දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene
(Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය;
ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04)
'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු ජාතික තාපස පූජාප්‍රසාදිතුමෙකු, දේවධර්මාචාර්යවරයෙකු, දාර්ශනිකයෙකු, ගීතිකා රචකයෙකු (hymnwriter/hymnographer) සහ කිතුනු ප්‍රතිඋත්තරවේදියෙකු (Christian apologist) විය.
වංශවත් සිරියානු කිතුනු පවුලකට දාව උපන් මෙතුමන් නීතිය, දේව ධර්මය, දර්ශනය සහ සංගීතය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ උනන්දුවක් දැක්වූ සහ ඒවායේ ප්‍රගමනයට දායක වූ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෙකු/බහුශ්‍රැතයෙකු (Polymath/Polyhistor) ලෙසද සැලකේ.
සිය විශිෂ්ට ලේඛනයන් සහ දේව ධර්මීය කෘති නිසාවෙන් 'රන්වන් ගලා යාම' යන අරුත ඇති 'රන් කථිකයා (Chrysorroas, Χρυσορρόας)' යන ගෞරව නාමයෙන්ද මෙතුමන් හඳුන්වනු ලබයි.
• Three Apologetic Treatises against those Decrying the Holy Images
• The Fountain of Knowledge... වැනි ග්‍රන්ථ මෙතුමන්ගේ විශිෂ්ට ලේඛනයන් ලෙස සැලකේ.
සභා පියවරයෙකු (Church Father) වන මෙතුමන් විශේෂයෙන් අවසාන ග්‍රීක පියවරයාණන් (Greek Father) ලෙස සහ සභා ධර්මධරවරයෙකු (Doctor of the Church) ලෙසද සැලකේ.
ඖෂධවේදීන්ගේද (Pharmacists), ශුද්ධවූ/පූජනීය සිතුවම් නිර්මාණය කරන්නන්ගේ (Iconographers) සහ දේව ධර්ම ශිෂ්‍යයන්ගේද නාම සාන්තුවරයෙකු ලෙස මෙතුමන් සැලකේ.
වැඩිදුර විස්තර:

