දෙසැම්බර් 02 - ප්‍රාණපරිත්‍යාගි සා. බිබියානා කන්‍යාව

Bibiana
(ක්‍රි.ව. 04 වන සියවස)

Bibiane, Viviana හෝ Vivian ලෙසද හඳුන්වන මෙතුමිය සම්ප්‍රදායට අනුව එවකට රෝමයේ වංශවත් කිතුනු පවුලක දියණියක වූවාය.

සිය කිතුනු විශ්වාසය හේතුවෙන් Julian the Apostate (Roman emperor Flavius Claudius Julianus) නම් රෝම අධිරජු කිතු දහම ප්‍රතික්ෂේප කර දියත් කළ කිතුනු පීඩනයේදී මෙතුමියගේ පවුලට බොහෝ පීඩා කර පිටුවහල් කළ බව සඳහන් වේ.

කෙසේ වෙතත් අවසානයේ මෙතුමිය තමන් විඳි දරුණු වධහිංසනයන් නිසාවෙන් මරණයට පත් වූ බවද සඳහන් වේ.

මෙතුමිය වධහිංසනයන්ට ලක්වූවන්ගේද අපස්මාර රෝගීන්ගේ (epileptics) සහ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන්ගේද නාම සාන්තුවරියක ලෙස සැලකේ.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව