දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity)

Francis Xavier SJ
(Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier; Portuguese: Francisco Xavier; ක්‍රි.ව. 1506 අප්‍රේල් 07 – 1552 දෙසැම්බර් 03)

ක්‍රි.ව 16 වන සියවසේ නවාහ්ර්/නවාහ්රේ රාජධානියේ (Kingdom of Navarre: Kingdom of Pamplona ලෙසද හඳුන්වන මෙය වත්මන් ප්‍රංශය සහ ස්පාඤ්ඤයට අයත් වන එවක වූ රාජධානියකි) උපත ලැබූ මෙතුමන් ජේසු නිකායික (Society of Jesus, SJ) පූජාප්‍රසාදිතුමෙකු (Priest) සහ ධර්මදූතවරයෙකු (Missionary) විය. වංශවත් දෙමාපියන්ට දාව උපන් මෙතුමන් ජේසු නිකායේ සම-නිර්මාතෘවරයෙකු (Co-founder) සහ ආරම්භක සාමාජිකයෙකුද විය.

කුඩා කල සිට ඉතා විශිෂ්ට අධ්‍යාපනයක් ලබා විද්වතෙකු වීමට කැප වූ මෙතුමන් ප්‍රංශයේ පැරිස් නගරයේ සිය අධ්‍යයන කටයුතු කරමින් සිටියදී මෙතුමන් සමඟ එකට නවාතැන් ගත්, සම වයසේ වූ පීටර් ෆේබර් තුමන් (St. Peter Faber SJ) සහ මෙතුමන්ට වඩා වැඩිමහල් ශිෂ්‍යයෙකු වූ ලොයොලාහි ඉග්නේෂස් තුමන් (St. Ignatius of Loyola SJ) යන අනෙක් ජේසු නිකායික ආරම්භක සාමාජිකයන්ද මෙතුමන්ට මුණ ගැසුණි. පසුකලෙක මොවුන් තිදෙනා සහ තවත් 4 දෙනෙකුගේ මූලිකත්වයෙන් ජේසු නිකාය පිහිටුවනු ලැබීය.

පූජකවරය ලබා මුල්කාලීනව මෙතුමන් පෘතුගාලයේ රෝගීන් රැකබලා ගනිමින් සහ එහි ජනතාවට කතෝලික දහම පිළිබඳ උපදෙස් ලබාදෙමින් සේවය කළ අතර පසුව ඉන්දියාවට පැමිණ එහි සහ මැලේසියාව, ඉන්දුනීසියාව, ජපානය, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලද ඉන්දියාව බලා යාත්‍රා කරමින් සිටි අතරතුර මොසැම්බික් රාජ්‍යයේ සහ වත්මන් කෙන්යාවේ මලින්ඩි (Malindi) නම් නගරයද වැනි අප්‍රිකානු ප්‍රදේශයන්වලද ධර්මදූත සේවයේ යෙදෙමින් බොහෝ දෙනෙකුට කතෝලික දහම කියාදී බෞතිස්ම කරනු ලැබීය.

ධර්මදූත සේවය ඇරඹීම සඳහා චීනයට ඇතුළු වීමට අවසරය බලාපොරොත්තුවෙන් චීන ප්‍රධාන භූමියේ වෙරළට ඔබ්බෙන් වූ ෂැන්චුවාන් දූපතේ (Shangchuan island) සිටියදී රෝගාතුර වූ මෙතුමන් 1552 දෙසැම්බර් 03 දින 46 හැවිරිදි වියේදී ස්වර්ගස්ථ විය. මෙතුමන්ගේ නොදිරන සිරුර අද වන විට ඉන්දියාවේ පැරණි ගෝආ නගරයේ (Old Goa city) බොම් ජේසු බැසිලිකාවේ (Basilica of Bom Jesus) තැන්පත් කර ඇත.

'ඉන්දු දිසාවේ අපෝස්තුළුවරයා (Apostle of the Indies)', 'ඈත පෙරදිග අපෝස්තුළුවරයා (Apostle of the Far East)' සහ 'ජපානයේ අපෝස්තුළුවරයා (Apostle of Japan)' යන ගෞරව නාමයන්ගෙන්ද හඳුන්වනු ලබන මෙතුමන් සා. පාවුලු අපෝස්තුළුතුමන්ට (St. Paul the Apostle) පසුව බිහි වූ ශ්‍රේෂ්ඨතම ධර්මදූතවරයෙකු ලෙසද සැලකේ.

ධර්මදූත සේවයේද (Missions), ධර්මදූත ප්‍රදේශයන්වලද නාම සාන්තුවරයාණන් ලෙස මෙන්ම ඕස්ට්‍රේලියාවේද, ඉන්දියාවේ බැන්ගලෝර්, අහමදාබාද් වැනි ප්‍රදේශයන්වලද, චීනයේ සහ ජපානයේද, ස්පාඤ්ඤයේ නවාහ්ර/නවාහ්රේ ප්‍රදේශයේද (Navarre), දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේද (Cape Town, South Africa) නාම සාන්තුවරයෙකු ලෙසද මෙතුමන් සැලකේ.

වැඩිදුර විස්තර:

St. Francis Xavier
Saint of the day: St. Francis Xavier - Catholic News Agency
Francis Xavier - Wikipedia

Read more

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 01 - ප්‍රාණපරිත්‍යාගි පූජාප්‍රසාදි සා. එඩ්මන්ඩ් කැම්පියන් මුනිතුමා

Edmund Campion SJ (ක්‍රි.ව. 1540 ජනවාරි 25 – 1581 දෙසැම්බර් 01) ඉංග්‍රීසි ජාතික ජේසු නිකායික (Society of Jesus, SJ) පූජාප්‍රසාදිතුමෙකු සහ විද්වතෙකු වූ මෙතුමන්

දෙසැම්බර් මාසය සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ යැදුම් අරමුණ

ගැටුම් පවතින ප්‍රදේශයන්වල සිටින කිතුනුවන් සඳහා යුද්ධ හෝ ගැටුම් පවතින ප්‍රදේශවල, විශේෂයෙන් මැද පෙරදිග ආශ්‍රිතව ජීවත් වන කිතුනුවන්ට සා