නොවැම්බර් 26 - සා. ජෝන් බර්ච්මන්ස් මුනිතුමා

මෙතුමන්ගේ දේව වන්දනා සැමරුම් (මංගල්‍ය) දිනය, මෙතුමන් ස්වර්ගස්ථ වූ අගෝස්තු 13 වන දිනෙන් නොවැම්බර් 26 වන දිනට 1969දී වෙනස් කරනු ලැබීය

John Berchmans SJ
(Dutch: Jan Berchmans;
ක්‍රි.ව. 1599 මාර්තු 13 – 1621 අගෝස්තු 13)

බෙල්ජියම් ජාතික ජේසු නිකායික (Society of Jesus, Jesuits, SJ) ශාස්ත්‍රීය ශිෂ්‍යයෙකු (scholastic: ජේසු නිකායික පූජක පුහුණුවේ කාල පරිච්ඡේදයකි) වූ මෙතුමන් කුඩා කල සිට දේව මාතාවන් කෙරෙහි ඉමහත් භක්ති ආදරයකින් යුතු වූවෙකු විය. 1615දී Mechelenහි (Mechelen: බෙල්ජියමේ නගරයකි) ඇරඹූ ජේසු නිකායික විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයෙකු වූ මෙතුමන් 'Sodality of the Blessed Virgin Mary' නම් මරිය සමාජයටද (Marian Society) එක් විය.

එහිදී ජේසු නිකායට සම්බන්ධ වීමට ඇති ආශාව මෙතුමන් සිය දෙමාපියන්ට ලිපියකින් දන්වා යැවූ අතර ඉන් කලබලයට පත් සිය පියා මෙතුමන්ව Mechelenහි ෆ්‍රැන්සිස්කාන තාපසාරාමයට යැවූ අතර එහිදීද සිය පවුලට හිතවත් පැවිදිවරයෙකු (friar) විසින් මෙතුමන්ගේ සිත වෙනස් කිරීමට උත්සහ කළද ඒවා සියල්ල සාර්ථක නොවීය. අවසානයේ තම සැලසුම දිගටම ක්‍රියාත්මක කළහොත් මෙතුමන්ට ලබාදෙන මූල්‍යාධාර සියල්ල නවත්වන බවට සිය පියා පැවසුවද මෙතුමන් 1616දී ජේසු නිකායික පූජක පුහුණුවට ඇතුළත් විය.

ඉතා මිත්‍රශීලී, කරුණාවන්ත අයෙකු වූ මෙතුමන් තමන් පූජකවරය ලැබූ පසු සටන්බිමක ප්‍රාණපරිත්‍යාගිවීමේ බලාපොරොත්තුවෙන් හමුදා උපාධ්‍ය පියතුමෙකු (Military Chaplain) වීමට ඉල්ලූ බවද සඳහන් වේ. 1618දී අධ්‍යාපන කටයුතු සඳහා රෝමයට යැවූ මෙතුමන් එහි Roman Collegeහි (Roman College: රෝමයේ පිහිටි ජේසු නිකායික දෙව්සත්හලක් සහ විශ්ව විද්‍යාලයකි) අධ්‍යාපනය ලබමින් සිටියදී 'රෝමානු උණ (Roman fever: රෝමය සහ ඒ අවට ප්‍රදේශයන්හි දක්නට ලැබුණු මාරාන්තික මැලේරියා ප්‍රභේදයකි)' ආසාදනය වීමෙන් 1621 අගෝස්තු 13 දින ස්වර්ගස්ථ විය.

සිය මරණයෙන් පසු මෙතුමන්ගේ මෘත දේහය බැලීමට සහ මැදිහත්කම ඉල්ලා යාච්ඤා කිරීමට විශාල පිරිසක් දින කිහිපයක් පුරාවට රැස් වූ බවද සඳහන් වේ. මෙතුමන් 1605දී භාග්‍යවරයට ඔසවනු ලැබූ ඇලෝසියස් ගොන්සාගා තුමන්ව (St. Aloysius Gonzaga: 1726දී සාන්තුවරයට ඔසවනු ලැබීය) සිය අධ්‍යාත්මික ආදර්ශය (spiritual model) ලෙස ගත් අතර එවකට ඉංග්‍රීසි ජේසු නිකායික ප්‍රාණපරිත්‍යාගිවරුන්ගෙන්ද (English Jesuit martyrs: සිය විශ්වාසය සහ සේවය උදෙසා එංගලන්ත රාජාණ්ඩුව විසින් මරා දැමුණු ජේසු නිකායිකයන් කණ්ඩායමකි) මෙතුමන් ආභාසය ලබා ඇත.

මෙතුමන් පූජා සහයකයන්ගේද (Altar Servers), ජේසු නිකායික ශාස්ත්‍රීය ශිෂ්‍යයන්ගේ (Jesuit scholastics) සහ ශිෂ්‍යයන්ගේද (Students) නාම සාන්තුවරයෙකු ලෙස සැලකේ.

වැඩිදුර විස්තර:

John Berchmans - Wikipedia

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව