ටියුරින් සලුවේ කාලනීර්ණය

ටියුරින් සලුවේ කාලනීර්ණය

ටියුරින් සළුව (Shroud of Turin), සියවස් ගණනාවක් තිස්සේ ජේසුස් ක්රිස්තුස්ගේ සොහොන් වස්ත්රය ලෙස සැළකේ. එය 1578 සිට ඉතාලියේ ටියුරින් හි San Giovanni Battista ආසන දෙව්මැදුරේ රාජකීය දේවස්ථානයේ සංරක්ෂණය කර ඇත.එය පුරාණ හණ (linen) රෙද්දකි. එය දිග මීටර් 4.3 (අඩි 14 අඟල් 3) සහ පළල මීටර් 1.1 (අඩි 3 අඟල් 7) වන අතර, එය සිහින් දුඹුරු පැහැති රූප දෙකක් නිරූපණය කරන බව පෙනේ, එය පිටුපස සහ ඉදිරිපස, ගිලුණු ඇස් සහිත, මිනිසෙකු නිරූපණය කරයි. මෙම පින්තූරවල ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමේ තුවාල වලට අනුරූප යැයි කියනු ලබන සලකුණු අඩංගු වන අතර, හිසෙහි කටු සලකුණු, පිටුපස (කස පහර දීමෙන් මෙන්) තුවාල, උරහිස් වල තැලීම් සහ රුධිරය යැයි අනුමාන කරන විවිධ පැල්ලම් ඇතුළත් වේ.

එතෙක් පැවති ක්රිස්තියානි සම්ප්රදාය නිසාවෙන් බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන්නේ ටියුරින් සළුව යනු ජේසුස් වහන්සේ උකුත් වූ පසු ඔතන  ලද සළුව බවයි. කෙසේ වෙතත්, 1988 දී, ප්රසිද්ධ රසායනාගාර තුනක් විසින් කාබන් කාල නිර්ණය කරන ලද අතර වසර ක්රිස්තු වර්ෂ 1325, වසර ± 65 ක අවිනිශ්චිතතාවයක් සහිතව, මධ්යකාලීන කෞතුක වස්තුවක් විය යුතු බව අඟවන ලදී. වසර තිහකට පමණ පසු විද්යාත්මක ප්රජාවට ලබා ගත හැකි දත්තවල සංඛ්යානමය විශ්ලේෂණයන් මෑතකදී තහවුරු කරන ලද පරිදි, මෙම ප්රතිඵලය ක්රියා පටිපාටිමය සහ සංඛ්යානමය ගැටලු සාකච්ඡාවට ලක්ව ඇත. ටියුරින් සළුව කාබන් කාල නිර්ණය පිළිබඳ දත්තවල අවිනිශ්චිතතාවය සමඟ ඒවායේ සංඛ්යානමය විෂමතාවය පෙන්නුම් කර ඇත. ඒ නිසා, කාබන් දාහතර කාලනීර්ණ ප්රතිඵල මතභේදාත්මකව පවතී. විශේෂයෙන්ම සළුවේ නොසලකා නොහැකි තරම් ප්රමාණයක් බාහිරින් පැමිණි කාබනික ද්රව්යයන්ය අඩංගු බව පවසයි.

තව ද, අනෙකුත්  කාල නිර්ණය කරන ක්රම ක්රි.ව. පළමු සියවසයට මෙම සළුව අයත් බව සාක්ෂි සැපයීම සැපයීමට සමත්ව ඇත. FTIR සහ රාමන් වර්ණාවලීක්ෂය (අධෝරක්ත කිරණ භාවිතා කරන්න විද්යාත්මක ක්රමවේද.) මත පදනම් වූ වර්ණාවලීක්ෂ  ක්රම මගින් පිළිවෙලින්, ක්රිස්තු පූර්ව 300 ± වසර 400 සහ ක්රිස්තු පූර්ව 200 ± වසර 500 පරාසයන් වලට මෙම  සළුව අයත් බව හඳුනා ගැනීමට හැකිව ඇත. මෙහි යාන්ත්රික පරීක්ෂණ මගින් ලබාගන්නා ප්රතිඵලවලින් ( Eg: breaking load and Young’s modulus), කළ විශ්ලේෂණයක් මත පදනම්ව මෙය ක්රිස්තු වර්ෂ 400 ± 400 ලෙස දින නියම කරයි. පරීක්ෂකයන් 2022 වර්ෂයේ පර්යේෂණ පත්රිකාවක් මගින් පෙන්වා දී සිටියේ  X-ray විශ්ලේෂණය මගින් ලබාගත් විමර්ශනය කරන ලද නියැදියේ ලිනන් සෑදී ඇති සෙලියුලෝස් වල ස්වාභාවික වයසට යාමේ මට්ටම 1988 කාබන් කාල නිර්ණය මගින් යෝජනා කරන ලද කාලයට වඩා සියවස් හතකට වඩා පැරණි බවයි. මෙම  පර්යේෂණාත්මක ප්රතිඵල ක්රිස්තියානි සම්ප්රදායට සමඟ අනුකූල වේ. ඊට අදාළ පර්යේෂණ පත්රිකාව පහත අමුණා ඇත.

2023 වර්ෂයේ හාවඩ් විශ්ව විශ්වවිද්යාලය මගින් ඉදිරිපත් කල පර්යේෂණ පත්රිකාවක දැක්වෙන්නේ  සළුවමත රුධිරය AB+ ගණයට අයත් බවයි.  තවද එම රුධිර ගණය Sudarium of Oviedo සමඟ ගැලපේ. Oviedo හි Sudarium යනු ස්පාඤ්ඤයේ Oviedo හි San Salvador ආසන දෙව්මැදුරේ Cámara Santa හි තබා ඇති දළ වශයෙන් 84 x 53 cm (33 x 21 අඟල්) ප්රමාණයේ ලේ තැවරුණු රෙදි කැබැල්ලකි. එය ජෝන් ශුභාරංචියේ (20:6-7) විස්තර කර ඇති පරිදි, ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසු ඔහුගේ හිස වටා ඔතා ඇති රෙදි කැබැල්ල යැයි විශ්වාස කෙරේ. එම සළු දෙකෙහි ලේ පැල්ලම් ඇති ස්ථානයද ගැලපේ. මැදපෙරදිග බහුලව දක්නට ලැබෙන මිනිස් පුරුෂයෙකුගේ රුධිරය එම සළු මත හඳුනාගෙන ඇත. එමෙන්ම පැල්ලම් එකිනෙක මත අධිස්ථාපනය වේ. පාදුවා විශ්ව විද්යාලයේ සිදු කරන ලද DNA විශ්ලේෂණය, මතුපිට ශාක පරාග පරීක්ෂණය මගින් ජෙරුසලමේ සිට ටියුරින් දක්වා මෙම සළුව යුරෝපය හරහා ගමන් කළ මාර්ගය සොයා ගන්නා ලදී. එම ගමනේ දී බොහෝ දෙනා මෙම සළුව වන්දනාමානයට පාත්ර කල බව රෙදි කැබැල්ලේ විවිධ ප්‍රදේශ වලට අයත් මිනිසුන්ගේ DNA වර්ග අඩංගු  වීමෙන් සාක්ෂි සපයයි. මීට අදාළ පර්යේෂණ පත්රිකාව ද පහළ අමුණා ඇත.

මූලාශ්ර:
Liberato De Caro, Sibillano, T., Lassandro, R., Giannini, C., & Fanti, G. (2022). X-ray Dating of a Turin Shroud’s Linen Sample. Heritage, 5(2), 860–870. https://doi.org/10.3390/heritage5020047

‌Dreschnack, P. A. (2023). An Analysis of the DNA and Hematological Findings of the Shroud of Turin and the Sudarium of Oviedo. Harvard.edu. https://doi.org/30527255

උපුටාගැනීම බයිබලීය ප්‍රඥාව පිටුවෙන්.