අසීසියේ සාන්ත ක්ලාරා මුනිවරිය (1193 - 1253)

අසීසියේ සාන්ත ක්ලාරා මුනිවරිය (1193 - 1253)

ක්ලාරා උසස් කුලවන්ත රණශුර ප්‍රසිද්ධවූ සෙබළකුගේ දියණියකි. ඇගේ මව හොර්ටුලානා නම් විය. ඔවුන්ගේ ධනවත්කම හා කුලය නිසා එරට ඉතා උසස් පන්තියකට නෑකම් කීය. ඔවුන් තුල තිබුණු පුදුමාකාර දේව භක්තිය නිසා ඔවුන් ඊට වඩා උතුම් ලෙස සලකුහ.

ඔවුනට ක්ලාරා, ඇග්නස් හා බ්‍රියට්‍රිස් යන දියණියන් තිදෙනෙක් විය. 1193දී  ක්ලාරා උපත ලැබුවාය. ඇගේ ළමා කාලයේ සිටම ඇය අධික භක්තියකින් හා දයාවකින් පිරිපුන් විය. ඇගේ මුළු හදින් ජේසුතුමන්ට ප්‍රේම කළාය. එතුමනට පමණක් අයිති වීමට ඇයට අවශ්‍ය විය.

ඇය විසු අසිසි නගරයේ ප්‍රැන්සිස් නම් ඉතා භක්තිමත් තාපසයෙක් සිටියේය. ජේසු තුමන්ට ඉතා ආදරය කල ප්‍රැන්සිස් ඉතා දිලිදු ජිවිතයක් ගත කලේ ලෝ වැසියන් පාපයෙන් මුදවා ගන්නා අටියෙනි. වර්ෂ 1212 ජේසු තුමන්ගේ දුක් ප්‍රාප්තිය ගැන ප්‍රැන්සිස් තුමාගේ දෙසුමක් ක්ලාරාට අසන්නට ලැබුණි. මෙය ඇගේ සිතට කොතරම් කාවැදුනාද කිවොත් ප්‍රැන්සිස් තුමාගේ ඇති දිළිදු ජීවිතය අනුගමනය කිරීමට තීරණය කරන ලදී. එසේ කිරීමට ඇය දිරිමත් කලේ ප්‍රැන්සිස් තුමාය. එවිට ඇයට අවුරුදු 18ක් විය. ගොබ් ඉරිදා දිනයේ රාත්‍රියේ නැන්දණියක් සහ තවත් අයෙකු සමග ඇගේ පියාගේ මාලිගාවෙන් පැන වනාන්තරය හරහා පෝර්සියුන්කුලා දේවස්ථානයට පැමිණියාය. අසල නිම්නයේ ප්‍රැන්සිස් සහ ඔහුගේ තාපස සොහොයුරන් මධ්‍යම රාත්‍රියේ ගිනි පන්දම් රැගෙන ගොස් ඇය පිළිගත්තෝය. මෙම දේවස්ථානයේදී ඇය ඇගේ අලංකාර වස්ත්‍ර වලට දළ ඇදුමක් හා හිස් වැසුමක් මාරු කර ගත්තීය. ඇගේ රන්වන් දිගු කෙස් කලබ කපා දැම්මාය. සම්පුර්ණ තද දිළිදුකමින් විසීමට ඇය දෙවියන් වහන්සේට විශේෂ භාරයක් වුවාය.

ඇගේ පියා ඔහුට උසස් පුද්ගලයෙකු හා විවාහයක් සුදානම් කර තිබුණි. ඇගේ පියා කොතරම් කෝප විදයත් ඇය තාවකාලිකව පදිංචි වී සිට බෙනදිකානු කන්‍යාරාමයෙන් ඇදගෙන යාමට උත්සහ කළේය. නමුත් ඇය දිරිමත් ලෙස එයට ඉඩ නුදුන්නිය. නොබෝ කලකට පසු පියා විසින් ශු. දමියානුතුමාගේ දේවස්ථානය අසල ඉතා චාම් කන්‍යාරාමයක් ඇයට සාදා දෙන ලදී. ඇගේ බාල සොහොයුරිය වන ඇග්නස් ද ඇය අනුගමනය කළාය. දුප්පත් ” ක්ලාරා පන්තිය ” ඉදිරි වසර කිහිපය තුල දිනෙන් දින දියුණුව කරා කඩිනමින් පිය නගන්නට විය. ක්ලාරාගේ මව වන හොර්ටුලානාද ඇගේ අනෙක් සොහොයුරිය වන බ්‍රියට්‍රිස් ද ක්ලාරාගේ අනුශාසනා යටතට පත්විය.

බෙනදිකානු පන්තිය භාවිතාකල නීතිවලට සමීප නීති මාලාවක් මෙම තාපස පන්තිය 1219 ලියා සකස් කරන ලදී. ක්ලාරා සමහර කොටස් නැවත සකස් කල යුතු යැයි කීවාය. ඇගේ මරණයට දින 2කට පෙර, 4වන ඉනොසන්ට් ශුද්ධෝත්තම පියතුමා, ශු. ක්ලාරා පන්තියේ නීති මාලාව විශේෂයෙන් තද දිළිදුකමට ප්‍රධාන තැනක් දී ඇති බැවින් ස්ථිරව අනුමත කළේය.

ක්ලාරා මව්තුමිය විසින් ආරම්භ කරන ලද දිළදු ක්ලේයාර් ධානශීලි තාපසික නිකාය විවිධ බාධක අභියෝග මැද ඉදිරියට ම ආ තාපස පන්තියෙකි. මොවුන් තම පවුලෙන්ද නැදෑ හිත මිතුරන්ගෙන්ද වෙන් වී මෙවැනි දිවියකට පා නඟා ඇත්තේ දෙවිඳුන් උදෙසාමය. මෙම නිකායික සොයුරියන් සැඟවුණ, නිහඬ ජිවිත, ශුද්ධ වු සභාව නැමැති රැකෙහි ස්ථාවරත්වය හා වර්ධනය උදෙසා අමිල සේවයක් ඉටු කරති. ප්‍රැන්සිස්කානු ප්‍රීතිය දිළිඳු ක්ලාරාවන් වෙතින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

එක අවස්ථාවක 2 වන පෙඩ්රික් නම් අධිරාජ්‍යයා විසින් අන්‍යගම්කාර මිලේච්ඡයන්ගෙන් සමහරකයෙන් යුත් බලකායක් රැගෙන විත් නගරය විනාශ කිරීමට පටන් ගත්හ. ක්ලාරාතුමී දිව්‍ය සත්ප්‍රසාද කරඩුව රැගෙන ගේට්ටුව අසලටම තම සොහොයුරියන් රැගෙන ගියාය. ” අහෝ දෙවියනි ඔබගේ දාසයන් රැකගත මැනව. ” යි ඔවුන් හඩ නගා යාච්ඤා කළහ. ටික වෙලාවකින් පසු එම සතුරු හමුදාව සි සීකඩ විසිරි ගියේය.

දිළිදු ක්ලාරා පන්තිය භාවනාශීලි යාච්ඤා හා මර්ධන ක්‍රියා වලින් දිවි ගෙවන, තාපස ගෘහයෙන් පිට නොයන අභ්‍යන්තර තාපස පන්තියකි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන සියල්ලන් උදෙසා ප්‍රතිකාර කරමින් ඉතා දැඩි ආත්ම දමනයෙන් ජිවිතයක් ගත කරති.

ක්ලාරා තුමියගේ මරණයට පෙර ශු. ජුවාම්තුමා ජේසු තුමාගේ ශුද්ධවූ දුක්ප්‍රාප්තිය ගැන ලියු ශුභාරංචිය ඇයට ඇසෙන සේ කියවන්නට අණ කළාය. වයස අවුරුදු 60දී ඇය සමාදානයේ සැතපුනාය.

එතුමියගේ මංගල්‍යය අගෝස්තු 11 වන දින සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ දිළිඳු ක්ලාරා ධානශීලි තාපසිකාවන්ගේ තාපසාරාමය රාගම, තේවත්ත පුඳ බිමේ පිහිටා ඇති අතර එතුමියට කැප කළ ලක්දිව ප්‍රථම දේවස්ථානය වැලිගම්පිටිය මීසමේ තුම්පෑලිය ග්‍රාමයේ පිහිටා ඇත.

- උපුටාගැනීමකි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව