ශාන්ත එක්ස්පඩයිට් මුනි බැතියේ ඉතිහාසය

ශාන්ත එක්ස්පඩයිට් මුනි බැතියේ ඉතිහාසය

ශාන්ත එක්ස්පඩයිට් , එක්ස්පෙඩිටස් යන නාමයන්ගෙන්ද  හඳුන්වනු ලබන මෙතුමන් උපත ලබන්නේ ලබන්නේ ආර්මේනියාවේ ය. එතුමන් ඉපදුණේ කවදාද යන්න පැහැදිලි සාධක නොමැති නමුදු එතුමන් ක්‍රිස්තු වර්ෂ 303 දී තුර්කියේ මෙලිටීන්හිදී ඩයොක්ලේෂියන් අධිරාජ්‍යා එල්ල කල කිතුණු පීඩනයේදි කිතු දහම වෙනුවෙන් ප්‍රාණපත්‍යාගී වූ බව ඓතිහාසික කරුණකි.කතෝලික සභා සම්ප්‍රදායන් හි විස්තර අනුව එතුමන් රෝම ශතාධිපති වරයෙකි.

ශාන්ත එක්ස්පඩයිට් තුමන් 1781 දී ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස කතෝලික සභවෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර , මධ්‍යතන යුගයේ සිට ඉතාලියේ ටියුරින් හි එතුමන්ගේ භක්තිය නොනැසී පැවතුනි. නීතිමය ගැටළු සහ මූල්‍යමය ගැටළු වලට ඉක්මන්  පිහිටෝපකාර පතා විශේෂයෙන් ජනතාව එතුමන්ට යාඥා කරන ලදි. එතුමන් තවමත් යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ ඉතා ජනප්‍රිය වන අතර අප්‍රේල් 19 වන දින, ශාන්ත එක්ස්පෙඩයිට් තුමන්ගෙ මංගල්‍ය දිනය ( අනුස්මරණය ) සමරයි.

සියලුම අභිරහස් සිදුවීම් ලෙසම , එක්ස්පඩයිට් තුමන් සහ එතුමන්ගෙ භක්තිය පිළිඹදව  බොහෝ මුඛ පරම්පරාගත මතවාද , වෘතාන්ත ගෙතී ඇත. සමහරු පවසා ඇත්තේ Expeditus / එක්ස්පෙඩිටස් යන පදය ඇත්ත වශයෙන්ම එතුමන්ගේ සැබෑ නම නොව වැරදි වැටහීමක් නිසා යෙදුණ පදයක් බවයි.

එතුමන්ගෙ භක්තිය ප්‍රසිද්ධ වෘතාන්තයක් මෙලෙස සටහන් වී තිබේ . මෙම සිදුවීම සිදුවන්නේ ප්‍රංශයේ  1781 වන අතර එකල ආරක්ෂාව උදෙසා ශාන්තුවරයින්ගෙ ශුද්ධ ධාතු ප්‍රවේශම් සහගත ස්ථාන වලට නැව්ගත කිරීමක්  සිදු කරලීය. දිනක  ප්‍රංශයෙ කන්‍යාසොයුරියන් පිරිසක් වෙත නිර්නාමික ධාතු පෙට්ටියක් නැව්ගත කර එවූ අතර එය විවෘත කල බැලූ විට කන්‍යාසොයුරියන් දුටුවේ රෝම සොල්දාදුවෙකුගෙ ප්‍රතිමාවකි.ඔහු අත කුරුසයක් සහ තාල පත්‍රයක් ද පාදයෙන් කපුටෙක්ද පාගාගෙන සිටින ආකාරය කන්‍යා සොයුරියන්ට දක්නට ලැබීය.පෙට්ටියෙ සදහන් වී තිබූ එකම වචනය නම් Expedite / එක්ස්පඩයිට් යන්නයි.එහි අර්ථය " ඉක්මනින් " යන්නයි.  අවසානයෙ කන්‍යා සොයුරියන් මෙම ප්‍රතිමාව කාගේදැයි දැනගැනීමට එම පදවියේ රදගුරු තුමන්වෙත ගෙන ගියත් එය සාර්ථක වූයෙ නැත .අවසානයෙ කන්‍යා සොයුරියන් නිගමනය  කළේ පෙට්ටියේ අඩංගු සාන්තුවරයාගේ ප්‍රතිමාවේ නාමය එක්ස්පඩයිට් බවයි.

අවසානයේ කන්‍යා සොහොයුරියන්  මෙම සාන්තුවර ප්‍රතිමාව කන්‍යාසොයුරියන් යටතෙ පැවති පාසලේ කොරිඩෝවේ තැන්පත් කරන ලදි.එහි ශිෂ්‍යන් මෙම “නොදන්නා” සාන්තුවරයාට යාච්ඥා කළ අතර සියලු යාච්ඤාවලට ප්‍රාතිහාර්‍යත්මක ලෙස ඉක්මනින් පිළිතුරු ලැබුණි . මේ පිළිබඳ පුවත ඉක්මනින්  ශිෂ්‍යන් වෙතින් කන්‍යා සොයුරියන් වෙතත් කන්‍යා සොයුරියන් මගින් ජනතාව වෙතත් පැතිර ගිය අතර ශාන්ත එක්ස්පඩයිට් තුමන්ගේ ප්‍රාතිහාර්‍ය කතෝලික ලෝකය පුරා සහ ඉන් ඔබ්බට පැතිර ගියේය.

මෙම කතාවේ තවත් අනුවාදයක්  ප්‍රංශයෙන් බොහෝ දුරින් පිහිටා ඇති නිව් ඔර්ලියන්ස් හි ය. මෙම අනුවාදනය අනුව (ප්‍රංශය නිව් ඕර්ලියන්ස් යටත් විජිතයක් වූ දා සිට ප්‍රංශ කතාවෙන් බලපෑමට ලක් වීමෙන් මේ අනුවාදනය ඇතිවූවාට සැකයක් නැත)ශුද්ධ  ධාතු තොගයක් ග්වාඩලුපේ අප ස්වාමිදූගේ දේවස්ථානයට පැමිණිය අතර ප්‍රංශ කතාවේ මෙන්ම , එක් පෙට්ටියක “එක්ස්පඩයිට්” යන  යෙදුම හැර වෙනත් නාමයක් හෝ යෙදුමක් නොතිබුණි. එබැවින් පෙට්ටියෙ තිබූ ප්‍රතිමවෙන් නියෝජනය වූ සාන්තුවරයාව ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබුවේ ශාන්ත එක්ස්පෙඩයිට් ලෙසිනි. බ්‍රසීලය මෙන්ම නිව් ඔර්ලියන්ස් ද අද දක්වාම ශාන්ත එක්ස්පෙඩිට් තුමන් භක්තියට පාත්‍ර කරන අතර ප්‍රංශයෙ රියූනියන් දූපත් වල තදින් එතුමන්ගේ භක්තිය මුල් බැස ගෙන ඇත...

සටහන - මනූශ දුලාර

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව