ශු.එක්ස්පඩයිට් තුමන්ගේ පිංතූර හා ප්‍රතිමා වල දක්නට ඇති සංකේත වල අර්ථයන්

ශු.එක්ස්පඩයිට් තුමන්ගේ පිංතූර හා ප්‍රතිමා වල දක්නට ඇති සංකේත වල අර්ථයන්

🔴 රෝම සොල්දාදු වස්ත්‍රය :

ශු.එක්ස්පඩයිට් තුමන් ක්‍රි.ව 3 වන සියවසෙහි ජීවත් වූ කිතුණු ප්‍රාණපත්‍යාගී ශුද්ධවරයෙක් වන අතර එතුමන් රෝම සේනාවෙ සේවය කල රෝම සොල්දාදුවෙකි.එතුමන්ට ප්‍රාණපරිත්‍යගී වීමට හේතු වන්නෙත් එකල රෝම වරුන් විසින් කිතුණුවන් සමූලඝා🚸තනය කල මුල් කිතුණු සභා පීඩන සමය බැවිනි.එනිසා එතුමන්ගෙ පිංතූර හා ප්‍රතිමා වලදි එතුමන් රෝම සොල්දාදු වස්ත්‍ර ඇද සිටින සේ නිරූපණය කරයි.

🔴 අතෙහි රදවාගෙන සිටින තාල පත්‍රය :

කිතුණු රූපණ කලාව හා ප්‍රතිමා ණිර්මානයේදි ඒ ඒ සාන්තුවරයන්‍ට අදාල වන යම් යම් සංකේත ඒවාට ඇතුලත් කරයි. එලෙසම තාල පත්‍රය යනු ප්‍රාණපත්‍යාගී වූ බවට සංකේතයකි.එම තාල පත්‍ර සංකේතය එන්නෙ ශු.බයිබලයෙ එලිදරව්ව පොත තුල ඇති සංකේතාත්මක බයිබල් පාඨ අනුවය.

" ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් කල නොහැකි තරම් ඉමහත් පිරිසක් , සුදු සළු පැළද , තාල පත්‍ර අතින් ගෙන , සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දුටිමි .

( එලිදරව්ව 7 : 9 )

" එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට , " සුදු සළු පැළැදගත් මොවුහු කවුරුද ? කොතැනින් ආවෝ දැ " යි මාගෙන් ඇසීය. මාගේ ස්වාමීනී , ඔබ එය දන්නෙහි ය "යි මම ඔහුට කීවෙමි . එවිට ඔහු මා අමතා , " මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ . ඔවුහු තම සළු බැටළු පෝතකයාණන් ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය . ඔවුහු දිවා රෑ දෙකෙහි දෙවියවහන්සෙගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි . සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ඔවුන් සමග වැඩ වසන සේක.

( එලිදරව්ව 7 : 13 - 16 )

🔴 HODIE යනුවෙන් සදහන් කුරුසිය හා එතුමන් පාගා ගෙන සිටින කපුටා.

ශු.එක්ස්පඩයිට් තුමන් උපතින් කිතුණුවෙකු නොවූ අතර.තම මව් රටෙහි ස්වදේශික ඇදහිලි උරුම කරගත් අයෙකු විය.ක්‍රිස්තුස් වහන්සේගෙ කැදවීම තුල එතුමන් කිතු දහම වැළද ගැනීමයට තීරණය කල දිනයෙ යක්ශයා / සාතන් කපුටෙකුගේ වෙස් ගෙන පැමිණ ශු . එක්පෙඩයිට් තුමන්ට CRAS ( එහි අර්ථය නම් හෙට යන්නයි )  අවලාද නගිමින් බාධා කරලීය . එතුමන් වහා ක්‍රියාත්මක වී නැත අදම ( HODIE ) යැයි පවසමින් කපුටා පාගා දැමීය . මෙම සිදුවීම නිසා ශු.එක්ස්පඩයිට් තුමා විශේෂාකාරයන් ප්‍රමාදයට / පමා වීමට එරෙහි නාමසාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍ර වේ.

සටහන - මනූශ දුලාර

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව