ජේසුස් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩසිටිනවාද ? - ශුද්ධ බයිබලය හා මුල් කිතුණු සභාව තුළින් විග්‍රහයක්.

ජේසුස් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩසිටිනවාද ? - ශුද්ධ බයිබලය හා මුල් කිතුණු සභාව තුළින් විග්‍රහයක්.

⭕ බොහෝ මූලධර්මවාදී ඉගැන්වීම අනුව දිව්‍ය සත්ප්‍රසාදය නොහොත් රොටී කැඩීම හුදෙක්ම සිහිකිරීමක් පමණකි.මෙම ලිපිය තුළින් බයිබලය හා මුල් කිතුණු සභා ඉගැන්වීම තුළින් එය හුදෙක්ම සිහිකිරීමක් පමණක්මද බව සොයා බලමු.

එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.
ශුද්ධවර ජොහන් 6:53 SNRV

⭕ ජොහාන් 6:53 තුළ ජේසුස් වහන්සේ පැහැදිලිවම පවසන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය හා රුධිරය ලෙසයි , නැතුව මාංශය හා රුධිරය සංකේතවත් කරන රොටි හා මිදි යුශ ලෙස නෙමේ.කොතරම් ඍජුව ජේසුස් වහන්සේගේ වචනය තිබුනත් ඇතැම් මූලධර්මවාදී මිතුරන් ගෙන එන තර්කයක් වනුයේ ජේසුස් වහන්සේ මෙම අවස්ථාවේ රූපකානුසාරෙන් ( metaphorically ) අර්ථය ඉදිරිපත් කළ බවයි.

👉 අපගේ අර්තකතන මදක් පැත්තකින් තබා මුල් කිතුණුවන් එය අර්ථකථන කළ ආකාරය සොයා බලමු...

💠 මුල් කිතුණු සභාව තුළ අපෝස්තුළුරයන්ට පසු විශාල තැනක් හිමිවූ පුද්ගලයෙක් වන්නේ අන්තියෝකියේ ඉග්නේශස් තුමන්‍ ය.ඒ එතුමා ඍජුවම ධර්මය ඉගෙන ගත්තේ ජොහාන් සුවිශේෂය ලියූ ජොහාන් අපෝස්තුළුතුමන් මගිනි.එම නිසා අප සියලුදෙනාටම වඩා ජොහාන් සුභාරංචිය පිළිබද දැනීමක් අන්තියෝකියේ ඉග්නේශස් තුමන් හට තිබිය යුතුය.මන්ද එතුමා එය ඉගෙන ගත්තේ එහි රචකයාගෙන්මය.

👉 අන්තියෝකියේ ඉග්නේශස් තුමන් රෝමන්වරුන්ට යැවූ ලිපිය තුළ මෙලෙස සදහන් කරනව.
“I have no taste for corruptible food nor for the pleasures of this life. I desire the bread of God, which is the flesh of Jesus Christ . . . and for drink I desire his blood, which is love incorruptible”
(Letter to the Romans 7:3 [A.D. 110])

💠 ජොහාන් 6 වන පරිච්ඡේදය තුළ ජේසුස් වහන්සේ කතා කළේ රූපකානුසාරෙන් නම් ඇයි අන්තියෝකියේ ඉග්නේශස් තුමන් එය එළෙස සදහන් නොකර රොටි හා මිදි යුශ ජේසුස් වහන්සේගේ මාංශය හා රුධීරය ලෙසම සදහන් කරන්නේ ?...

👉 මීලග විශේෂ ලේඛනය වන්නේ ජස්ටින් ප්‍රාණපරිත්‍යාගී තුමන්ගේ First Apology ලේඛනයයි ,
“For not as common bread nor common drink do we receive these; but since Jesus Christ our Savior was made incarnate by the word of God and had both flesh and blood for our salvation, so too, as we have been taught, the food which has been made into the Eucharist by the Eucharistic prayer set down by him, and by the change of which our blood and flesh is nurtured, is both the flesh and the blood of that incarnated Jesus”
(First Apology 66 [A.D. 151]).

💠 මෙම ලේඛනය ජස්ටින් ප්‍රාණපරිත්‍යාගී තුමන් ලියන්නේ එවකට රෝමයේ අධිරාජ්‍යයා වූ ඇන්ටෝනියස් වෙතයි , එමෙන්ම ලියවීමට හේතු පාදක වූ කරුණු කිහිපයක් ඇත එනම් ක්‍රිස්තියානි පීඩන සමය අවසන් කරන මෙන් අධිරාජ්‍යයාගෙන් ඉල්ලීමට මෙන්ම , මිත්‍රාස් නම් රෝම දෙවියන් වන්දනාකරුවන් කොටස විසින් දිව්‍ය සත්ප්‍රසාදය අනුකරණය කරමින් ඇදහිලි ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා එම ඇදහිල්ල හා ක්‍රිස්තියානි දිව්‍ය සත්ප්‍රසාදය අතර සම්බන්ධයක් නොමැති බව පෙන්වීමටයි.එමෙන්ම දිව්‍ය සත්ප්‍රසාදීය සංකල්පය ක්‍රිස්තියානි සංකල්පයක් හා රෝමවරුන් එය අනුකරණය කළ බව පෙන්වීමටයි.

‼️ වර්තමානය වන විටත් ඇතැම් ඉතිහාසය නොදත් මූලධර්මවාදී කොටස් දිව්‍ය සත්ප්‍රසාදය හා රෝමානු ඇදහිළි එක්ක සමානකම් ගොඩනැගීමට උත්සහා කළත් එයට හොදම පිළිතුර ජස්ටින් ප්‍රාණපරිත්‍යාගී තුමාගේ First Apology ලේඛනයයි. ‼️

👉 ලියෝන් හී ඉරනේයස් තුමන් ,
“If the Lord were from other than the Father, how could he rightly take bread, which is of the same creation as our own, and confess it to be his body and affirm that the mixture in the cup is his blood?”
(Against Heresies 4:33–32 [A.D. 189]).

👉 ශු.අම්බ්‍රෝස් තුමන්.4 වන සියවස තුළදී ,
“Perhaps you may be saying, ‘I see something else; how can you assure me that I am receiving the body of Christ?’ It but remains for us to prove it. And how many are the examples we might use! . . . Christ is in that sacrament, because it is the body of Christ”
(The Mysteries 9:50, 58 [A.D. 390]).

👉 ජේසුස් වහන්සේ මේ මාගේ ශරීරය හා රුධීරය ලෙස සදහන් කළේ රූපකානුසාරෙන් නොවන බව පෙන්වීමට මෙම මුල් කිතුණු සභා ලේඛන හොදටම ප්‍රමාණවත් බව සිතනවා.ප්‍රමාණවත් නෑ වගේ හිතෙනවා නම් තව විශාල ප්‍රමාණයක් ඇත.ලිපිය දිගු වීම වැලක්වීමට මුල් කිතුණු සභා උපුටාගැනීම් මෙතනින් නවත්වනව. 👈

⭕ තමන්ගේ ප්‍රධාන තර්කය බිද වැටුන පසු මූලධර්මවාදී මිතුරන් ගෙන එන තවත් එකක් තර්කයක් වන්නේ බයිබලය තුළ තහනම් ලේ පානය කිරීම කතෝලිකයන් කිරීමට උත්සහා කරන බවයි.කතෝලිකයන් ජේසුස් වහන්සේගේ මාංශය හා රුධිරය අනුභව කරන්නේ උන්වහන්සේ ජොහාන් 6 වන පරිච්ඡේදය තුළ උන් වහන්සේ සදහන් කළ ආකාරයටම සක්‍රමේන්තු ආකාරයෙනි.ශුද්ධ බයිබලය තුළ සදහන් භෞතික ආකාරයට නොවේ.එමනිසා එය ගැන තව දුරටත් තර්ක කිරීමෙන්ද ඵලක් නැත.මන්ද කතෝලිකයන් ශුද්ධ ලියවිල්ල තුළ තහනම් කර ඇති භෞතික ආකාරයෙන් මස් හා රුධිරය අනුභව කරන්නන් නොවන නිසා.ඔවුන් කතෝලිකයන් ව බයිබලයේ සදහන් ලේ හා මස් අනුභව කරන්නන් ගොඩට දාන්න උත්සහා කරනවානම් මුල් කිතුණු සභාවේ සිට ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ දක්වා සිටි කිතුණුවන් සියලු දෙනාවම ඒ ගොඩට දාන්න වෙනව.😂.මන්ද මුල් කිතුණුවන් පිළිගත්තේද වර්තමාන කතෝලික ඉගැන්වීමයි.🙏

අමතර කරුණක් ,
රොටි කැඩීම වර්තමානයේ පාස්ටර් තුමන්ලා කරනව වගේ ඕනම කෙනෙක් කිරීම වලංගුද ?...ශුද්ධ බයිබලය තුළ මෙය පැහැදිලිව සදහන් නොවුනත් අපෝස්තුළුවරයන් මගින් අන්තියෝකියේ ඉග්නේශස් තුමන්ට ලැබුන ඉගැන්වීම ගැන එතුමා මෙලෙස සටහන් කරනව.

“Let no one do anything of concern to the Church without the bishop. Let that be considered a valid Eucharist which is celebrated by the bishop or by one whom he ordains [i.e., a presbyter]. Wherever the bishop appears, let the people be there; just as wherever Jesus Christ is, there is the Catholic Church”
(Letter to the Smyrneans 8:2 [A.D. 110]).

අපෝස්තුළුරයන්ගෙන් පැවත එන බිශොප් කෙනෙකුගෙන් හෝ බිශොප් තුමන් පත් කරපු පුද්ගලයෙක්ට හැර අනෙක් හිතුමතේ සිදු කරන රොටි කැඩීම් වලංගු නොවන බව ජොහාන් අපෝස්තුළුතුමාගේ අනුගාමිකයෙක් වුන අන්තියෝකියේ ඉග්නේශස් තුමන් පැහැදිලිවම සදහන් කරනව.ක්‍රිව 110 තුළ් , ශුද්ධ බයිබලය ලියවී වසර 20ක් වත් ගිහිල්ලා නැති කලක.ඔබම හිතලා බලන්න , එතකොට ඔය හිතුමතේ තැන් තැන් වල අපෝස්තුළුරයන් හා කිසි සම්බන්ධයක් නැති හතු පිපෙන්නා සේ හදාගත් සභාවල පාස්ටර් තුමන්ලා කරන රොටී කැඩීම් වලංගුද ?...සිතා බැලීම ඔබ සතුයි.😁🙏

සත්‍ය සොයන ඔබට ජේසු පිහිටයි.