ශුද්ධ වූ එක්ස්පඩයිට් තුමන්

ශුද්ධ වූ එක්ස්පඩයිට් තුමන්

🔴 ශාන්ත එක්ස්පෙඩිටෝ ලෙසද හැඳින්වෙන ශාන්ත එක්ස්පෙඩයිට් තුමන් ක්‍රි.ව  3 වන සියවසේ ජීවත් වූ ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගී වරයෙකු ( ක්‍රිස්තු ධර්මය වෙනුවෙන් දිවි පිදූ ) ලෙස විශ්වාස කෙරේ. එතුමන්ගේ ජීවිතය පිළිබඳ සීමිත ඓතිහාසික සාක්ෂි ඇතත් එතුමන්ගේ භක්තිය  පසුගිය ශතවර්ෂ කිහිපය තුළ, විශේෂයෙන් දකුණු ඇමරිකාවේ සහ නිව් ඕර්ලියන්ස් හි වේගයෙන් පැතිරෙන්නට විය. පුරාණෝක්ති වලට අනුව, එක්ස්පඩයිට් තුමන් යනු වර්තමාන තුර්කිය ලෙස හඳුන්වන මෙලිටීන් නගරයේ රෝමානු සොල්දාදුවෙකි. ඔහුගේ පක්ෂපාතීත්වය, නිර්භීතකම සහ ඔහුගේ හමුදා රාජකාරිවල කාර්‍යක්ෂමතාව සඳහා එතුමන් ප්‍රසිද්ධ විය. කෙසේවෙතත්, ඔහු ක්‍රිස්තු ධර්මය  අදහා ගැනීම එතුමන්ගේ ජීවිතයේ හැරවුම් ල්‍යක්ෂයක් සනිටුහන් කළේය. පුරාණෝති වලට අනුව අනුව එක් දිනක්, එක්ස්පඩයිට් තුමන් රාජකාරියේ යෙදී සිටියදී, යක්ෂයා ඔහුට කපුටෙකුගේ ස්වරූපයෙන් පෙනී සිටිමින්, ඔහුට අවලාද අපහාස නගමින්  ක්‍රිස්තු ධර්මය අදහා ගැනීම කල් දමන්නට පොළඹවන්නට උත්සාහ කරයි. තම තීරණයේ අත්‍යාවශ්‍ය සහ වැදගත්කම දැනගත් එක්ස්පඩයිට් තුමන් යක්ෂයාගේ පෙරැත්තයට යට නොවී HODIE ( අදයි  )  යනුවෙන් කෑගසමින් කපුටාව කපුටු වෙසින් ආ යක්ෂයා පාගා දැමුවේය.

🔴 එතුමන් ක්‍රිස්තුස් වහන්සේ තුල බෞතීස්මය ලැබීමෙන් අනතුරුව රෝම අධිරාජ්‍යයා වූ ඩියොක්ලේෂියන් ගේ නියෝග යටතේ ඔහුගේ ඇදහිල්ල නිසා ( එය මුල් කිතුණු සභා පීඩන සමයයි.රෝම අධිරාජ්‍ය විසින් කිතුණුවන් වැනසීමට උත්සාහ දැරූ සමය ) එක්ස්පඩයිට් තුමන්ට මරණ දණ්ඩනය නියම විය. කෙසේ වෙතත්, එතුමන් තම දිවියේ අවසානය දක්වාම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරීය . එතුමන් අප්‍රේල් 19 වන දින ප්‍රාණ පරිත්‍යාගී විය. එක්ස්පඩයිට් තුමන්ගේ ජීවිතය පිළිබඳ ඓතිහාසික තොරතුරු මදක් අපැහැදිලිව පවතින අතර, එතුමන්ගෙ භක්තියේ ප්‍රචලිත බව 18 වන සහ 19 වන සියවස් වලදී වේගවත් විය. කතෝලික ධර්මය තුළ එතුමන් විශේෂයෙන් ගෞරවයට පාත්‍ර වන අතර එහිදී එතුමන් හදිසි කාරණා සහ ඉක්මන් විසඳුම් අවශ්‍ය අයගේ නාමසාන්තුවරයා ලෙස නම් කොට තිබේ.එතුමන්ගේ ප්‍රතිමා නිරූපණයන්හිදී, ශාන්ත එක්ස්පඩයිට් තුමන් බොහෝ විට නිරූපණය කරනු ලබන්නේ හමුදා ඇඳුමෙන් සැරසී සිටින රෝමානු සොල්දාදුවෙකු ලෙසය HODIE (ලතින් භාෂාවෙන් අද යන තේරුම) යන වචනය සහිත කුරුසයක් අල්ලාගෙන සිටින අතර එතුමන්ගේ බැතිමතුන් බොහෝ විට අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ ක්ෂණික ප්‍රතිඵල හෝ විසඳුම් ලබා ගැනීමට උපකාර  අවශ්‍ය වූ විට එතුමන්‍ට යාඥා කරයි.

🔴 වර්ථමානයේ ශාන්ත එක්පඩයිට් තුමන් මූල්‍ය දුෂ්කරතා, රැකියා ආශ්‍රිත ගැටළු, සම්බන්ධතා ගැටළු සහ අනෙකුත් හදිසි අවශ්‍යතා ඇතුළුව හදිසි කාරණාවලදී ඔහුගේ සහය පතන විවිධ පසුබිම්වල පුද්ගලයින් විසින් භක්තියට පාත්‍ර වන අතර ගරු වන්දනාවට පාත්‍ර  කරනු ලබයි. එතුමන්ගෙ දිවි ගමන  එතුමන්ගේ මැදිහත්වීම විශ්වාස කරන අය තුළ ඇදහිල්ල සහ බලාපොරොත්තුව ඇති කරයි...!!!

ශුද්ධ වූ එක්ස්පඩයිට් තුමෙනී අප නිසා යාඥා ක්ල මැනව...🌹❣️✝️🙏

සටහන - මනූශ දුලාර

Read more

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;

දෙසැම්බර් 01 - ප්‍රාණපරිත්‍යාගි පූජාප්‍රසාදි සා. එඩ්මන්ඩ් කැම්පියන් මුනිතුමා

Edmund Campion SJ (ක්‍රි.ව. 1540 ජනවාරි 25 – 1581 දෙසැම්බර් 01) ඉංග්‍රීසි ජාතික ජේසු නිකායික (Society of Jesus, SJ) පූජාප්‍රසාදිතුමෙකු සහ විද්වතෙකු වූ මෙතුමන්