මළවුන් වෙනුවෙන් ජපමාලය හා ප්‍රාර්ථනාව
පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රිතු සන්තුගෙත් නාමයෙන් ආමෙන්.
කුරුසියට
ජේසු තුමන්ගේ ශ්‍රී හර්දයෙනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි
ලොකු ඇටය සදහා
(ස්වර්ගයේ වැඩට සිටින යැදුම වෙනුවට)
(පන්තියකට පසු එන ඇටය)
මූලික - ජේසු තුමන්ගේ මධූරවූ හර්දයෙනි,
සෙසු - ඔබ මාගේ ආදරය වේවා
මූ - මරිය තුමන්ගේ මිහිරිවූ හර්දයෙනි සෙසු- ඔබ මාගෙ ගැලවීම වේවා
මූලිකයා - අහෝ මගේ දෙවියනි , ඔබ සත්‍ය බැවින්
සෙසු අය - මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. මූ- ඔබ පොරොන්දු සම්පූර්ණ කරන බැවින්
සෙසු - ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙමි
මූ - ඔබ අනන්ත දයා යහපතානන් බැවින් සෙසු -ඔබ සියළු දේට වැඩිය ඔබට දයා වෙමි...
කුඩා ඇට පනස් තුන සදහා
(නමෝ මරිය යැදුම වෙනුවට)
මූලිකයා - ජේසුනී මරියනී
සෙසු- ජේසු මරිය ජුසේ තුමෙනි
ජපමාලය අවසානයේ - ජේසු මරිය ජුසේ මාගේ හර්දයත් ජීවිතයත් ආත්මයත් ඔබ වහන්සේලාට ඔප්පු කරමි.
ජේසු මරිය ජුසේ මාගේ මරණාසන්නයේදී ඔබ වහන්සේලා මට පිහිටවුව මැනව.
ජේසු මරිය ජුසේ මා ඔබවහන්සේලා ඉදිරියේ සමාදානයේ නැසීයාමට සැලැස්සුව මැනව
මළවුන් වෙනුවට ප්‍රාර්ථනාව
මෙය සියලු මළාවූ අය උදෙසා කියනු ලබන පොදු යාච්ඤාවක් බැවින්, ඔවුන්ට, ඔවුන් නිසා යන වචන යොදා ලියා ඇත. එහෙත් එක් අයෙක් උදෙසා කියනු ලබන්නේ නම්, ඔහුට, ඔහු නිසා හෝ ඇයට, ඇය නිසා ලෙස යොදා කිව හැකිය.
මෙහි පදය ලා පැහැති අකුරෙන්ද, ඊට පිළිතුර තද පැහැති අකුරෙන්ද ඉදිරිපත් කර ඇත. පිරිසක් සිටී නම්, එම සිටිනා අය කොටස් දෙකකට බෙදී හෝ, මූලිකයෙක් හා සෙසු පිරිස ලෙස හෝ, කියවීම හෝ සජ්ඣායනය කිරීම කළ හැකිය. තනිව කියනා විට මෙම කොටස් දෙකම තනි පුද්ගලයෙක් විසින් කීම සිදුකළ හැක.
සාමාන්‍ය සාන්තුවර ප්‍රාර්ථනාවක මෙන් නොව, මේ ප්‍රාර්ථනාවේ මෙයටම ආවේණික ශෛලියක් ඇත. බහුතර කොටස් ‘පදය හා පිළිතුරු පදය’ ලෙස දෙපිරිසක් විසින් සජ්ඣායනය කරනු ලබන අතර, සමහර කොටස් සැවොම එකට සජ්ඣායනය කරනු ලබයි.
මෙම යාච්ඤා ගිහියන් විසින් සජ්ඣායනය කිරීම පිණිස, ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින් තනා ගෙන ඇති යාච්ඤාවන් මිස, නිළ දේව වන්දනා පිළිවෙත්වලට අයිති යාච්ඤාවන් නොවේ. එබැවින්, ප්‍රාදේශීයව මෙම ප්‍රාර්ථනාවේ කොටස් වෙනස් විය හැකිය (උදා: පුනරුක්ති ඇති ස්ථාන, සාන්තුවරයන් ප්‍රමාණය හෝ අනුපිළිවෙළ). දේව වන්දනාවේ යාච්ඤා වෙනස් කළ නොහැකි වුවද, මෙම යාච්ඤාවන් ප්‍රාදේශීය ලෙස වෙනස් වී තිබීමේ කිසිඳු වරදක් නැත.
ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
ක්‍රිස්තුනි ඔවුන්ට / කරුණාකළ මැනව
ක්‍රිස්තුනි ඔවුන්ට / කරුණාකළ මැනව
ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
ක්‍රිස්තුනි ඔවුන්ගේ දුක් / බැලුව මැනව
ක්‍රිස්තුනි ඔවුන්ගේ දුක් / බැලුව මැනව
ක්‍රිස්තුනි ඔවුන්ගේ හඬ / ඇසුව මැනව
ක්‍රිස්තුනි ඔවුන්ගේ හඬ / ඇසුව මැනව
පහත කොටස් සඳහා පිළිතුරු පදය: ඔවුන්ට දයා / කළ මැනව
පරමණ්ඩලවල වැඩසිටින පිතාවන දෙවියනි,
ලෝකය නිදහස් කළා වූ පුත්‍ර වන දෙවියනි,
ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි,
සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි,
පහත කොටස් සඳහා පිළිතුරු පදය: ඔවුන් නිසා / යාච්ඤා කළ මැනව හෝ ඔවුන් උදෙසා / යාච්ඤා කළ මැනව
ශුද්ධවූ මරියනි,
ශුද්ධ වූ දේව මෑණියනි,
කන්‍යාති කන්‍යාවෙනි,
ශුද්ධ වූ මිඛායෙල් අග්‍රදූතයෙනී,
ශුද්ධවූ සියලූ දේවදූතයනි, වරුනි
මෝක්ෂ සම්පන්න ශු. සියළු සූරතාවයීන්ගේ පංක්ති සියල්ලෙනි,
ශු. ස්නාවක ජොහාන් මුනිතුමෙනි ,
ශු.ජුසේ මුනිතුමෙනි , මුනිඳුනි
ශු,සියළු ආදිපිතෘවරුන් හා දිවස්ප්‍රසාදීනී,
ශු. පේදුරු හා පාවුළු මුනිතුමෙනි ,
ශු.ජුවාම් මුනිතුමෙනි,
ශු.සියළු අපෝස්තළුවරයන් හා සුවිශේෂකවරුනි,
ශු. ස්තේපන් මුනිතුමෙනි,
ශු.ලෞරෙන්ති මුනිතුමෙනි,
ශු.සියළු ප්‍රාණපරිත්‍යාගිවරුනි,
ශු.ග්‍රිගෝරියස් මුනිතුමෙනි,
ශු.අම්බ්‍රෝසි මුනිතුමෙනි,
ශු.අගුස්තීනූ මුනිතුමෙනි,
ශු.ජෙරොම් මුනිතුමෙනි,
ශු. බෙනඩික් මුනිතුමෙනි,
ශු. ෆ්‍රැන්සිස් මුනිතුමෙනි,
ශු. දොමිනික් මුනිතුමෙනි,
ශු. ජෝන් මේරි වියානි මුනිතුමෙනි,
ශු. ෆ්‍රැන්සිස් ස්වියෙර් මුනිතුමෙනි,
ශු.සියළු රාජගුරුප්‍රසාදීන් හා වන්දනාවාදි වරුනී,
ශු.සියළු ආගම පණ්ඩිතවරුනි,
ශු.සියළු පූජාප්‍රසාදීන් වරුන් හා තේවාචාර්‍යරියනි,
ශු.සියළු තපස්වරයන් හා ආරණ්‍යවාසීනී වරුනි,
ශු. මරිය මග්දලේනා මුනිශ්වරියනි,
සියන්නාවේ ශු.කතරිනා මුනිශ්වරියනි,
ශු.බාර්බරා මුනිශ්වරියනි,
ශු.උර්සුලා මුනිශ්වරියනි,
ජේසු සමිඳුන්ගේ ශු තෙරේසා මුනිවරියනි,
ශු.සියළු කන්‍යාස්ත්‍රීන් හා විධවියෙනි,
ශු ජුසේ වාස් මුනිඳුනි,
දෙවියන්ගේ වහන්සේගේ සියළු ශුද්ධවන්තයන් හා ශුද්ධවන්තීනී,
ඔවුන් නිසා/උදෙසා යාච්ඤා කළ මැනව
ප්‍රසන්නව-
ඔවුන්ගේ පව් / ක්ෂමා කළ මැනව
ප්‍රසන්නව-
අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව / ස්වාමිනි
සියළු නපුරෙන් - ඔවුන් ගළවා ගත මැනව / ස්වාමිනි
ඔබගෙ උදහසින්,
ඔබගේ නීතියේ අමාරුකමින්,
යක්ෂයාගෙ බලයෙන්,
සිත් හාරන කෘමියාගෙන්,
නිත්‍ය කන්සාවෙන්කඨූර වූ ගිනි ජාලාවෙන්,
ජ්වාලවලින්ඉවසිය නොහැකි සීතලෙන්,
භ්‍රාන්තික කළුවරෙන්,
භයංකර ඇඬුම් විලාපයෙන්,
ඔබගේ ආශ්චර්‍යමත් වූ ගර්භවාසය බලා,
ඔබගේ ශුද්ධවූ උපත බලා
ඔබගේ අතිමධූර වූ නාමය බලා
ඔබගේ ප්‍රසාද ස්නාපනය හා ශුද්ධවූ නිරාහාරය බලා
ඔබගේ අති ගැඹුරු වූ බැහැපත් වීම බලා
ඔබගේ යුහුසුලු / කීකරු වීම බලා
ඔබගේ අප්‍රමාණ දයා ප්‍රේමය බලා
ඔබගේ චිත්තශෝක වේදනාව බලා
ඔබගේ රුධීරය හා දහදිය බලා
ඔබගේ සිරවීම බලා
ඔබගේ කසපහර / විදීම බලා
ඔබගේ කටු ඔටුන්න / පැළඳවීම පැළදවීම බලා
ඔබගේ කුරුසය ඔසවාගෙන (උසුලාගෙන) යාම බලා
ඔබගේ අති කඨූර වූ මරණය බලා
ඔබගේ ශුද්ධවූ / වණ කැළැල් පස බලා
ඔබගේ කුරුසය හා අති උග්‍රවූ කඨූරවූ / දුඃඛප්‍රාප්තිය බලා,
ඔබගේ ශ්‍රී භරිත / මළ ඉපදීම බලා (ඔබගේ මහිමාන්විත / උත්ථානය බලා),
ඔබගේ විශ්මපත්වූ අහස් නැගීම බලා(ස්වර්ගාරෝහණය)
අභිවෘද්ධිදායක ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ / ආගතය බලා(සැනසිලිදායක ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ ආගමනය බලා)
ඔවුන් ගළවා ගත මැනව / ස්වාමිනි
මෙම කොටස් සඳහා පිළිතුරු පදය:
ඔබවහන්සේට කරන යාච්ඤා / අසා වදාළ මැනව
නඩුතීන්දු / දිනයේදී,
පවුකාර වූ අප,
මරිය මග්දලේනගේ පව් සමාකොට (ක්ෂමාකොට) / දකුණේ උන් සොරාගේ ප්‍රාර්ථනාව ඇසූ ඔබ,පෙර නිර්මිතයන් උපකාර වශයෙන් ගලවා ගන්නාවූ ඔබ,
මරණයේ (හි) හා අපායේ යතුරු අතැති ඔබඅපේ මව්පිය නෑ සහෝදර සහෝදරියන් හා උපකාර කාරයින් නිරාදුකින් ගලවන (ගලවා වදාරන) පිණිස,
මළාවු ක්‍රිස්තියානිවරුන් අනන්ත දඩුවමින් ගළවා / වදාරණ පිණිස,
මෙලවෙහි කිසි පිහිටක් නැති ආත්මවලට දයාබරකම් කර / වදාරණ පිනිස,
මේ කී සෑම අයටත් නොකී අයටත් පවුත් දඩුවමුත් ක්ෂමාකර වදාරණ පිණිස(ඔවුන්ගේ අදහස සම්පූර්ණ කර දෙවා වදාරණ පිණිස,)
මෝක්ෂවාසීවරුගේ සමූහයට ඔවුන් එක් කර / වදාරණ පිණිස,
භ්‍රාන්තික (මහිමතාව ඇති) රජාණෙනි,
(දෙවින්දනන් ගේ ) දෙවියන් ගේ පුත්‍රයාණනි,
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ / ජේසුනි,
ඔවුන්ට නිත්‍ය සැතපීම දෙවා / වදාරණවා සොඳේ
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ / ජේසුනි,
ඔවුන්ට නිත්‍ය සුව සන්තර්පණය දෙවා / වදාරණවා සොඳේ
ලෝක පාපවල් හරින දේවාජබාලක වූ / ජේසුනි,
ඔවුන්ට නිත්‍ය සන්තර්පණය දෙවා / වදාරණවා සොඳේ
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව
සියල්ලෝ: ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
සියල්ලෝ: ක්‍රිස්තුනි ඔවුන්ට / කරුණාකළ මැනව
සියල්ලෝ: ස්වාමිනි ඔවුන්ට / කරුණාකළ මැනව
(සියලුදෙනාම)
පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණනි, ඔබවහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයෙහි මෙන් මෙලොවෙහි ද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව
අපාය දොරටුවෙන් ඔවුන්ගේ ආත්ම ගළවනවා සොඳේ ස්වාමිනිස්වාමිනි අපේ ප්‍රාර්ථනා ඇසුව මැනවඅපේ හඬ ශබ්දය ඔබවහන්සේට හේතු වුව මැනව
යාච්ඤා කරම්හ
ස්වාමි දරුවෙනි, ඔබවහන්සේගේ දැසි දැස්සන්ගේ ආත්මවලට දයාබරකම් පෑව මැනව. ඔවුන් විශ්වාසව අදහස් කර සිටිය දේ ඔවුන්ට සැමකල් සඵල වේවා!
මෙකීදේ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් තුමන් උදෙසාම අපට ලැබේවා
සියල්ලෝම - ආමෙන්
ඔවුන්ට නිත්‍ය සැතපීම දෙවා වදාළ මැනව ස්වාමිනි
නිත්‍යාලෝකය ඔවුන් පිට බැබලේවා
ඔවුහු සමාදානයේ සැතපේවා
ආමෙන්!
ස්වාමිනි නිත්‍ය සැතපීම ඔවුනට දුන මැනවනිත්‍යාලෝකය ඔවුන් පිට බැබළුව මැනව.ඔවුන් සමාදානයේ සැතපෙන ලද්දේවා
ආමෙන්!