" අඟහරුවාදා දිනය" පාදුවාහි ශු.අන්තෝනි මුනිඳුන්ට කැප කළ දිනය ලෙස සැලකෙන්නේ ඇයි ?

" අඟහරුවාදා දිනය" පාදුවාහි ශු.අන්තෝනි මුනිඳුන්ට කැප කළ දිනය ලෙස සැලකෙන්නේ ඇයි ?

🔸 ශු.අන්තෝනි මුනිඳුන් ලක්දිව පමණක් නොව මුළු ලොව පුරාම ජනාදරයට පාත්‍ර වන්නාවු ශුද්ධ වන්තයෙකි.එතුමන් උපත ලබන්නේ ක්‍රි.ව 1195 පෘතුගාලයේ ලිස්බන් නගරදීය.සග සුව දිනන්නේ ක්‍රි.ව 1231 ජූනි මස 13 වන දින දීය ( එනම් ජූනි 12 වෙනිදා සවසය. ඒ සමයේ සවස 4 පසු ගනන් ගැනෙන්නේ පසුවදා දින ලෙසය)

උන්වහන්සේගේ අවසාන පැය කීපය ගැන උන්වහන්සේ අයත්ව සිටි ෆ්‍රැන්සිස්කානු නිකායේ සොහොයුරෙකු මෙසේ ලියා ඇත.එනම්,

අන්තෝනි ඒ වන විටත් රෝගාතුටව සිටියේය.ඔහුගේ අන්තීම ඉලීමවූයේ ඔහු ඉතා ආදරය කළ සාන්ත මරියා මාතෙර් දොමිනි ( දේව මාතා ) දේවස්ථානය වෙත කැඳවාගෙන යන ලෙසය.ඒ ඔහු තුළ වූ බර දේවමාතාවන් ඉදිරියේ නිදහස් කිරීමටය.ඔහුගේ ඉල්ලීම පරිදි කරත්තයක නිදි කරවාගෙන කම්පෝසම්පියේරෝ ( පාදුවා සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටි උන්වහන්සේ ජීවත්වූ ෆ්‍රැන්සිස්කානු ආරාමය පිහිටි ගම) සිට පාදුවා හි දේවමාතා දෙව්මැදුර වෙත ඒමට පිටත් උනෙමු.අතරමගදී ඉතා සිනාමුසු මුහුණෙන් ඔහු අහස දෙස බලකල අන්තෝනි නුඹ කුමක් දකින්නේ දැයි ඇසුවෙමු ඔහු උත්තර දෙමින් මාගේ ස්වාමින් වහන්සේව දකිමියි යැයි පිළිතුරු දුන්නේය.එය ඇසූ අපි ඔහුගේ අන්තීමය ලංවී ඇති බව දැන දිව්‍ය සත්ප්‍රසාදය දානය කර රෝගීන්ගේ ආලේපය ඔහුට ලබා දුන්නෙමු.ඉතා භක්තියෙන් එය ලබාගත් අන්තෝනි ' ඔ ග්ලෝරිඔස ත්රලේ
වෙර්ජිනි ' නම් දේවමාතාවන්ට ගයන ගීය ගායනා කර ඉතා සැහැල්ලු සිනහවකින් මුව සරසාගෙන සදාතණික පියාණන්ගේ නිවහනට ඇතුලුවිය! යනුවෙනි.

උන්වහන්සේ ස්වර්ගස්ථවූයේ පාදුවා නගරයට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි අර්චෙල්ලා නම් ප්‍රදේශයයේය. උන්වහන්සේ උකුත්වූ ස්ථානයේ ෆ්‍රැන්සිස්කානු නිකායේම කුඩා ආරාමයක් තිබූ නිසා සිරුර භූමිදානය කිරීම සදහා ගෙනයන ලදී.එහෙත් එහිදී ප්‍රශ්නයක් මතුවිය.එනම් උන්වහන්සේගේ අන්තීම කැමැත්ත වූයේ දේවමාතා දේවස්ථානය වෙත යාමටය.එමෙන්ම ඒ වන විටත් අන්තෝනි මුනිඳුන් මුළු පාදුවා ප්‍රාන්තය තුළම ප්‍රසිද්ධ චරිතයක් වූවා මෙන්ම ජනතාව එතුමන් අමතන ලැබුවේ ශුද්ධවූ පියතුමා යනුවෙනි.උන්වහන්සේ ජීවත්වූ ආරාමයේ සොහොයුරන් හා පියවරුන් එතුමන්ගේ භූමිදානය එතුමන්ගේ අවසන් කැමැත්ත පරිදි පාදුවා හි දේවමාතා දේවස්ථානයේ සිදුකල යුතුබව කියා සිටි අතර එම අවස්ථාවේ දේහය තබා තිබූ අර්චෙල්ලා ප්‍රදේශයේ ආරාමයේ සොහොයුරන් දේහය එහි භූමිදානය කල යුතු බව කියා සිටින ලදී.මෙම මත ගැටුම නිසා නිකායේ ශේෂ්ථයන් අතර කතිකාවකින් පසු තීරණයක් ගැනීමට ඔවුන්ට සිදුවිය.ඒ අනුව එම කතිකාව ජූනි මස 13 වන සිකුරාදා සිට ජූනි 17 වන අගහරුවාදා දවස වන තෙක් සිදු කෙරුණු අතර අවසානයේ පාදුවාහි දේවමාතා දේවස්ථානයේ භූමිදානය කිරීමට තීරණය විය.

පාදුවාහි ජනතාවට ඒවනවිටත් ශු.අන්තෝනි මුනිඳුන් ශුද්ධවන්තයෙක් වී අවසානය.දේහය අර්චෙල්ලා සිට පාදුවාහි දේවමාතා දේවස්ථානය වෙත ගෙන එන මග දෙපස මහා සෙනගක් රැස්ව උන්වහන්සේගේ මධ්‍යස්ථ පිහිට පතන්නටත් ඉටිපහන් දල්වා යදින්නටත් විය.

ඒ අනූව ශු.අන්තෝනි මුනිඳුන්ට කැපවු දිනය ආරම්භ වන්නේ ජූනි මස 17 වන අගහරුවාදා දින එතුමන්ගේ දේහය අර්චෙල්ලා සිට පාදුවා වෙත රැගෙන ඒමත් සමගය. තවද ඒවන විටත් උන්වහන්සේගේ දේහය නරක්වීමට පටන් ගෙන තිබූ බවද සදහන් වේ. ක්‍රි.ව 1232 මැයි මස 30 වන දින නමවන ග්‍රෙගරි සුදතුම් පියතුමන් විසින් අප මුනිවරයානන් සුදුවරයට ඔසවන ලදී.

පාදුවාහි වත්මන් සාන්ත අන්තෝනි බැසිලිකාව ගොඩනැගීමෙන් අනතුරුව එතුමන්ගේ දේහය ගොඩ ගෙන අවශ්‍ය කොටස් නව බැසිලිකාවේ තැන්පත් කිරීමට සූදානම් වූ විට භූමිදාන කරන අවස්ථාව වන විටත් නරක්වෙමින් තිබූ එතුමන්ගේ සිරුරේ දිව කොටස ඒ ආකාරයෙන්ම නොදිරාපවතිනු දක්නා ලදී.

එම අවස්ථාවේ ශුද්ධවූ බොනවෙන්චර් මුනිඳුන් අප මුනිවරයාණන්ගේ දිව ධාතුව සියතට ගෙන එය රතුවට,තෙතට,මේ දැන් දෙවියන් වහන්සේ මිනිසෙකුට දුන් දිවක් මෙන් දිස්වනු දැක

' ඔ ලීන්ගුආ බෙනදිත්තා
කුඑ දොමිනුම් සෙම්පේර් බෙනදික්සිස්ති
එත් හලි හෝස් බෙන දිචේරේ ෆෙචිස්ති
නුන් මනිෆෙස්තෙ අපාරෙත්
කුඅන්ති මෙරීති එක්සීස්ති
ආ පූත් දේවුම්

යනුවෙන් ප්‍රකාශ කරන ලදී.එහි අර්ථය නම් , අහෝ සෑම කල් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලත් භාග්‍යවන්ත දිව, ඒ දිවෙන් අනෙකාට ආශිර්වාද කිරීමට සැලැස්විය.මෙය දිකින විට දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි වූ ප්‍රසන්නතාවය මනා දිස්වේ,යන්නය.

වසර 800 කට පසුවත් ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දිව නොදිරා පවතී.

උන්වහන්සේගේ දේහයේ නොදිරා තිබූ අස්ථි මගින් කරන ලද පරික්ෂාවන් වලදී උන්වහන්සේ මිය යන විට ඉද් රෝපෙසියා ( ඉද්‍රෝපෙසි ) රෝගය වැලදී සිටි බවත් මිය යන විට 39 වන වියේ පසූ වූ බවත් සොයාගන්නා ලදී.එසේම උන්වහන්සේ පෙනුමෙන් තරබාරු එතරම් උස නොවූ මිටි පුද්ගලයෙකි. උන්වහන්සේට වැලදී තිබූ රෝගය හේතුවෙන් සිරුරේ රුධිරය ජලය බවට හැරීම නිසා සිරුර ඉදිමුම් සොබාවයක් ගත් බව අනාවරණය විය.

ශු.අන්තෝනි මුනිඳුන් ජීවත්ව සිටි කාලයේ එතුමන් සියැසින් දුටු සිත්තරෙකු විසින් සිත්තම් කරන ලදැයි සැලකෙන සිතුවමක් පාදුවාහි ශුද්ධවූ අන්තෝනි බැසිලිකාවේ අදටත් දැක ගත හැකිය.එම සිතුවමේද එතුමන්ගේ පෙනුම තරබාරුය.

ඥානාර්ථ ප්‍රදිපය ( 11/06/2023 ) දින

~ Hayath Raskin