මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ.

එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier, SJ වේ. උපත ලද ප්‍රාදේශීය Basque භාෂාවෙන් Frantzisko Xabierkoakoa වේ. එසේම, ප්‍රංශ භාෂාවෙන් François Xavier, ස්පාඤ්ඤ භාෂාවෙන් Francisco Javier, පෘතුගීසි භාෂාවෙන් Francisco Xavier වේ. මෙම ජාතීන්වලට අයත් පියතුමන්ලා රාශියක් අප රටේ ධර්මදූත කටයුතු වල නිරත වීම නිසා මුනිතුමන්ගේ නම සිංහලෙන් කියවන ආකාර රාශියක් අප අතර පවතී.

මෙතුමන් නවාරීය (පසුව ස්පාඤ්ඤ) ජාතිකයෙක් වන අතර, එතුමන් කතාකළ Basque භාෂාවෙන් එතුමන්ගේ නම ශබ්ද කරන ආකාරය සිංහලෙන් ලිවීම හා කියවීම අසීරු බැවින්, එය ඒ ආකාරයෙන්ම සිංහලෙන් අනුවර්තනය කරගැනීම ප්‍රායෝගිකව අපහසුය.

එබැවින්, සිංහලෙන් නම කීමේදී කිසියම් පොදු පිළිගැනීමකට පැමිණිය යුතුව ඇත. දැනට බහුතරය පිළිගන්නා ආකාරය පහත පරිදි දක්වමු.

Franciscus
මේ සඳහා දැන් පොදුවේ භාවිත කෙරෙනුයේ ෆ්‍රැන්සිස් යන්නයි. කලින් දක්වා තිබූ භාෂා කතාකළ පියතුමන්ලා විසින් රචනා කරන ලද නිසා ෆ්‍රැන්සිස්කෝ, ෆ්‍රන්සිස්කු, ෆ්‍රන්සෙස්කෝ යනාදී විවිධ ආකාර වලින් මෙම නම පරණ ප්‍රාර්ථනා හා යාච්ඤා වල සඳහන් වේ.

Xaverius
මේ සඳහා දැන් පොදුවේ භාවිත කරනුයේ ක්සවියේර් යන්නයි. පහසුවට සවියේර් ලෙස ලිවුවද එහි X අකුරේ ශබ්දය ගැබ්ව නැත.

මේ අනුව දැන් පොදුවේ භාවිත කරන ආකාරය
සාන්ත ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමා
යන්නයි.

විශේෂයි:
Saviour/Savior යනු ගැළවුම්කරුවා යන්නෙහි ඉංග්‍රීසි වචනයයි. එබැවින් සේවියර් යන නම මුනිතුමන්ට යෙදීම පැටළිලි සහගත හා නුසුදුසු වේ.

සටහන් : සුපුන් ලහිරු

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව