ජීවිතයෙන් ඉවත්ව නැවත බාහිර ලෞකික ලෝකයට පැමිණ විවාහ වීමට මෙතුමන්ට කෙතරම් පීඩනයක් එල්ල කළද එය ප්‍රතික්ෂේප කළ මෙතුමන් තවදුරටත් තාපස ජීවිතය තුළම රැඳුනේය.

ජෙරුසලමට පැමිණි මෙතුමන් එහි තාපසාරාමයක දැඩි විනයකින් යුතුව දිවි ගෙවා පසුව ගල් ගුහාවක් ආශ්‍රිතව හුදකලා දිවියක් ගත කරමින් තවදුරටත් ගැඹුරු යාච්ඤාශීලී මෙන්ම ඉතා අල්පේච්ඡ දිවියක් ගත කළේය.

සිය තාපස දිවිය නිසාවෙන් මෙතුමන් වටා බොහෝ අනුගාමික තාපසවරුන් එක්රැස් වූ අතර පසුව මෙතුමන් තාපසාරාම කිහිපයක්ම ඇරඹූ අතර ඒවායේ මඨාධිපතිතුමන් (තාපසාරාමාධිපතිතුමන්) ලෙසද සේවය කළේය. මෙතුමන්ගේ යාච්ඤා මැදිහත්වීම් තුළ බොහෝ ප්‍රාතිහාර්යයන්ද සිදු වී ඇති බවද සඳහන් වේ.

කාන්තාර පියතුමෙකු (desert father) ලෙසද හඳුන්වන මෙතුමන් තාපසවරුන්ගේද, කාන්තාර තාපසවරුන්ගේ සහ එම තාපස ක්‍රමයේද නාම සාන්තුවරයෙකු ලෙස සැලකේ.

වැඩිදුර තොරතුරු:

Sabbas the Sanctified - Wikipedia

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;