ක්‍රිස්තුස් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද දුක්ප්‍රාප්තියේ යාච්ඤා

අප ස්වාමිදරුවාණන්ගේ දුක්ප්‍රාප්තියේ කටුක බව පිළිගැන්වීමේ යාච්ඤාව:

"ස්වාමිනි, ඔබට විරුද්ධව කරන ලද වැරදි වලට සමාව අයැදීමක් වශයෙන්, ඔබවහන්සේගේ දුක්ප්‍රාප්තියේ සියලු කටුක බව මම ඔබට පුද කරමි."

පොරොන්දුව:

වරක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශාන්ත මෙක්ටිල්ඩ් තුමියට දර්ශනය වූ අවස්ථාවක, උන්වහන්සේ ඇයට තම දුක්ප්‍රාප්තිය ගැන මෙසේ පැවසූ සේක: "මාගේ දුක්ප්‍රාප්තියේ සියලු කටුක බව මම ඔබට පවරා දෙමි. එය ඔබගේම දෙයක් ලෙස සලකා නැවත මට ඉදිරිපත් කළ හැකිය. එසේ කරන ඕනෑම කෙනෙකුට මා අතින් දෙගුණයක් ලැබෙනු ඇත. එම පුද කිරීම අලුත් කරන සෑම විටම, ඔහුට නියත වශයෙන්ම දෙගුණය බැගින් ලැබෙනු ඇත; මෙය මෙලොව දී මිනිසෙකු ලබන සිය ගුණය වන අතර, මතු ලෝකයේදී සදාකාල ජීවනය වේ."

ප්‍රේමයේ සුසුම් සහ භක්තියේ කඳුළු යාච්ඤාව:

"ස්වාමීනි, ඔබවහන්සේගේ ශුද්ධ වූ දුක්ප්‍රාප්තිය ගැන සිතන විට මම හද පත්ලෙන්ම දුක් වී සුසුම්ලමි. ඔබගේ ප්‍රේමයේ ඊතලයෙන් මාගේ හදවතට විදින ලෙස මම ඔබගෙන් අයදිමි."

පොරොන්දුව:

"යමෙක් මාගේ දුක්ප්‍රාප්තිය මෙනෙහි කරමින් ප්‍රේමයෙන් මා වෙත සුසුම්ලන සෑම විටම, එය අලුතින් පිපෙන රෝස මලකින් මාගේ තුවාල මෘදුව ස්පර්ශ කළාක් මෙනි. එවිට මමද ප්‍රේමයේ ඊතලයෙන් ඔහුගේ හදවතට විදිමි. තවද, ඔහු මාගේ දුක්ප්‍රාප්තිය ගැන භක්තියෙන් කඳුළු හෙළන්නේ නම්, ඔහු මා වෙනුවෙන් දුක් වින්දාක් මෙන් මම ඒවා පිළිගන්නෙමි."

—ශාන්ත මෙක්ටිල්ඩ් තුමියට අප ස්වාමිදරුවාණන් වදාළ වදන්

කටු ඔටුන්න පිළිබඳ යාච්ඤාව:

"ප්‍රේමණීය ස්වාමිනි, ඔබවහන්සේගේ ශුද්ධ වූ හිස මත කටු ඔටුන්න පැළඳ සිටි ශෝචනීය අවස්ථාව ගැන සිතන විට මම දුක් වෙමි. පව්කාරයන්ගේ ගැලවීම උදෙසා ඔබවහන්සේගේ තුවාල වල කුසලයන් සදාතනික පියාණන්ට පුද කරමින් එම කටු ඉවත් කිරීමට මම කැමැත්තෙමි. ඔබවහන්සේ පොරොන්දු වූ පරිදි, මාගේ ක්‍රියාවන් ඔබවහන්සේගේ අතිශුද්ධ වූ ඔටුන්නෙහි කුසලයන් හා එක් කිරීමට මම කැමැත්තෙමි. එවිට ඒවා බොහෝ කුසල් රැස් කරනු ඇත. ආමෙන්."

පොරොන්දුව:

"ශුද්ධ වූ ඔටුන්න විශ්වාසවන්ත ආත්මයට කුසලයෙහි උල්පතකි... කටු ඔටුන්න ඔබට මහිමයේ ඔටුන්නක් ලබා දෙනු ඇත... මාගේ ශුද්ධ වූ ඔටුන්නෙහි කුසල් හා එක්ව තම ක්‍රියාවන් කරන එක් ආත්මයකට අන් බොහෝ දෙනෙකුට වඩා කුසලයන් රැස් කරගත හැකිය."

—සහෝදරී මේරි මාර්තා චැම්බන් තුමියට අප ස්වාමිදරුවාණන් වදාළ වදන්

ශුද්ධ වූ තුවාල පහට යාච්ඤාව :

ලෝකයේ ගැලවුම්කාරයාණන් වන ජේසුනි, මට කරුණා කළ මැනව.
කිසිවක් කළ නොහැකි නොවන ඔබවහන්ස, පව්කාරයා හට දයාව පෙන්වන සේක.
අහෝ ක්‍රිස්තුස් වහන්ස, ඔබවහන්සේගේ කුරුසිය මගින් ලෝකය මුදවාගත් සේක, අපට සවන් දුන මැනව.
ජේසුනි, මාගේ ප්‍රේමණීය මනාලයාණෙනි, ඔබට මංගලම් වේ. ඔබගේ දේවත්වයේ විස්තර කළ නොහැකි ප්‍රීතියෙන් මම ඔබට ආචාර කරමි; සියලු මැවිලිවල සෙනෙහසින් මම ඔබව වැළඳගෙන, ඔබගේ ප්‍රේමයේ ශුද්ධ වූ තුවාලය සිප ගනිමි.

ස්වාමින් වහන්සේ මාගේ ශක්තිය සහ මහිමය වන සේක; උන්වහන්සේ මාගේ ගැළවීම වන සේක.

පොරොන්දුව:

යමෙක් මෙම යාච්ඤාවන්ගෙන් එකක් ස්වාමින්වහන්සේගේ තුවාල පහට ගෞරවයක් වශයෙන් පස් වතාවක් පුනරුච්චාරණය කරමින්, එම තුවාල ආත්මිකව භක්තියෙන් සිප ගනිමින්, තවත් යාච්ඤා හෝ යහපත් ක්‍රියා එකතු කරමින්, ජේසුස් වහන්සේගේ හදවත හරහා ඒවා ඉදිරිපත් කරන්නේ නම්, ඒවා ඉතා වෙහෙසකර භක්තියක් මෙන් දෙවියන්වහන්සේට පිළිගත හැකි බව අප ස්වාමින්වහන්සේ ශාන්ත ගර්ත්රූද් තුමියට දන්වා වදාළ සේක.

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;