ජුසේ තුමා හා එළදෙන

කතෝලික සභාව ඊයෙ දවසෙ (මාර්තු 19) ජුසේ තුමාගෙ මංගල්‍ය දිනය සැමරුවා. මමත් ඉතින් පූජාවට ගියා.

ඊයෙ පූජාවෙ දේශනාවෙදි කියපු කතාවක් පියතුමා කියපු කතාවක් මගෙ හිතට කා වැදුනා. කතාව මෙහෙමයි. මේක ඇත්ත සිද්දියක්.

මෝදර සුදු වැල්ලේ තියෙනවලු ජුසේ මුනිතුමාට කැපකරපු කන්‍යාරාමයක් . එය මගින් මහලු නිවාසයක් පවත්වාගෙන යනවා. ඔය මහලු නිවාසයේ ඉන්න අම්ම තාත්තලට හැමදාම එළකිරි වීදුරුවක් දෙන්න කන්‍යාරාමයෙන් කටයුතු කරල තියෙනවා . ඔහොම කාලයක් යද්දි මේ කිරි දොවාගත්තු වැස්සි මරණයට පත් වෙලා තියෙනව.

දැන් ලොකු සිස්ටර්ට මේක හරි ප්‍රශ්නයක්. !

මහලු නිවාසයේ ඉන්න අම්මල තාත්තකට කිරි වීදුරුවක් දීගන්න ක්‍රමයක් නෑ. පිටි කිරි දුන්නොත් සෑහෙන වියදමක් යනවා.

ලොකු සිස්ටර් ලොකු විශ්වාසෙකින් ජුසේ තුමා දිහා හැරෙන්න තීරණය කරනවා. කන්‍යාරාමයේ අනෙක් සහෝදරියන්ටත් කියනවා ජුසේ තුමාගෙ මැදිහත්කම පතන්න කියලා. ඉන්පස්සේ මහලු නිවාසයේ නේවාසිකව ඉන්න අම්මල තාත්තලගෙනුත් ඉල්ලනවා ජුසේ තුමාගෙ මැදිහත්කම ඉල්ලලා "නව දින නුවානය" පවත්වන්න කියලා. ඉතින් ඒ අම්මලත් වැඩේට බැහැල යාච්ඥා ඉල්ලීම් ලියන්න ගත්තලු,සමහරු තමන්ට අවශ්‍ය දේ ඇන්දලු, එහෙම කරල ජුසේ තුමාගෙ ප්‍රථිමාව පාමුල තියල දවස් නවයක් එකම විශ්වාසයකින් යාච්ඥා කරනවා.

ඉතින් දවස් නවය අවසන් වෙලා දවස් තුනක් යද්දි මැදිවියේ යුවලක් ලොකු සිස්ටර්ව හම්බෙන්න ඇවිත් මෙහෙම කතාවක් කිවුවලු.

"සිස්ටර් අපි පිටරට පදිංචියට යනවා. ඒත් අපේ ගෙදර කිරි වැස්සියෙක් ඉන්නවා. ඌව කාට හරි බාර දෙන්න ඕනා.ඒත් ඒ තරම් විශ්වාසවන්ත කෙනෙක් නෑ. ඉතින් අපි තීරණය කරා සිස්ටර්ලට මූව බාරදෙන්න" කියල කිව්වලු.

සිස්ටර්ටත් දැන් පුදුම සතුටක් තියෙන්නෙ ජුසේ තුමා ඔවුන්ගෙ යාච්ඥාවන් අහපු නිසා.

"හැබැයි සිස්ටර් පොඩි අවුලක් තියෙනවා..... අපේ වැස්සිගෙ නැට්ට නෑ..... කමක් නෑ නේද ?" කියල ඇහුවලු.

කිරිගන්න පුලුවන් නම් නැට්ට මොකටැයි කියල සිස්ටරුත් වැස්සිව බාර ගත්තලු.
හැබැයි කතාවෙ හොඳම හරිය මේක නෙමෙයි.

පස්සෙ දවසක අර අම්මල තාත්තල ජුසේ තුමාට ලියපු ඉල්ලීම් කියවද්දි සිස්ටර් විශේශ දෙයක් දැක්කලු. ඒක තමයි ගොඩක් අම්මල තාත්තල ඉල්ලීමක් විදියට වැස්සියෙක්ව ඇඳල ජුසේ තුමාගෙ පාමුල තියල තිබ්බට ඒ එක රූපෙකවත් වැස්සිගෙ නැට්ට නෑලු. 😂

ජුසේ තුමාගෙ විශේශත්වය තමයි උන්වහන්සේ ඉල්ලන දේ එලෙසම හැකි විගස ලබා දෙන එක.
අඩුවෙනුත් නෑ වැඩියෙනුත් නෑ.

ජුසේ තුමා බොහොම නිහඬ සාන්තුවරයෙක්. බොහෝ දෙනෙක් උන්වහන්සේගෙ මැදිහත්කම පතන්නෙ නෑ. හැබැයි එක පාරක් මැදිහත්කම ඉල්ලල බලන්න.

ජුසේ කියන්නෙ එසේ මෙසේ සාන්තුවරයෙක් නෙමෙයි. කන්‍යා මරියාවන්ගෙන් පස්සෙ කතෝලික සභාව සාන්තුවර නාමාවලියේ වැඩිම ගරු බුහුමන් දක්වන සාන්තුවරයා තමයි ජුසේ තුමා.......

ඒක නිසාමයි ශු.සභාවෙ ආරක්ශක සාන්තුවරයා කියන නාමය ඔහුට ප්‍රධානය කරල තියෙන්නෙ.
එකපාරක් ජුසේ තුමාගෙ මැදිහත්කම ඉල්ලල බලන්න. පොලව දෙදරන්න ජේසුගෙන් වරප්‍රසාද ඉල්ලල දෙයි.

ශු.ජුසේ තුමෙනි,
කතෝලික සභාවේ ආරක්ශකයානනි,
අප නිසා යාච්ඥා කල මැනව!

සටහන : තරිඳු මල්ශාන්

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;