සාන්ත ලුවිස් මුනි චරිතාපදානය

සාන්ත ලුවිස් මුනි චරිතාපදානය

ශුද්ධ වූ ලුවිස් මුනිතුමා හෙවත් නව වෙති ලුවිස් රජු

වර්ෂ 1214 අප්‍රේල් මස 25 වෙනි දින, අට වෙනි ලුවිස් රජු හා බ්ලාන්ච් බිසවගේ කුළුඳුල් පුත්‍රයා ලෙසින් පැරිස් නගරාසන්නව පිහිටි මනරම් පොයිසි ප්‍රදේශයේ දී ලුවිස් කුමරා උපත ලැබුවේ ය. තම මවට ඉතා සමීපව වැඩුණු ඔහු මවගේ ගති ගුණ ඇතැම් විට තම ජීවිතයෙන් පෙන්වීය. ලුවිස් කුමාරයා රජෙකු සතුව පැවතිය යුතු සූර වීර භාවය, අභීතවත් එඩිතරකම ද යුද්ධ ශිල්පය හා රාජ්‍ය පාලනය පිළිබඳව මනා නිපුණත්වයක් ලැබුවේය. මවගේ ඇසුර හා මගපෙන්වීම නිසා කුමරා හැමවිටම ප්‍රමෝදයට පත් වුණේය. ලුවිස් කුමරා කිසිවිටෙක මවට තිබූ ඔහුගේ ශික්ෂණය හා විශ්වාසය කඩ නොකලේය

අට වෙනි ලුවිස් රජුගේ අභාවයෙන් පසු වර්ෂ 1226 දී දොළොස් වියේ පසු වූ ලුවිස් කුමාරයා, ප්‍රංශ රාජ්‍යයේ නව වෙනි ලුවිස් රජු ලෙස ඔටුණු පැළඳීය. 21 වෙනි වියට පා තැබූ ලුවිස් රජතුමා ක්‍රියාකාරි ලෙස රාජ්‍ය පාලනයෙහි යෙ දෙමින් එසමයෙහි, ප්‍රංශයේ දේශපාලනික හා ආර්ථික නවෝදයක් ගෙන ඒමට කටයුතු කරමින් දැහැමි රාජ්‍ය පාලනයෙන්, අන් රජවරුන්ට කදිම ආදර්ශයක් දුන්නේය.

වර්ෂ 1234 මැයි මාසයේ දී ස්පාඤ්ඤයේ අරගොත් රාජ වංශික, ප්‍රොවෙන්ස් හී ආදිපාදවරයාගේ වැඩිමහල් දූ කුමරිය වූ මාග්‍රට් කුමරිය සමග ලුවිස් රජතුමා යුග දිවියට පිවිසුණේය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ ඔවුහු, පුතුන් පස් දෙනෙකු හා දියණියන් සය දෙනෙකු ලෙස දූ දරුවත් එකොළොස් දෙනෙකු මෙලොවට දායාද කළහ.

පූජකවරුන් සමඟ සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ එතුමා, ඔවුන්ගේ උන්නතිය උදෙසා කටයුතු කළේ ය. ශුද්ධ වූ දේශයේ කිතු දහම, මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දිවි නොතකා, කුරුස යුද්ධය මෙහෙයවීම එතුමාගේ ප්‍රධාන දායකත්වයක් ලෙස සැළකේ. එතුමා සාමය හා සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කළේය. ශුද්ධ වූ සභාවට සේවය කරමින් තම ජනතාව සදාතන ගැලවීම කරා යොමු කළ යුතු බව විශ්වාස කළේය. සෝබෝන් විශ්ව විද්‍යාලය ආරම්භ වීම ද, දේවස්ථාන ඉදිවීම ද, දුප්පතුන් සඳහා පුන්‍ය ආයතන තැනීමද එතුමන් අනුග්‍රහය තුළ සිදු විය. වර්ෂ 1270 අගෝස්තු 25 වන දින එතුමා අවසන් හුස්ම හෙළී ය. ඉන් වසර 27කට පසු වර්ෂ 1297 දී. 8 වන බොනිෆස් පාප්තුමන් විසින් එතුමන් ශුද්ධවරයට ඔස්වන ලදි. ප්‍රංශයේ රාජ කිරුළ දරා, සාන්තුවරයට එසවුණු එකම තැනැත්තා ලෙස නව වෙනි ලුවිස් රජතුමා නම් දරයි.

ශුද්ධ වූ ලුව්ස් මුනිඳුන්ගේ දේවස්ථානය කොටරූපේ

වර්තමානයේ දී රද්දොළුගම මීසමට අනුයුක්තව පවතින කොටරූපේ සාන්ත ලුවිස් මුනිඳුන්ගේ දේවස්ථානය සියවසක් ඉක්මවූ ඉපැරණි දේවස්ථානයකි.

ප්‍රංශ ජාතික ගරු ඇඩොල්ෆ් පීටර් දිවි පියතුමාගේ පාලන සමය තුළ පොල් අතු කුටියකින් ආරම්භ වී, කටුනායක මීසම භාරයේ පැවති මෙම දෙව් මැදුර වර්ෂ 1904 දී. ගලින් බැඳි දෙව් මැදුරක් ලෙස ඉදිවී. සිදුව මීසමට අයත් විය.

කොටරූපේ ග්‍රාමයේ වෙසෙන කිතුනු බොදුනු අත්‍යාගමික සියලුදෙනා, ගංවතුර හානියෙන් හා ඉන්පසු පැතිරී යා හැකි රෝග පීඩාදියෙන් ආරක්ෂා කර ගනිමින්, අප ග්‍රාමයේ නාම සාන්තුවරයාණෝ සියල්ලන්ට දේව පිහිට දක්වමින්, අප උදෙසා යදිමින් තේජසින් වැජඹෙන්නෝය.

ලංකාව තුළ සාන්ත ලුවිස් මුනිතුමාට කැප කල දේවස්ථාන දෙකක් ඇති අතර එම දේවස්ථාන හලාවත පදවිය හා අගරදගුරු පදවිය තුළ පිහිටා ඇත.

සාන්ත ලුවිස් මුනිතුමාගේ මංගල්‍යය අගෝස්තු මස 25 වන දින සමරනු ලබයි.

~ Nimalsha Dilshani

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව