අර්මේනියාව සහ ශු. බර්තෙලෙමෙව් අපෝස්තුලුතුමන්

අර්මේනියාව සහ ශු. බර්තෙලෙමෙව් අපෝස්තුලුතුමන්

ජේසුස් වහන්සේගේ නාමය උදෙසා කිතුණුවන්ව මරනු ලැබීම අතී සාමාන්‍යය සත්‍යතාවයකි...

ශුද්ධවු වචනය තුළ ජේසුස් වහන්සේගේ නාමය උදෙසා කිතුණුවන්ට පැමිණෙන පීඩා ගැන ඕනෑ තරම් ලියා ඇත.

එක් සම්ප්‍රධායක් සඳහන් කරන්නේ ශු. බර්තෙලෙමෙව් තුමන්ව අර්මේනියාවේදී මරනු ලැබූ බවයි. උන්වහන්සේව මරනු ලැබුවේ පණ පිටින් හම ගසා, පසුව බෙල්ල කපා දැමීමෙනි.

අතීතයේ හම ගසා, මහා වද වලට ලක් කර මරනු ලැබීම දුලබ දෙයක් නොවීය. හම ගැසීම සිදු කරන්නේ කුඩා මුවහත් පිහියකිනි. අත් දෙක හිසට ඉහළින් තබා, ඉක්බිති, හම ගැසීම සාමන්‍යෙයෙන් ආරම්භ කරන්නේ මුහුණෙනි. මුළු ශරීරයේම හම, නොකැඩී එක් විශාල හමකට වගේ කපා ඉරා ගැනීමද සිදුවේ.

එහෙත්, සාමන්‍යෙන් එහි වේදනාව සහ ලේ ගැලීම දරා ගන්නට බැරිව කෙනෙකුගේ ඉණ ප්‍රදේශයට වගේ පැමිණෙද්දි කෙනෙක් මරණයට පත්වේ.

අපේ ශුද්ධවු අපෝස්තුළුතුමන්ව ජේසුස් යන නාමය උදෙසා මරනු ලබන්නේ හම ගසා පසුව හිස ගසා දමමිනි. උන්වහන්සේගේ රුධිරයෙන් අපගේ ඇදහිල්ලද, අර්මේනියාවේ ඇදහිල්ලද ශක්තිමත් විය !!!

අර්මේනියාව රාජ්‍යයක් (රටක්) නිළ වශයෙන්, මුලින්ම කිතුණු ධර්මය රාජ්‍යය ආගම බව පිළිගන්නේ අර්මේනියාවෙයි (ක්‍රි.ව. 301).

1914-1918 අර්මේනියාවේ කිතුණුවන්ගේ සාමුළ ඝාතනය

පළමු වන ලෝක යුද්ධ සමයේදී ඔත්තමාන් අධිරාජ්‍යය (Ottoman Empire- වර්ථමානයේ තුර්කීය ), කිතුණුවන්ගේ සමූළ ඝාතනය ඉතා සැලසුම් සහගත ලෙස කරන්නට උත්සහා දැරීය. කිතුණුවන් මිලියනයකට (1,000,000) ආසන්න ප්‍රමාණයක් කිසිම යුධමය පසුබිමක් නොමැතිව, බරපතළ හේතුවක් නොමැතිව මරනු ලැබීය. (ඉතාම කෙටියෙන් ලීවෙමි. එහි දේශපාලනික පසු බිම නොලීවෙමි, එහෙත් අර්මේනියානුවන් කිතුණුවන් වීම, ඔවුන් මරා දැමීමට බලපෑ එක් මූලික සාධකයකි).

එහෙත් ඔබ පුදුම වේවී !!!

2011 වන වසර වන විට, අර්මේනියාවේ ජනතාවගෙන්  97% කිතුණුවන් ය.

2018, පිව් සමීක්ෂණ වාර්තා වලට (Pew Research) අනුව, යුරෝපයේ රටවල් 34 අතර, අර්මේනියාව, වැඩිපුරම දේව විශ්වාසය ඇති රටවල් අතර දෙවන ස්තානයේ පසුවිය.

වර්ථමාන අර්මේනියාවේ ජනතාවගෙන් 80% ක්, ශුද්ධ දෙවියන් වහන්සේගේ වැඩසිටීම ඉතා ස්ථීර විශ්වාසයෙන් අදහන්නෝය. (Pew Reserach Publications in December 2018).

අපේ ශුද්ධවූ අපෝස්තුලුතුමන්ව හම ගසා මරා දැමු වේ අර්මේනියාවෙදීය !!!

ඔබ මම නමස්කාර කරන, අපේ එකම පියාණන් වහන්සේට නමස්කාර කළ අර්මේනියානු කිතුණුවන් මිලියනයක්ද එම භූමියේම මරා දමන ලද්දේය !!!

පාස්කු බෝම්බ ප්‍රහාරයද ශ්‍රී ලංකාව තුළ ප්‍රාණපරිත්‍යාගීන් බිහි කලේය. ඔවුන්ගේ ඇදහිල්ලේ රුධිරය, ඇල්මැරුණු අප ශක්තිමත් කරන සේක්වා !!!

එහෙත්, අපිට පීඩා කරන්නවුන්ට දිගින් දිගටම ප්‍රේම කරමු !!!

කිතුණු පීඩාව වැඩිවන්නට නියමිතය!!!

කිතුණු ප්‍රාණ පරීත්‍යාගීන් ලෝකයේ වැඩි වැඩියෙන්
බිහි වන්නට නියමිතය !!!

එහෙත් අපි වැඩි වැඩියෙන්, අපට රිදෙන තුරු ප්‍රේම කරමු.

මන්ද අපගේ සැබෑ ජීවිතය මෙලොවින් නොවන්නේය !!!

සටහන - ඉසංක මිහිරාන් පියතුමා