දෙසැම්බර් 01 - ප්‍රාණපරිත්‍යාගි පූජාප්‍රසාදි සා. එඩ්මන්ඩ් කැම්පියන් මුනිතුමා

Edmund Campion SJ
(ක්‍රි.ව. 1540 ජනවාරි 25 – 1581 දෙසැම්බර් 01)

ඉංග්‍රීසි ජාතික ජේසු නිකායික (Society of Jesus, SJ) පූජාප්‍රසාදිතුමෙකු සහ විද්වතෙකු වූ මෙතුමන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලීය සා. ජෝන් විද්‍යාලයේ (St John's College, Oxford) සිදු කළ සිය අධ්‍යයනයන්හි ශ්‍රේෂ්ඨත්වය හේතුවෙන් එවකට එංගලන්තයේ රැජිනිය වූ පළමුවන එළිසබෙත් රැජිනියගෙන් (Queen Elizabeth I) සහ රාජාණ්ඩුවෙන් ලද ප්‍රශංසා සහ අනුග්‍රහයන් නිසාවෙන් තම කතෝලික විශ්වාසයෙන් ඈත්ව එංගලන්ත සභාවට (Church of England) සම්බන්ධවී පසුව එහි තේවාචාර්යවරයෙකු (Deacon) බවටද පත් විය.

නමුත් සිය විද්වත්භාවය සහ හෘද සාක්ෂිය නිසාවෙන් අයර්ලන්තය, ප්‍රංශය, රෝමය ආදී කලාපයන්හි ගමන් කරමින් තවදුරටත් ඇංග්ලිකානු ඉඟැන්වීම්වල (Anglican teaching) තිබෙන ප්‍රශ්නගත ස්වභාවය සහ කතෝලික ඉඟැන්වීම් (Catholic teachings) පිළිබඳ අධ්‍යයනය කළ මෙතුමන් ප්‍රංශයේදී නැවත කතෝලික සභාව සමඟ එක් වී, රෝමයේදී ජේසු නිකායට සම්බන්ධවී ප්‍රාග්හි (Prague: වත්මන් චෙක් ජනරජයේ අගනගරය සහ එවකට වූ බොහීමියානු රාජධානියේද අගනගරය) පූජකවරය ලබා එහි ජේසු නිකායික විද්‍යාලයක සේවය කරනු ලැබීය.

ඉන් අනතුරුව නැවත එංගලන්තයට ගොස් කතෝලික ඉඟැන්වීම් රහසේ සිදු කරමින් සභාවෙන් ඉවතට ගිය බොහෝ විශ්වාසිකයන් නැවත කතෝලික සභාවට හරවා ගනිමින් මෙතුමන් එහි ධර්මදූත සේවයේ යෙදුනේය. සිය ධර්මදූත මෙහෙවර නිසාවෙන් අත්අඩංගුවට පත් මෙතුමන්ට එහිදී නැවත ඇංග්ලිකානු ඉඟැන්වීම් පිළිගන්නේ නම් එංගලන්ත රැජිනිය විසින් බොහෝ සම්පත් සහ ඉහළ තනතුරු ලබා දෙන බවට දැන්වුවද සත්‍ය ඉඟැන්වීම්හි ස්ථිරව සිටි මෙතුමන් අවසානයේ Ralph Sherwin සහ Alexander Briant SJ (St. Ralph Sherwin & St. Alexander Briant SJ, Priests) යන කතෝලික පූජාප්‍රසාදිවරුන් දෙදෙනාද සමඟ මරණයට තීන්දුව ලැබීය.

මරණ දඬුවම ලැබීමට පෙර සිය අවසන් දවස් කිහිපය යාච්ඤාශීලීව ගත කළ මෙතුමන් අවසානයේ තමන් සමඟ මරණ දඬුවමට තීන්දුව ලැබූ සෙසු පූජාප්‍රසාදිවරුන් දෙදෙනාද සමඟ ප්‍රාණපරිත්‍යාගි විය.

මෙතුමන් 41 හැවිරිදි වියේදී ප්‍රාණපරිත්‍යාගි වී ඇති අතර 'එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රාණපරිත්‍යාගිවරුන් 40දෙනා (Forty Martyrs of England and Wales: ක්‍රි.ව. 1535 - 1679 අතර කාලයේ එංගලන්තයේ සිදු වූ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණයන් හමුවේ ඉංග්‍රීසි පාර්ලිමේන්තු විසින් පනවන ලද විවිධ නීතීන් යටතේ රාජද්‍රෝහීත්වය සහ ඒ ආශ්‍රිත වැරදි නිසාවෙන් මරණ දඬුවම ලැබූ කතෝලිකයන් පිරිසකි)' අතරින් තිදෙනෙකු ලෙසද මෙම පූජාප්‍රසාදිවරුන් (St. Edmund Campion SJ, St. Ralph Sherwin & St. Alexander Briant SJ, Priests) හඳුන්වනු ලබයි.

'ශාස්ත්‍රඥ/විද්වත් සාන්තුවරයෙකු (scholar-saint)' ලෙස හඳුන්වන මෙතුමන් බ්‍රිතාන්‍ය ජේසු නිකායික ප්‍රාදේශිකයේ (British Jesuit Province) සහ ඕස්ට්‍රේලියාවේ කැම්පියන් විද්‍යාලයේ (Campion College, Australia) නාම සාන්තුවරයාණන් මෙන්ම සිසුන්ගේ සහ අධ්‍යාපනඥයන්ගේද නාම සාන්තුවරයෙකු ලෙසද මෙතුමන් සැලකේ.

වැඩි දුර තොරතුරු:

Edmund Campion - Wikipedia

Read more

දෙසැම්බර් මාසය සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ යැදුම් අරමුණ

ගැටුම් පවතින ප්‍රදේශයන්වල සිටින කිතුනුවන් සඳහා යුද්ධ හෝ ගැටුම් පවතින ප්‍රදේශවල, විශේෂයෙන් මැද පෙරදිග ආශ්‍රිතව ජීවත් වන කිතුනුවන්ට සා