ශු. ෆවුස්තීනාට පෙන්වූ නිරය

ශු. ෆවුස්තීනාට පෙන්වූ නිරය

ක්‍රිස්තුස් වහන්සේ විසින් සාන්ත පවුස්තිනා තුමියට ස්වර්ගයෙන්,ශුද්ධගිනිස්ථානය,නිරය සහා තවත් බොහෝ දේ අනාවරණය කර ඇත.ඔබට ඒ පිළිබඳව සැකයක් වූ වූ අවිශ්වාසයක් තිබෙනවා නම් ,කරුණාකර  ට කලින් මෙම ලිපිය කියවා සිටින්නයි දී ඔබට එහිදී ඔබට දැනගන්නට පුළුවන් ඒ පිළිබඳ කර පරීක්ෂණ වලදී පරීක්ෂණවලදී අනාවරණය වනු නිගමන.ඒවායින් ඇය සත්‍ය පවසන බව ඔප්පු වී ඇත

https://fb.watch/blETaf_Gue/

"නිරයේ සිටින බොහෝ ආත්මයෝ වනාහි නිරයක් ඇතැයි අවිශ්වාස කළ අය වෙති."

අද දිනයේ දේව දුතයෙකු විසින් මා නිරයේ අගාධයට රැගෙන යන ලදී. එතන මහ වධ බන්ධන හා දුක් වේදනා වලින් පිරුණු ස්ථානයකි. එම වධ බන්ධන හා දුක් වේදනා වල ප්‍රමාණය, සෝර බව හා බිය ගන්වන සුළු බව කොපමණ ද? නිරයේ මා දුටු වධගාවිනා වල පළමුවැන්න නම් එහි දෙවියන් වහන්සේ නොමැති වීම යි; දෙවැනි වධ ගාවිනාව නම් හෘද අභ්‍යන්තරයේ නිරන්තරයෙන් ඇති වෙන්නා වූ බලවත් පසුතැවිල්ල හා කනස්සල්ලයි: තුන්වැන්න නම් එහි සිටින අයෙකුගේ තත්ත්වය කිසි ලෙසකින් වෙනස් නොවී එලෙසින් ම පැවතීම යි:

ආත්මයදවමින් බුර බුරා නැගෙන ගිනිදැල්ල සිව්වැන්නයි. එය දෙවියන් වහන්සේගේ කෝපාග්නියෙන් නික්මෙන්නා වූ ආත්මීක ගින්නක් වන හෙයින් එහි වේදනාව අති මහත් ය: භයංකාරය. පස්වැනි වධ ගාවිනාව වනුයේ නොකඩවා පවතින ඝන අන්ධකාරය සහ හුස්ම හිරකරවන සුළු ගන්ධය යි. මෙම අන්ධකාරයට අමතරව යක්ෂයින් සහ නිරයට හෙලා දමන ලද ආත්මයින් එකිනෙකා මුහුණට මුහුණ දැකීම. සියලු ආකාරයේ අයහපත, නපුර සහ තමන්ගේත් අන්‍යයන්ගේත් නපුර දැකීම ද පවතී. සය වැනි වධ බන්ධනය වනුයේ සාතන් සමඟ වන නිරන්තර සම්බන්ධය යි. සත්වැනි වධ ගාවිනාව නම් ඝෝර, භයංකර බලාපොරොත්තු නොමැති වීම. දෙවියන් වහන්සේ කෙරෙහි උදහස, නීච අපවාද, සාප කිරීම් සහ දේවාපහාසය ආදියයි. මේ වූ කලී නිරයට හෙලා දමන ලද ආත්ම එකට එක්ව විඳින්නා වූ කටුක දුක් ගාවිනා ය. එහෙත් මේ එම ගාවිනාවල අවසානය නොවේ. ඒ ඒ ආත්මවලට නියමිත වූ විශේෂ දඬුවම් හා ගාවිනා ද ඇත. ඒ වනාහි, පංචේන්ද්‍රියයන්ට නියමිත වූ හිරිහැර සහ වධ හිංසා ය. ඒ ඒ ආත්මය තමා පව් කළ ආකාරයට නියමිත වූ ලෙස වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයෙන් භයංකාර වධ වේදනා වලට පත් වෙයි. තැතින් තැනට වෙනස් වන්නා වූ වධ ගාවිනා වලින් හෙබි බිම් ගෙවල් හා නරා වළවල් ද ඇත.

දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයපිහිට නොවන්නට, අහෝ! මෙම වද ගාවිනා, හිංසා දුටු කෙණෙහිම මා මැරී යාමට ඉඩ තිබිණි. තමා පව් කිරීමට යොදා ගන්නා පංචේන්ද්‍රියන්ගෙන් ඒ ඒ ඉන්ද්‍රියයට නියමිත වූ ලෙස, සදා කාලයෙන් සදා කාලයට තමාට දුක්පවිතා විදින්නට සිදුවන බව පව්කාරයා දැන ගනීවා දෙවියන් වහන්සේගේ නියමන පරිදි මා මෙය ලියන්නේ නිරයක් නැති කියා ද නිරයකට ගිය කිසිවෙකුත් නොමැති යැයි කියා ද එහෙයින් නිරය කෙබඳු තැනක්දැ යි කිව හැකි කෙනෙකු නැතැයි කියා ද කියමින් කරුණු ඉදිරිපත් කිරීමට කිසිවෙකුටවත් නොහැකි වනු පිණිසය.

සාන්ත මිඛායෙල් අග්‍ර දේවදූතයාණෝ ආත්මයනට, නිරය සහ එහි පැවැත්ම ගැන සහතික ලෙස කීමට හැකිවන පිණිස, පවුස්තිනා කන්‍යා සොහොයුරිය වන මම, දෙවියන් වහන්සේගේ නියමයෙන් නිරා පාතාලයට ගියෙමි. ඒ ගැන මේ මොහොතේ මට කිව නොහැකිය: එහෙත් එය ලියා තැබීමට දෙවියන් වහන්සේගෙන් අණක් මට ලැබිණි. යක්ෂයින් මා කෙරෙහි බොහෝ වෛරයෙන් පසු වුව ද මට සහ දෙවියන් වහන්සේගේ අණට කීකරු වීමට එම නිරාදූතයන්ට සිදු විය. මා ලියා තබා ඇත්තේ, මා සැබවින් දුටු සියල්ලේ සෙවනැලි මාත්‍රයක් පමණි. එහෙත් මම එක් දෙයක් අවබෝධ කර ගත්තෙමි එනම්, නිරයේ සිටින බොහෝ ආත්මයෝ වනාහි නිරයක් ඇතැයි අවිශ්වාස කළ අය වෙති යන්න යි. මා නැවත පැමිණි විට, භීතියෙන් සහ ත්‍රාසයෙන් මිදීමට නොහැකි තරම් විය. ආත්මයෝ කොතරම් භයංකාර ලෙස එහි වධ වේදනා විදින්නෝ ද ! එහි ප්‍රතිඵලයක් ලෙස, පව්කාරයන්ගේ සිත් හැරීම වෙනුවෙන් මම ඉතා උද්යෝගයෙන් යාච්ඥා කරමි. මම තොරක් නැතිව දෙවියන් වහන්සේගේ දයාව, කරුණාව ඔවුන් මත අයැදිමින් යදිමි. අහෝ ! මාගේ ජේසුනි ! සුළු පාපයකින් හෝ ඔබ වහන්සේට අනදර කරනවාට වඩා, ලෝකාන්තිමය දක්වා වද වේදනා විදින්නට ආශා වෙමි.

( දින පොත 741)



- තීක්ශන අනුහස්