ක්‍රිස්තියානි නාමයේ නිර්මාතෘ - ශු.එවෝදියස් තුමන්

ක්‍රිස්තියානි නාමයේ නිර්මාතෘ -  ශු.එවෝදියස් තුමන්
Photo by John Price / Unsplash

🔘 ශුද්ධ බයිබලය තුළ සදහන් පරිදි ක්‍රිස්තියානි යන නාමයේ ආරම්භය වන්නේ අන්තියෝකියේ ක්‍රිස්තියානි සංඝය තුළිනි.

📖️ [ බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්, ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.

ක්‍රියා 11:25‭-‬26 ]

🔘 නමුත් ශුද්ධ බයිබලය තුළ එහි නිර්මාණය වීම ගැන විස්තරයක් නොදුන්නත් සභා සම්ප්‍රදාය එයට සාක්ශි දරයි.සම්ප්‍රදායානුකූලව " ක්‍රිස්තියානි " යන නාමයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ අන්තියෝකියේ දෙවන බිශොප් වරයා ලෙස පත් වූ එවෝදියස් තුමන්‍ ය.

🔘 අපෝස්තුළුරයන් අතර ප්‍රධාන අපෝස්තුළුවරයා වූ පේදුරු තුමන් රෝමයේ තම ප්‍රධාන බිශොප් පදවිය ස්තාපිත කිරීමට පෙර අන්තියෝකියේද කිතුණු සංඝයක් නිර්මාණය කර එහිද බිශොප් වරයෙකු පත් කළේය.පේදුරු අපෝස්තුළුතුමන්‍ට පසුව අන්තියෝකියේ අනුප්‍රාප්තිකයා ලෙස ඍජුවම පේදුරු තුමන් විසින් පත් කළේ එවෝදියස් තුමන්ව ය.

🔘 එමෙන්ම තවත් විශේෂ කරුණක් වන්නේ තවත් සම්ප්‍රදායක් අනුව එතුමාව හදුන්වා දෙන්නේ ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් 70 දෙනාගෙන් කෙනෙකු ලෙසත් ය.එමෙන්ම ජේසුස් වහන්සේව අනුගමනය කරන පුද්ගලයන්ව ක්‍රිස්තියානින් ලෙස හදින්වීමට ප්‍රධානියා වුයේ එවෝදියස් තුමන්‍ ය.[ග්‍රීක් බසින්:Χριστιανός/Christianos;"ක්‍රිස්තු අනුගාමිකයා"]

🔘 ශු ස්තේපන් තුමන් ප්‍රාණපරිත්‍යාගී වීමෙන් පසු අන්තියෝකිය, ජුදෙව් ක්‍රිස්තියානින්ගේ ප්‍රධානම නිවහනක් බවට පත්විය.බොහෝ බයිබල් විශාරදයන්ට අනුව ක්‍රිස්තියානි යන නාමය විශේෂයෙන්ම භාවිතා කර ඇත්තේ ජුදෙව් ආගමිකයන්ගෙන් , ජුදෙව් ක්‍රිස්තියානින්ව වෙන්කර හදුනාගැනීමටය.

🔘 එමෙන්ම තවත් විශේෂ සිදුවීමක් වන්නේ එවෝදියස් තුමන්ට පසුව අන්තියෝකයේ බිශොප් තුමන් ලෙස පත් වූ ඉග්නේශස් තුමන්, අපෝස්තුළුරයන්ගෙන් පැවත ආ ඉගැන්වීම පිළිගත් ක්‍රිස්තියානින්ගේ සභාව හැදින්වීමට "කතෝලික සභාව" යන නාමය භාවිතා කිරීමයි.

📜 ["ජේසුස් වහන්සේ කොතැනද එතැන කතෝලික සභාවයි"

-සමර්ණාවරුන්ට ලිපිය 8:2]

🔘 අන්තියෝකියේ ඉග්නේශස් තුමන් තමන්ගේ තවත් එක ලිපියක එවෝදියස් තුමන් ගැන මෙලෙස සදහන් කරයි,["අපෝස්තුළුවරුන් විසින් ඔබේ පළමු එඩේරාණන් බවට පත් කරන ලද ඔබේ ආශීර්වාද ලත් පියාණන් වන එවෝදියස් තුමන්ව මතකයේ තබාගන්න."]

🔘 සම්ප්‍රදායානුකූලවම එවෝදියස් තුමන්ගේ මරණය සිදුවන්නේ රෝමයේ නීරෝ අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව 66 ට ආසන්න කාලයේදීය.

මුල් කිතුණු සභාවට මහඟු සේවයක් කළ ශුද්ධ වූ එවෝදියස් තුමනි ,

අප නිසා යාච්ඤා කළ මැනව !!!

image

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව