ශුද්ධ වූ චාර්බෙල් මුනිඳුන්

ශුද්ධ වූ චාර්බෙල් මුනිඳුන්

ජුලි 24 වන දින, කතෝලික සභාව සිය ජීවිත කාලය තුළ සහ ස්වර්ගස්ථ වීමෙන් පසු මහත් ප්‍රාතිහාර්යයන් කරන්නාවූ වූ මැරොනයිට් කතෝලික  තාපසතුමෙක් වන ශාන්ත චාර්බෙල් මක්ලූෆ්ගේ මුනිදුන්ගේ මංගල්‍ය දින සමරයි. ☦️🌼❤️

1965 දී ඔහුගේ භාග්‍යවරයට ඔසවන  අවස්ථාවේදී,  VI වන පාවුළු පාප් වහන්සේ විසින් විස්තර කරන ලද්දේ "චර්බෙල් මුනිතුමන්ගේ ආදර්ශයෙන් සහ ඔහුගේ මැදිහත්වීමෙන් සමස්ත ක්‍රිස්තියානි ජනතාවම පොහොසත් කරන" පැවිදි ශුද්ධවත්කමේ " නව කීර්තිමත් සාමාජිකයෙකු ලෙසය.

1828 දී ලෙබනනයේ දුප්පත් පවුලකට  උපත ලැබූ යූසෙෆ් ඇන්ටූන් මක්ලූෆ්, ඇන්ටූන් සාරූර් මක්ලූෆ් සහ බ්‍රිජිටා එලියාස් අල්-ෂෙඩියාක්ගේ දරුවන් පස්දෙනාගෙන් බාලයා විය. පවුලෙන් ඉවතට  ගොස් වෙහෙස මහන්සි වී වැඩ කළ ඇන්ටවුන් මිය ගියේ ඔහුගේ බාල පුතාට වයස අවුරුදු තුනේදීය.

යූසෙෆ් පල්ලියේ පාසලේ ඉගෙනුම ලැබූ අතර ඔහුගේ පවුලේ එළදෙන රැකබලා ගත්තේය. කුඩා කල සිටම යාඥාවේ සහ හුදකලාවේ නිරත වූ ඔහු තම ගම අසල කෙත්වතුවල සහ තණබිම්වල එළිමහනේ බොහෝ කාලයක් ගත කළේ ලෙබනනයේ නිම්න සහ කඳුකරයේ ආශ්වාදජනක දසුන් මධ්‍යයේ දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරමිනි.

ඔහුගේ මාමා සහ භාරකරු ටානියස්ට අවශ්‍ය වූයේ එම දරුවා ඔහු සමඟ දිගටම වැඩ කිරීමයි, ඔහුගේ මවට ඔහුට තරුණියක් විවාහ කර දීමට අවශ්‍ය විය. කෙසේ වෙතත්, යූසෙෆ්ට වෙනත් සැලසුම් තිබූ අතර, 1851 දී කිසිවෙකුට නොදන්වා නිවසින් පිටව ගියේය.

යූසෙෆ් ඔහුගේ නව පැවිදි නිවසට පා ගමනින් වන්දනාවේ යාමෙන් පසු ඔහු "සහෝදර චා‍ර්බෙල්" බවට පත් විය. මෙහිදී, ඔහු ඒ වන විටත් කාඩිෂා නිම්නයේ ශාන්ත පාවුළු ආරාමයේ හුදකලා තාපස තුමන් කෙනෙක් ලෙස ජීවත් වූ ඔහුගේ මව් පාර්ශවයේ මාමාවරුන්ගේ ආදර්ශය අනුගමනය කළේය.

චාර්බෙල් 1853 නොවැම්බරයේදී මහජනතාවට සහ ඔහුගේ පවුලේ අයට පවා තහනම් කරන ලද උත්කර්ෂවත් උත්සවයකදී තම පැවිදි භාරය ගත්තේය. ඔහු පසුව පූජකවරය සඳහා ඉගෙනුම් ලබා පූජාත්වරය ලැබූ අතර නැවත ශාන්ත මාරොන් ආරාමයට පැමිණියේය.

චාර්බේල් තාපසතුමා වසර 19 ක් ආරාමයේ ජීවත් වෙමින් සේවය කල අතර යාච්ඤාව, වැඩ කිරීම සහ කල්පනාකාරී නිහැඩියාවේ ජීවිතයට මහත් භක්තියක් පෙන්වීය.

චාර්බෙල් තුමන්ගේ ප්‍රධානීන් ඔහුගේ ජීවිතයේ ක්‍රියාත්මක වන දෙවියන් වහන්සේගේ “ ආත්මානුභාවය  හා බලය” නිරීක්ෂණය කළ අතර, මෙතුමා බොහෝ මුස්ලිම්වරුන් අතර පවා ආශ්චර්යමත් සේවකයෙකු , මුනිවරයෙකු ලෙස ප්‍රසිද්ධ විය. 1875 දී, ශාන්ත පේදුරු  සහ පාවුළුතුමාට කැප කරන ලද අසල පිහිටි ආරාමයක හුදකලා තාපසයෙක් ලෙස ජීවත් වීමට ඔහුට අවසර සභා නායකත්වයෙන් ලැබුණි . නමුත් ඔවුන් මෙම අවසරය දුන්නේ මදක් අදි මදි කරමිනි .
දැඩි යාඥාව සහ දෙවියන් වහන්සේ සමග ගැඹුරු එකමුතුව, ඉදිරි වසර 23 තුළ  එතුමාගේ ජීවිතය සංලක්ෂිත කළේය. එතුමන් ආහාර ගත්තේ එක වේලක් පමණක් වන අතර ඒ අසල තාපසාරාමයේ ඉවත් කරන ආහාර පමණි. එතුමන් පැළද සිටියේ ගොරෝසු ඇදුම් ය.

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සඳහා දැඩි ලෙස භක්තිමත් වූ එතුමන් , 1898 දෙසැම්බර් 16 වන දින මැරොනයිට් කතෝලික දේවස්ථානයක දිව්‍ය පූජාව පවත්වමින් සිටියදී ආඝාතයකට ගොදුරු විය. එතුමන් එම වසරේ නත්තල් සැදෑවේ ස්වර්ගස්ථ විය.

එතුමන්ගේ සොහොන එතුමන්ගේ මරණයෙන් පසු වන්දනා ස්ථානයක් විය. ලෙබනනයේ සහ ලොව පුරා   ඔහුගේ මැදිහත් වීම තුළින් ප්‍රාතිහාර්‍ය සිය ගණනක් සිදු වූ බව විශ්වාස කෙරේ.

1977 දී හයවන පාවුළු පාප් වහන්සේ විසින් එතුමන්ව ශුද්ධවරයට පත් කරන ලදී, ඔහු ලෙබනන්හී මැරොනයිට් කතෝලික  ශුද්ධවරයා සහ "නැගෙනහිර පුරාණ පැවිදි-තාපස සම්ප්‍රදායන් මත සුපිපුණ පරිශුද්ධත්වයේ ප්‍රශංසනීය පුෂ්පයක් " ලෙස උන්වහන්සේ එතුමන්ට ප්‍රශංසා කරන ලදී.
ශුද්ධ වූ චාර්බෙල් මුනිඳුනි, අප නිසා යාඥා කළ මැනව...❤️☦️🌼⛪
( උපුටාගෙන සංස්කරණය කරන ලදි. )

- මනූශ දුලාර