දිවැසිවර කැදවීමක ලක්ෂණ වලට අනුරූප වූ ශු. ජුසේ මුනිදුන්ගේ කැදවීම

දිවැසිවර කැදවීමක ලක්ෂණ වලට අනුරූප වූ ශු. ජුසේ මුනිදුන්ගේ කැදවීම
Photo by Michael O'Sullivan / Unsplash

මාර්තු 19 දිනය සාන්ත සභා ලිතේ සුවිශේෂී ලෙස සටහන් වනුයේ ඇගේ ආරක්ෂකයාණන්ගේ මංගලෝත්සවයකට එදිනට යෙදෙන හෙයිනි.මෙවර එය මඳක් වෙනස් වන්නේ එදින චතාරිකයේ ඉරුදිනක් හෙයින් සභා මාතාව මෙවර ජුසේ මුනි මංගලෝත්සවය මාර්තු 20 දාට යොදා ඇත.

මෙහිදී මාගේ අරමුණ වන්නේ එතුමා ලද කැදවීම ශුද්ධ ලියවිල්ලට අනුව ගත් කල දිවැසිවර කැදවීමක අංග ලක්ෂණ වලින් අනූන බව සාකච්ඡාවට ලක් කිරීමය.

බයිබල් විශාරදයන්ට අනුව දිවැසිවර කැදවීමක ලක්ෂණ පහකි. මේ ලක්ෂණ පහ ඉතා පැහැදිලිව ජුසේ තුමන්ගේ කැදවීම තුළ ද හමුවේ.

  1. දේව දර්ශනය
    "ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී...." (මතෙව් 1/20)
  2. දූත මෙහෙවර බාරදීම
    ඈ පුතෙකු බිහිකරන්නීය උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය...... (මතෙව් 1/ 20))
  3. කැදවීම බාර ගැනීමට මැලිවීම
    ඇගේ පුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත් හැරදමන්නට සිතාගත්තේය. (මතෙව් 1/ 19)
  4. දිරිමත් කරනු ලැබීම
    දාවිත් ගේ පුත් ජෝසෙප් ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි.(මතෙව් 1/ 20)
  5. යවනු ලැබීම
    ජෝසෙප් නින්දෙන් අවදිවූ විට ස්වාමීන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. (මතෙව් 1/ 24)

~ මාධව ජයකොඩි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව