ශුද්ධිකාගිනිස්ථානයේ ඉන්න ආත්ම අමතක කරන්න එපා

ශුද්ධිකාගිනිස්ථානයේ ඉන්න ආත්ම අමතක කරන්න එපා
Photo by Paul Bulai / Unsplash

"පූර්ණ වශයෙන් සූදානම් නොවූ අවස්ථාවක තම මරණ මංචකයේදී දෙවියන් වහන්සේ වෙත විවෘත වීමත් සමඟ කෙනෙකු පූර්ණ ශුද්ධත්වය කරා තම ගමන ආරම්භ කරයි. මෙම ඉගැන්වීම කතෝලික සභාව තුල ශුද්ධිකාගිනිස්ථානයේ ක්‍රියාවලිය ලෙස හඳුන්වයි" - ශු. දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ

ශුද්ධිකාගිනිස්ථනය යනු ජුදා දහමේ සහ ඉන් මතුවට පැමිනුන අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන කතෝලික සභාවේ ඉගැන්වීමකි. දේව වචනය තුල සභා මාතාවන් මේ ලෝකයේ සභා තුනක් ගැන සඳහන් කරයි.

  1. විජයග්‍රාහී සභාව (Church Triumphant)
  2. සටන් වදින සභාව (Church Militant)
  3. දුක් විඳින සභාව (Church Suffering)

මෙහි දුක් විඳින සභාව යනුවෙන් හඳුන්වන්නේ ශුද්ධිකාගිනිස්ථානය තුල සිටින ආත්මයන් වේ. 1 ජුවාම් 5:16 අනුව පාපයන් ආකාර දෙකකට් බෙදා දක්වයි:

  1. මරණීය පාප
  2. සුලු පාප

මරණීය පාපයන් තුලින් දෙව් මිනිස් සබඳතාව පූර්ණ වශයෙන් බිඳ වැටෙන අතර එවැනි පාපයක් සහිත මරණයක් නිසා කෙනෙකුට සදාකාලික ජීවනය අහිමිවන බව දේව වචනය පැහැදිලි කරයි. එබැවින් මරණීය පාපයක් සිදුවුව හොත් සමඟි සන්ධානය තුලින් දෙවියන් වහන්සේ හා සමඟ නැවත සම්බන්ධ විය යුතුය. එසේ නොවන්නන්ට මරණය හිමි වේ.

නමුත් සුලු පාප සහිතව මිය යන්නන් දෙවියන් වහන්සේ සමඟ පූර්ණ වශයෙන් සබඳතාව බිඳ නොවැටෙන නිසාත් තවද පූර්ණ පිරිසිඳු වීමකින් තොරව ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි නිසාත් පාප හා පාප ක්ලේශයන් මැකී යන තුරු යම් පවිත්‍ර වීමකට ලක් විය යුතුව ඇත. මෙම පවිත්‍ර වීම ශුද්ධිකාගිනිස්ථානය තුල පිරිසිඳු වීම ලෙස හඳුන්වයි.

කතෝලික සභාව ශුද්ධිකාගිනිස්ථානය ස්ථානයකට (place) වඩා තත්වයක් (state) ලෙස ප්‍රකාශ කරයි. එය ශුද්ධ වූ ගින්නකින් පිරිසිඳු වීමක් ලෙස සැලකේ. සභා ඉගැන්වීමෙහි මෙය පිරිසිඳු වීමක් මෙන්ම යම් වේදනාත්මක අත්දැකීමක් බව උගන්වයි.

ශු. ෆවුස්තිනා තුමිය දුටු ශුද්ධිකාගිනිස්ථානයේ දර්ශනයට අනුව ඇය පවසන්නේ නිරය හා ශුද්ධිකාගිනිස්ථානයේ සිටින ආත්මයන් විඳින වේදනාවේ කිසිඳු වෙනසක් නොමැති බවයි. පවිත්‍ර වන ආත්මයන්ට ඇති එකම සැනසීම ඔවුන් යම් දිනක දෙවියන් දකිනා බව දැනුවත්කමයි.

එමෙන්ම ඔබ දැන සිටියාද දෙවියන් වහන්සේ විසින් ශුද්ධිකාගිනිස්ථානයේ සිටින්නා වූ සමහර ආත්මයන්ට අප අතර සැරි සැරීමට අවසර ලබා දෙන බව? ඔවුන් සාමාන්‍ය මනුශ්‍යන්ට යම් යම් ක්‍රමවේදයන් හරහා සන්නිවේදනය කරන බව?

සමහර අවස්ථාවන් වල ඔබේ මළගිය ඥාතීන් ඔවුන් මිය ගිය දිනයේදී සිහින වලින් දර්ශනය වූ අවස්ථා නොතිබේද? නිවස තුල මිය ගිය පුද්ගලයා සිටින බවට, සමහර අවස්ථාවන් වල එම පුද්ගලයාගෙන් වහනය වන සුවඳ නිවසේ ඇති බවට අත්දැකීමක් ලබා නැතිද? එය භූත දෝශයක් හෝ නොසැලකිය යුතු කාරණාවක් කියා ඔබ සිතුවාද? සමහර විට ඔබට නොපෙනෙන මානයෙන් පණිවිඩයක් රැගෙන කෙනෙකු ආවා විය හැකිය.

ඔවුන් එසේ පැමිණ අපට ලබා දීමට යන පණිවිඩය කුමක්ද? සමහර අවස්ථාවන් වල ඔවුන් ඉතිරි කර යන අත්භූත ලකුනු මොනවාද? එවැනි අන්භූත අත්දැකීම් සමූහයක් ගවේශනය කිරීම සඳහා මෙම මළවුන්ගේ මාසය තුල අපි සමඟ රැඳෙන්න.

අමතක නොකර ඔබගේ මියගිය වුන් වෙනුවෙන් යාච්ඥා කරන්න. ඔබ සිතනවාට වඩා ඔවුන් වේඳනා විඳියි. ඇත්තෙන්ම අපට ඔවුන්ගේ වේදනාව ගැන අල්ප මාත්‍රයක වත් අවබෝධයක් නැත. හොඳම දෙය නම් අවුන් ලත් ඉරණම අපට අත් විය යුතු නැත.

සටහන : තරිඳු මල්ශාන්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව