නොවැම්බර් 25 - ප්‍රාණපරිත්‍යාගි ඇලෙක්සැන්ඩ්‍රියාවේ සා. කැතරින් කන්‍යාවගේ සුළු අනුස්මරණය

Catherine of Alexandria
(ක්‍රි.ව. 287 - 305)

සම්ප්‍රදායට අනුව රෝම ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ (Alexandria: එවකට රෝම ඊජිප්තුවේ අගනගරය සහ වත්මන් ඊජිප්තු ජනරජයේ දෙවන විශාලතම නගරය) වංශවත් මිථ්‍යාදෘෂ්ටික (Pagan) පවුලකට දාව උපන් මෙතුමිය කුඩා කල සිට සිය අධ්‍යයන කටයුතු ඉතා කැපවීමෙන් සිදු කළ විද්වත්වතියක වූවාය.

සිය 14 හැවිරිදි වියේදී මෙතුමියට මරියෝත්තමාවන්ගේ සහ ජේසු බිළිඳුන්ගේ දර්ශනයක් මඟින් කිතු දහම වැළඳගන්නා ලෙසට දන්වනු ලැබූ බවද සඳහන් වන අතර ඒ අනුව කිතු දහම වැළඳගත් මෙතුමිය ඉතා ක්‍රියාකාරී, භක්තිමත් කිතුනුවෙකු වූවාය. බොහෝ දෙනෙකු කිතු දහමට හරවාගත් මෙතුමිය සිය දැනුම සහ දක්ෂතාවයන් තුළින් ප්‍රතිඋත්තවේදිනියක (apologist) ලෙසද කිතු දහම ආරක්ෂා කර ගැනීමට දායක වූවාය.

Maxentius (Roman Emperor Marcus Aurelius Valerius Maxentius) රෝම අධිරජු දියත් කළ කිතුනු පීඩන සමයේදී සිය කිතුනු විශ්වාසය උදෙසා මෙතුමිය 18 හැවිරිදි වියේදී පමණ ප්‍රාණපරිත්‍යාගි වූ බවද සම්ප්‍රදායේ සඳහන් වේ.

එසේම ප්‍රතිඋත්තරවේදීන්ගේද (apologists), දාර්ශනිකයන්ගේ සහ නීතිඥයින්ගේද, දේශකයන්ගේද (preachers), ශිෂ්‍යයන්ගේ සහ විද්වතුන්ගේද (scholars) නාම සාන්තුවරියක ලෙස මෙතුමිය සැලකේ.

වැඩි දුර විස්තර:

St. Catherine of Alexandria
Saint of the day: St. Catherine of Alexandria - Catholic News Agency
Catherine of Alexandria - Wikipedia

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව