පාප්තුමා සමලිංගික සබදතා අනුමත කළාද?

පාප්තුමා සමලිංගික සබදතා අනුමත කළාද?

මෑතකදි ශුද්ධාසනය මගින් නිකුත් කළ ලේඛනයෙන් බහුතරයක් මූලධර්මවාදීන් news headlines අල්ලගෙන දගළන ස්වභාවයක් දක්නට ලැබුනා. බොහෝ දෙනෙක් අඩුම ලිපිය දැකලවත් නෑ, ඔවුන් ශුද්ධ ලියවිල්ල හා සභා ඉතිහාසය අධ්‍යනය කරන්නෙත් මේ විදියටම තමයි. මූලාශ්‍ර අධ්‍යනයකින් තොරව කොහෙන්හරි අහුලගත්ත ටිකක් අරගෙන සම්පූර්ණ අදහස ගොඩනගන්න උත්සහා කරනවා. නමුත් ඇත්ත අදහස ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

ශුද්ධාසනය මගින් නිකුත් කළ Fiducia Supplicans ලේඛනයෙන් උපුටා ගැනීම්:

"It is precisely in this context that one can understand the possibility of blessing couples in irregular situations and same-sex couples without officially validating their status or changing in any way the Church’s perennial teaching on marriage."

ලේඛනයේ පැහැදිලිවම සදහන් කර තිබෙනවා මේ ලේඛනය මගින් විවාහය පිළිබද කතෝලික සභා ඉගැන්වීම වෙනස් නොකර ඇති බව. එමෙන්ම සභව ආශිර්වාද කරන්නේ එම පුද්ගලයන්ව පමණක් මිසක් ඔවුන්ගේ පවුකාරී ක්‍රියාවන් නොවන බවත් මෙම ලේඛනයේ පැහැදිලිවම සදහන් කර තිබෙනවා. සභාව පව්කාරයන් උදෙසා රෝහලක් මිසක් සාන්තුවරයන් ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් නොවේ.ඒවගේම ජේසුස් වහන්සේ ස්ථාපිත කළ කතෝලික සභාවට සමලිංගික විවාහ වලට අනුමැතිය දිය නොහැකි බව නැවත වරක් මේ ලේඛනයේම ශුද්ධාසනය මගින් අවධාරණය කරනවා. නමුත් බොහෝ දෙනා මෙම කොටස නොදැක්කා සේ සලකා කටයුතු කිරීම කනගාටුවට කරුණක්.

"Such is also the meaning of the Responsum of the Congregation for the Doctrine of the Faith, which states that the Church does not have the power to impart blessings on unions of persons of the same sex."

එමෙන්ම මේ පිළිබද ඇමරිකා එක්සත් ජනපද අගරදගුරු මණ්ඩලයෙන්ම මෙම අදහස ප්‍රකාශ කර තිබෙනවා.

"The Declaration issued today by the Vatican’s Dicastery for the Doctrine of the Faith (DDF) articulated a distinction between liturgical (sacramental) blessings, and pastoral blessings, which may be given to persons who desire God’s loving grace in their lives. The Church’s teaching on marriage has not changed, and this declaration affirms that, while also making an effort to accompany people through the imparting of pastoral blessings because each of us needs God’s healing love and mercy in our lives."

මේක අලුත් දෙයක් නෙමේනම් ඇයි එකපාර ලේඛනයක් නිකුත් කරේ?

යම් කිසි කෙනෙකුට සභාවේ නිළ ඉගැන්වීම ගැන අපහැදිලි තත්වයක් පැන නැගුන විට ඔවුන්ට පුලුවන් සභාව වෙත dubia නැත්නම් ප්‍රශ්නාවලියක් යොමු කරන්න. මේකත් කාදිනල් වරු කිහිපදෙනෙක් ශුද්ධාසනය වෙන ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියකට පිළිතුරු මාලාවකි. නැතුව සමලිංගිකයන් ගැන අලුතෙන් නිතුක් කරපු ඉගැන්වීමක් නොවේ. සභාවේ පැරණි ඉගැන්වීමම පැහැදිලි කිරීමක් පමණයි.

මෙවන් යුගයක, ජේසුස් වහන්සේ ස්ථාපිත කල සත්‍ය විශ්වාසයෙන් මග හැරී සිටින මෙවන් ආත්ම නැවත සත්‍ය විශ්වාසය කරා යාමට මග පෙන්වන මෙන් දේව මාතාවට අප සියලු දෙනාම ජපමාලය ඔප්පු කරමු!

ලේඛනය - පැහැදිලි කිරීම

Update : සමලිංගිකත්වය පිළිබද නවතම ලේඛනය ගැන ශුද්ධාසන ප්‍රධානියා පැහැදිලි කරයි