ජෝතිෂ්‍ය හා මිථ්‍යා ඇදහිලි කිතුනු ඇසින් - 3 කොටස

ජෝතිෂ්‍ය හා මිථ්‍යා ඇදහිලි කිතුනු ඇසින් - 3 කොටස

අද දින කතා කිරීමට සූදානම් වනුයේ යක්ෂ දේවතා වන්දනාව හා සබැඳි ouija board හා ආත්ම කැදැවීම පිළිබදවය. වත්මන් තරුණ පරපුරට නම් ouija board යනු ඉතාමත් විනෝදජනක ක්‍රීඩාවකි. ශ්‍රී ලංකාව තුළ මෙය ඉතා ප්‍රචලිත නොවූවද යුරෝපීය දේශයන්හි මෙය කෙතරම් ප්‍රචලිවූවාද කිවහොත්  තම දෙමව්පියන්ම මෙය තම කුඩා දරුවන්ට ක්‍රීඩා භාණ්ඩයක් ලෙස ලබාදෙයි.

ඔබ මීට පෙර 1973 දි ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වූ "The exocist" නම් චිත්‍රපටය නරඹා තිබේද? මෙහි වයස අවුරුදු 12කපමණ දැරියක් යක්ෂ බන්ධනයකට  අසුවී පියතුමෙකු හරහා යක්ෂයන් සහ උගේ ගෝල බාලයන් පලවා හැරීම සඳහා කතෝලික සභාව විසින් නිර්මිත විශේෂ වත් පිළිවෙත (exocism) සිදුකිරීමට ආරාධනා කරයි. මෙම චිත්‍රපටය සඳහා පාදක වී ඇත්තේ සත්‍ය සිදුවීමකි. මෙය 1949 දී වයස අවුරුදු14 පිරිමි පිරිමි දරුවෙකුට සත්‍ය වශයෙන් සිදු වූ යක්ෂාවේශයක් වන අතර මෙම යාතු කර්මය (exocism) මෙහෙයවා ඇත්තේ විලියම් බව්ඩරන් නම් පියතුමා ය. (Father wiliam bowdern). මෙම යක්ෂාවේශය සඳහා පදනම් වී ඇත්තේ තම නැන්දා විසින් ලබා දුන් ouija board එක වේ.

Exocism සම්බන්ධව කටයුතු කරන පියතුමන්ලා පවසනුයේ 90% ක් පමණ යක්ෂාවේශයන් සඳහා මූලිකව පදනම් වී ඇත්තේ spirit board හෙවත් ouija borad එකය.

ඇමරිකාවෙහි Ouija board සතු ඒකාධිකාරය බිඳ හෙළුනේ 1960 ගණන්වලදීය. ඇමරිකාහිදී විෂමාචාරි සමාජ පරිවර්තනයන් සිදුවූයේ ද මෙම යුගයේදීය.

උදා :-රජයේ පාසල් තුළ යාච්ඤාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් ප්‍රකාශ කිරීම.

එමෙන්ම ouija යන වචනය සැදී ඇත්තේ "oui"යන ප්‍රංශ වචනයෙන් හා "ja"යන ජර්මන් වචනයෙනි. මෙම වචනයන් දෙකෙහිම අර්ථය "yes"(ඔව්)යන්නයි.මෙම නාමය නිර්මාණය සදහා පාදක වූ තවත් කතාවක් නම් Helen peters Nosworthy නම් තැනැත්තිය මෙම board එක භාවිතයෙන් ආත්මයක් කැඳවා මෙහි නාමය විමසූ විට ouija ලෙස පැවසූ බවය.

ආත්ම කැඳවීම ද මේ හා සමානය. මෙහිදී යම්කිසි යන්ත්‍ර මන්ත්‍රයක් හෝ අඳුරු බලවේගයන්ට අයත් ශාස්ත්‍රයක් භාවිත කරමින් මලාවූ ආත්මයන් කැඳවා ගැනීම සිදුකරනු ලබයි. මෙවන් කතා පුවතක් 1 සාමුවෙල් 28හි සඳහන්ය.නමුත් මෙය යුරෝපයේ ප්‍රචලිත වන්නේ "séance"ලෙසය. මෙම වචනය බිහිවූයේ ප්‍රංශ භාෂාවෙන්  "session"(සැසිය) යන වචනයෙනි. පැරණි ප්‍රංශ භාෂාව තුළ  "Seoir" හෙවත් වාඩිවීම යන වචනය මේ සඳහා පාදක වී ඇත.මොවුන් මෙම පිළිවෙත වඩා ඵලදායි වීම සඳහා සිදුකරනුයේ  අදුරේය. මෙය යුරෝපය තුළ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ අධ්‍යාත්මිකත්වයේ ආගම ( religion of spiritualism)19 වන සියවසේ අග භාගයේදී ප්‍රචලිත වීමත් සමඟය.

මූලාශ්‍රයන්හි සඳහන් පරිදි ලින්කන්ගේ බිරිඳවන මේරි(Mary Todd Lincon) විසින් තම මියගිය පුත්‍රයා සමග සන්නිවේදනය කිරීම සඳහා ධවල මන්දිරය තුළ ආත්ම කැඳවීමේ සැසියක් එවක ජනාධිපතිව සිටි  ඒබ්‍රහම් ලින්කන් ද සහභාගී කරගනිමින් පවත්වා ඇත.

මෙහිදී ඔබ ඔබගේ මියගිය ඥාතියෙකුට ආමන්ත්‍රණය කළද මෙහිදී පැමිණෙනුයේ මියගිය ආත්මයක් එනම් යක්ෂාත්මයක් බව සිහියට නගා ගන්න. මෙවන් ආත්ම සමඟ සම්බන්ධ කරන්නා වූ පුද්ගලයන් සිතනුයේ මෙම ආත්මයන් සතුව සැඟවුණු ඥානයක් ඇති බවය. එහි යම් සත්‍යතාවයක් ඇත. නමුත් ඒ ඥානය යහපත් බලවේගයක් වන දෙවියන් වහන්සේ තුළින් නික්මෙන්නා වූ ඥානයක් නොව බොරුවේ පියා වන සාතන් විසින් නික්මෙන්නා වූ ආත්මාර්ථකාමී දැනුම් පද්ධතියකි. එමගින් කිසිවෙකුට යහපතක් නොවේ.

සාතන්  තමා හට සේවය කරන්නා වූ පුද්ගලයෙකු තෝරා ගනිමින් ඔහුට අසීමිත දැනුම් පද්ධතියක්  ලබාදෙයි. බොහෝවිට අපද මෙවන් පුද්ගලයන් විශාරදයින් සේ සලකා ඔවුන් පසුපස හඹා යනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශයන් අපගේ ඇදහිල්ලටද බාධා පමුණුවයි.

අපගේ මග පෙන්වීම සඳහා මියගිය ආත්මයන් අපට අවශ්‍ය නොවේ. දෙවියන් වහන්සේට ආත්මයක් හරහා අපට පණිවිඩයක් දීමට ඇතිනම් උන්වහන්සේ උන්වහන්සේගේම කැමැත්ත අනුව එය සිදුකරනු ඇත.

උදා :-♦️ශුද්ධගිනිස්ථානයේ වෙසෙන ආත්මයන් අපට යම් කරුණු එළිදරව් කිරීමට මෙන්ම යැදුම් අයැදීම සදහා දේව අනුදැනුම හා අනුමැතිය පරිදි මෙලොවට පැමිණීම.

♦️ යම් අවස්ථාවන්හිදී නිරයේ වෙසෙනා අඳුරු ආත්මයන් ඔවුන්ගේ කැමැත්ත නොමැති වුවද දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි මෙලොව වෙසෙන්නන්  බිය ගන්වා හෙවත් තැතිගැන්මකට ලක්‌ කර නැවත නිවැරදි මාර්ගයට ගනී. (තෝමස් ඇක්වයිනස් මුනිදුන්)

තම හුදු ලෞකික අරමුණු වන ප්‍රසිද්ධිය වැනි අරමුණු ඉටු කර ගැනීම සඳහා යක්ෂයා සමග සබඳතා පවත්වා අගාධයේ වැටුණු ප්‍රසිද්ධ  චරිත(celebrity)බොහෝය.

උදා :-
♦️ ජිම් මොරිසන්(jim morrison)

"ඒ මම නොවේ. ආත්මයක් මාගේ වචන ඔහු සන්තකයට ගත්තේය. මා පැවසූ වදන් ඒ ආත්මය පැවසූ වදන්ය "

♦️ රොබට් ජොන්සන්(robert johnson) දිනක් මධ්‍යම රාත්‍රියේ සාතන් මුණගැසීම සදහා මං මාවතක් අතර ගමන් කරමින් සිටියදී ඔහු සාතන්ව මුණගැසීනි.රොබට් ද දණ ගසා තම ගිටාරය ඔහු අතට දුන් බවත් සාතන් එය සුසර(tune) කළ බව හා ඔහු ඒ නැවත බාරගත් බවය. මොහු නැවත භාර ගැනීම යනුවෙන් අදහස් කරනුයේ ඔහු ගිටාර් ශිල්පය වෙනුවෙන් තමාගේ ආත්මය විකුණූ බවය.

විවාහක කාන්තාවන් සමඟ සබඳතා පැවැත්වීම, මත්පැනට හුරුවීම  වැනි විෂමාචාරී ක්‍රියාවන් සඳහා පසුකාලීනව මොහු ඇබ්බැහි විය. මොහුගේ මරණය සඳහා ආසන්නතම හේතුවද අනියම් විවාහක බිරිඳක්  සමඟ සබඳතා පැවැත්වීම නිසා අදාළ කාන්තාවගේ සැමියා වස මිශ්‍රිත whisky පානය කිරීමට දුන් බව සැලකේ. රොබට් මිය යන විට ඔහුගේ වයස 27කි.

අප ශුද්ධත්මයාණන්ට ආරාධනා කරන විට උන්වහන්සේ වඩිනු ඇතැයි විශ්වාස කරමුනම්; අඳුරු බලවේගයන්ට ද අප ආමන්ත්‍රණය කරන විට පැමිණෙන බව අපි විශ්වාස කළ යුතුය.මෙලොවට ආලෝකය උදා කරා වූ ක්‍රිස්තුස් වහන්සේ අදහන අප අඳුරේ ගැවසෙමින් අන්ධකාරයේ දූතයන් සමඟ සම්බන්ධතාවලට යොමුවෙමින් දේවප්‍රේමයට පිටුපෑම දේව අපහාසයකි. එනිසා අපට මග පෙන්වන ක්‍රිස්තුස් වහන්සේ හා උන්වහන්සේ තුළ වූ ශුද්ධාත්මය තුල සවිමත් වීමට වෙර දරමූ.

උපුටා ගැනීම : 𝕰𝖒𝖚𝖓𝖆𝖍- ඇදහිල්ල පිටුවෙන්