ශු. ඇලොසියස් ගොන්සාගා තුමා

ඇලෝසියස් ලුයිජි ගොන්සාගා, ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ කුමරුවකු හා මන්තුවාහි ආදිපාද ව සිටි ෆර්ඩිනන්ඩ් ගොන්සාගෝ තුමාගේ වැඩිමහල් පුතණුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්‍රිස්තු භක්තිකයකු වූවාය.

1569 මාර්තු 09 වන දින ඇලෝසියස් ඉතාලියේ රජ මැදුරක උපත ලැබුවේය. ඔහුගේ මව තම පුතු කිතුනු ලීලාවෙන් ඇති දැඩි කළාය.

යාච්ඤා කිරීමටත්. දිළිදුන්ට කරුණාව පෙන්වීමටත් ඇය ඔහුට ඉගැන්වුවාය. ඇලෝසියස් ශුද්ධවන්තයකු වුයේ තම මව නිසාය.

වයස අවුරුදු 07 දී ඔහු තම අධ්‍යාත්මික දිවියේ පුළුල් පියවරක් ගත්තේය. දෙව් මව් වෙත භක්තියත්, යාච්ඤාවට තිබූ ලැදියාවත් වඩාත් කැපී පෙනිණි. වයස අවුරුදු 08 දී ඔහු තම සොහොයුරා සමග ෆ්ලොරන්ස්හි ෆ්‍රැන්සිස්කෝ ටෙචිසින් නම් මිතුරකුගේ රජවාසලට යවනු ලැබුවද, අධ්‍යාත්මික දේ කෙරෙහි ඔහුගේ සිත බැඳී තිබු හෙයින් ඔහු බඹසර දිවියකට පොරොන්දු ගත්තේය.

ෆ්ලොරන්ස් නුවරින් මන්ටුවා වලට යවනු ලැබූ ඔහු, එහිදී යාච්ඤාවෙන් හා පශ්චාත්තාපයෙන් ජීවිතය ගත කළේය. නිරාහාරශීලය රැකීමටත්, තම ක්ෂණික කෝපය මැඩගැනීමට මෙන් අන් අයගේ චෝදනා වලට මුහුණ දීමටත් හෙතෙම තමාව පුරුදු කර ගත්තේය.

වයස 12 දී එතුමා පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීය. දිනපතා සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඔහු ආශා කළද, එකල පැවති සිරිත අනුව දිව්‍ය සත්ප්‍රසාද ලැබිය හැකි වූයේ සතියකට වරක් පමණි. එබැවින් එතුමා සත්ප්‍රසාද ලබාගැනීමට සුදානම් වීම සඳහා දින තුනක්ද, තුති පිදීමට දින 3 ක්ද ගත කිරීමට පුරුදු විය. මුල සිටම හෙතෙම හැකි තරමින් ශුද්ධවන්ත දිවියක් ගත කළේය.

දෙව්මව් වෙත මුළු හදින් පෙම් කළ එතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට බොහෝ වෙලා යාච්ඤා කළේය.

වැඩිකල් නොගොස්ම තම සොහොයුරන් වෙනුවෙන් සිය නිත්‍යානුකූල උරුමයන් කැප කරමින් පැවිදි දිවියට එළඹීමට එතුමා තීරණය කර ගත්තේය. එහෙත් මේ තීරණයට ඔහුගේ පියා තද විරෝධය පෑ නිසා, ඔහුගේ අවසරය ගැනීමට වසර 3 ක් තිස්සේ වෙහෙසෙන්නට සිදු විය. මේ අතරතුර වසර 2 කට එතුමාව ස්පාඤ්ඤයේ පිලිප් කුමරුන් වෙත යවනු ලැබිය. එවිට ඔහුට උතුරු ඉතාලියේ සියළුම රජ කුමරුන් හා ආදිපාදවරුන් හමුවීමට සිදුවිය. ඔහුගේ අදහස වෙනස් කිරීමට ඔවුහු උත්සාහ දරුවද, එය නිශ්පල විය. අවසානයේ 1885 සරත් ඍතුවේදී 17 හැවිරිදි ඇලෝසියස් රෝමයේ ජේසු නිකායික ආධුනික නිවෙසට පිවිසියේ පූජකවරයකු වීමේ මහත් ආශාව සපුරා ගැනීමටය.

1590 දී ඉතාලියෙහි දරුණු සාගතයක්ද, ඉන් අනතුරුව දරුණු වසංගතයක් ද, පැතිරිණි. ජේසු නිකායික පියවරුන් විසින් හදිසි රෝහලක් විවෘත කරනු ලැබීය. ඇලෝසියස් තුමා අනුන්ගෙන් උදවු ඉල්ලා ලෙඩුන්ට උපස්ථාන කරමින් ඔවුන් සනසන්නට විය. අසාධ්‍ය වූවන් ඔවුන්ගේ අවසානයට සුදානම් කරමින්, ලෙඩුන්ට සේවය කිරීම සඳහා තම දිවිය කැප කිරීමට එතුමා වෙහෙස විය. 1591 මාර්තු මස දී එතුමා රෝගයට ගොදුරුවී තුන් මසක් ඉවසීමෙන් එය දරා ගත්තේය. මාර්තු 20 වන දින එතුමා දිව්‍ය සත්ප්‍රසාද ලැබීමට ආශා බව කියා සිටියේය. ඒ එතුමා අවසාන වරට සත්ප්‍රසාද ලැබූ අවස්ථාව විය. ගු. රොබට් බෙලාමීන් මුළු රැයම එතුමා සමග ගත කළ අතර, පසු දින අළුයම තමා දිවි හිමියෙන් පෙම් කළ, ලැදියාවෙන් සේවය කළ කිතු සමිඳුන් සොයා එතුමාගේ ආත්මය පියා සැලුවේය. ඒ 1591 ජුනි 21 වන දිනදීය. එවිට 23 වන වියෙහි පසු වූ ඔහු, ජේසු නිකායට බැඳී වසර 6ක් පමණ විය.

විශේෂයෙන් තරුණ, ක්‍රිස්තියානි ශිෂ්‍යයන්ගේ ආරක්ෂක නාම සාන්තුවරයා ලෙස ශු. ඇලොසියස්තුමා සභාව විසින් ප්‍රකාශ කර ඇත. තරුණ තරුණියන්ට පිවිතුරු දිවියකට මනා ආදර්ශයක් වන

මෙතුමාගේ මංගල දිනය ජුනි 21 වන දින සමරනු ලැබේ.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව