දෙසැම්බර් 02 - ප්‍රාණපරිත්‍යාගි සා. බිබියානා කන්‍යාව

Bibiana
(ක්‍රි.ව. 04 වන සියවස)
Bibiane, Viviana හෝ Vivian ලෙසද හඳුන්වන මෙතුමිය සම්ප්‍රදායට අනුව එවකට රෝමයේ වංශවත් කිතුනු පවුලක දියණියක වූවාය.
සිය කිතුනු විශ්වාසය හේතුවෙන් Julian the Apostate (Roman emperor Flavius Claudius Julianus) නම් රෝම අධිරජු කිතු දහම ප්‍රතික්ෂේප කර දියත් කළ කිතුනු පීඩනයේදී මෙතුමියගේ පවුලට බොහෝ පීඩා කර පිටුවහල් කළ බව සඳහන් වේ.
කෙසේ වෙතත් අවසානයේ මෙතුමිය තමන් විඳි දරුණු වධහිංසනයන් නිසාවෙන් මරණයට පත් වූ බවද සඳහන් වේ.
මෙතුමිය වධහිංසනයන්ට ලක්වූවන්ගේද අපස්මාර රෝගීන්ගේ (epileptics) සහ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන්ගේද නාම සාන්තුවරියක ලෙස සැලකේ.