නොවැම්බර් 27 - ප්‍රාණපරිත්‍යාගි සා. ජේම්ස් ඉන්ටර්සිසස් මුනිතුමා

James Intercisus
(Latin: Jacobus Intercisus;
ක්‍රි.ව. 420 නොවැම්බර් 27 ප්‍රාණපරිත්‍යාගි විය)

Mor Yaqoub M’Pasqo Sahada (Syriac: ܡܪ ܝܥܩܘܒ ܡܦܣܩܐ ܣܗܕܐ, romanized: Mor Yaqōb M'pasqō Saḥāda) සහ James the Mutilated, James the Persian ලෙසද හඳුන්වනු ලබන මෙතුමන් සසානියානු අධිරාජ්‍යයේ (Sasanian Empire: ක්‍රි.ව. 224ත් 651ත් අතර සසානියානු රාජවංශය විසින් පාලනය කළ වත්මන් ඉරාන භූමිය ආශ්‍රිතව එවකට පැවති අධිරාජ්‍යය) Yazdegerd I අධිරජුගේ රාජ සභිකයෙකු සහ හමුදා නිලධාරියෙකු විය.

මෙම අධිරජු සිය පාලන සමයේ අවසන් කාලයේදී කිතුනුවන්ට එරෙහිව දරුණු පීඩනයක් දියත් කළ අතර ඒ නිසාවෙන් සිය දිවි රැකගැනීමට මෙතුමන් තම කිතුනු විශ්වාසය අතහැර දැමූ බව සඳහන් වේ. නමුත් කිතුනු විශ්වාසය අත්නොහළ සිය පවුලේ සාමාජිකයන් විසින් සසානියානු ලෞකික රජු ඉදිරියේ සිය සදාතනික රජුව අත්හැර දැමීම හේතුවෙන් මෙතුමන්ට දෝෂාරෝපණය කරනු ලැබීය.

එයින් තමන් කළ වරද අවබෝධ කරගත් මෙතුමන් අවංකව පසුතැවිලි වී නැවත සිය කිතුනු විශ්වාසයට සාක්ෂි දැරීම ආරම්භ කළේය. ඒ අනුව Yazdegerd I අධිරජුගේ අනුප්‍රාප්තිකයෙකු වූ Bahram V අධිරජු ඉදිරියේ සිය කිතුනු විශ්වාසය අභීතව ප්‍රකාශ කළ මෙතුමන් ඉන් සිය ප්‍රාණපරිත්‍යාගිවරයට මඟ පාදා ගත්තේය.

'කැබලිවලට කපා දැමූ' යන අරුත ඇති 'ඉන්ටර්සිසස් (Intercisus)' යන සිය ලතින් අන්වර්ථ නාමය මෙතුමන්ට ලැබී ඇත්තේද මෙතුමන් මරා දැමුණු ආකාරය නිසාවෙනි. එනම් මෙතුමන්ව සිය ඇඟිලිවලින් අරඹා අවසානයෙ හිස ගසා දැමීම දක්වා කැබලි 28 කට කපා මරණයට පත් කරනු ලැබීය.

මෙම කෲර දඬුවම බලා සිටි පිරිස අතර බොහෝ කිතුනුවන්ද විය. එහි කෲරත්වය බලා සිටිය නොහැකි කල එහි වූ පිරිස් මෙතුමන්ට සිය විශ්වාසය අතහැර දමන ලෙසට පැවසුවද මෙතුමන් සිය මරණය දක්වා විශ්වාසයේ ස්ථිරව සිට ප්‍රාණපරිත්‍යාගි වූ බව සඳහන් වේ.

මෙතුමන් බිහිරි භාවයේ (deafness) සහ ශ්‍රවණ ගැටලුවලද (hearing problems), වධහිංසනයන්ට ලක්වූවන්ගේ (torture victims) සහ නැතිවූ කැඳවීම්වලද (lost vocations) නාම සාන්තුවරයෙකු ලෙස සැලකේ.

වැඩි විස්තර:

St. James Intercisus
Saint of the day: St. James Intercisus - Catholic News Agency
James Intercisus - Wikipedia

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව