නොවැම්බර් 28 - සා. කැතරින් ලැබෝරේ කන්‍යාව

Catherine Labouré DC
(ක්‍රි.ව. 1806 මැයි 02 – 1876 දෙසැම්බර් 31)

මෙතුමිය ප්‍රංශ ජාතික Daughters of Charity of Saint Vincent de Paul (Daughters of Charity, DC) නිකායික කන්‍යා සොහොයුරියක (nun) සහ මරියෝත්තමාවන් වහන්සේගේ දර්ශනලාභිනියකද (Marian visionary) වූවාය.

ප්‍රංශයේ පැරිස් නගරයේ Rue du Bac වීදියේ වූ කන්‍යාරාමයට සිය මූලික පැවිදි පුහුණුව සඳහා ඇතුළත් වූ මෙතුමිය එහිදී අද වන විට මිලියන සංඛ්‍යාත ජනතාවක් පැළඳ සිටින 'පුදුම පදක්කම (Miraculous Medal/Medal of Our Lady of Graces)' නිර්මාණය කිරීමට හේතු වූ මරියෝත්තමාවන්ගේ දර්ශනයන් (Marian apparitions) අවස්ථාවන් කිහිපයකදීම ලැබුවාය.

අනතුරුව කන්‍යා සොහොයුරියක ලෙස මෙතුමිය බොහෝ දිළිඳු ජනතාව සහ වැඩිහිටියන් මෙන්ම රෝගී වූවන්ද රැක බලා ගනිමින් කැපවීමෙන් යුතුව ඔවුන්ට සේවය කළාය.

මෙතුමිය 70 හැවිරිදි වියේදී ස්වර්ගස්ථ වූ අතර සිය නොදිරන සිරුර අද වන විට පැරිස් නගරයේ ආශ්චර්යමත් කන්‍යාවගේ කරුණාවේ කුඩා දේවස්ථානයේ (Chapel of Graces of the Miraculous Virgin) නැතහොත් පුදුම පදක්කමේ අප ස්වාමිදුවගේ කුඩා දේවස්ථානයේ (Chapel of Our Lady of the Miraculous Medal) තැන්පත් කර ඇත.

'නිශ්ශබ්දතාවයේ සහ (ආත්ම) විශ්වාසයේ සාන්තුවරිය (Saint of Silence and Confidence)' ලෙස හඳුන්වන මෙතුමිය වැඩිහිටියන්ගේ සහ දුර්වල/‍රෝගී වූවන්ගේ නාම සාන්තුවරිය ලෙසද සැලකේ.

වැඩි විස්තර:

Catherine Labouré - Wikipedia

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;