ශුද්ධවු අගුස්තීනු තුමන්ගේ කියමන් කීපයක්

ශුද්ධවු අගුස්තීනු තුමන්ගේ කියමන් කීපයක්
Photo by Matthieu Comoy / Unsplash
  1. දෙවිදුනී ඔබ අප නිර්මාණය කොට ඇත්තේ ඔබ වෙනුවෙනි. ඔබ තුළ ළැගුම් ගන්නා තුරු අප ආත්මයට සැනසීමක් නොමැත.
  2. ලැදිකම ඇති තැන වෙහෙසක් නොදැනේ වෙහෙසක් දැනුණද එය ලැදිකමට හැරේ. (Ubi amatur ibi non laboratur, etsi laboratur labor ipse amatur.)
  3. ලොව වනාහි පොතකි. සැරිසරන්නේ නැතිකෙනා කියවන්නේ එහි එක් පිටුවක් පමණි.
  4. යුක්තිය නොමැති තැන රාජ්‍ය තන්ත්‍රය යනු සංවිධානාත්මක සොරකමකි.
  5. ප්‍රේමය යනු ආත්මයේ සුන්දරත්වයයි.
  6. ප්‍රාතිහාර්ය සොබාදහමට පටහැනි නොවේ. ඒවා පටහැනි වනුයේ සොබාදහම පිළිබඳ අප දන්නා දේවලට පමණි.
  7. මිතුරන් දෙදෙනෙක් ආරවුලක් විසදීමට ඉල්ලුවොත් මැදිහත් නොවන්න. මන්ද ඉන් ඔබට එක් මිතුරෙකු අහිමිවේ. නමුත් අමුත්තන් දෙදෙනෙකු ඒ ඉල්ලීම කළොත් ඉදිරිපත් වන්න. මන්ද ඉන් ඔබට මිතුරෙකු ලැබේ.
  8. අපි යහපත් ලෙස දිවිගෙවන්නේ නම් කාලයද යහපත් සේ පෙනේ. අප යම් සේද කාලයත් එසේමය.
  9. හුදෙක් තම යුතුකම පමණක් ඉටුකළ ඉන් ඔබ්බට කිසිත් නොකළ  අයට ගුණකථන යුතු නොවේ.
  10. දේවදූතයින් යක්ෂයින් බවට පත්කළේ උඩගුවයි. මිනිසුන් දේවදූතයින් බවට පත්කරන්නේ බැහැපත්කමයි.
  11. කළ යුතු දේ කිරීම බුහුමන් ලබනට හේතුවක් නොවේ. එය අපේ යුතුකමකි
  12. ඔබ සුබාරංචියේ ඔබ කැමැති දේ පමණක් විශ්වාස කර අකමැති දේ බැහැර කරන්නෙහි නම් ඔබ විශ්වාස කරන්නේ සුබාරංචිය නොව ඔබවම පමණි.
  13. මිනිසෙකුගේ අතිශය පරිපූර්ණභාවය නම් හේ තමා අසම්පූර්ණ බව සොයා ගැනීමය.

✍️ මාධව ජයකොඩි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව