ආරම්භයේ සිටම පැවතියේ එක් සභාවක්ද?

ආරම්භයේ සිටම පැවතියේ එක් සභාවක්ද?

♦️සභාවේ ආරම්භයේ සිටම පැවතියේ අපෝස්තුළුවරුන් විසින් එනම් සභා මුලිකයන්ගේ අධිකාරී බලය යටතේ ක්‍රියාත්මක වු එකම සභාවක් පමණි.ප්‍රාදේශීය වශයෙන් සභාවන් පිහිටුවා තිබුනද ඒවා අපෝස්තුළුවරුන් විසින් පත්කරනු ලැබු සභා මුලිකයන් විසින් පාලනය සිදුකරන ලදී. එය වර්තමානයේ රදගුරුවරුන් විසින් පාලනය වන මීසම් ක්‍රමයට සමාන වුවකි.

♦️මන්දයත් ජේසුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ "සභාව" මිසක "සභාවන්" නොවේ.ඒ සදහා අදාල ශුද්ධ ලියවිලි පාඨයන් කිහිපයක් මෙහි සදහන් කරමු.

👉1- 📕18 මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.ස්වර්ග රාජ්‍යහි යතුරු ඔබට දෙන්නෙමි.ඔබ පොළවේදී යමක් බදින්නෙහිද එය ස්වර්ගයෙහි දී බදිනු ලබන්නෙහිය.ඔබ පොළවේදී යමක් මුදන්නෙහිද එය ස්වර්ගයෙහි ද මුදනු ලබන්නේය.
(මතෙව් 16 : 18-19 )

👉2- 📕14 සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.
15 📕ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ.
16 📕මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත.
📕 ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.
(ක්‍රියා 8 : 14-17)

👉3- 📕4 ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.( ක්‍රියා 15 : 4)

👉4- 📕 31 මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
( ක්‍රියා 9 : 31)

👉5- 📕1 දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.
2 📕සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.
3 📕මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව, එහි යවන්නෙමි.
(1 කොරින්ති 16 : 1-3)

👉6- 📕9 මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
( ගලාති 2 : 9 )

👉7- 📕1 තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි.
4 📕ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ.
(ක්‍රියා 16 : 1, 4)

👉8- 📕15 මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ.
( 1 තිමෝති 3 : 15 )

👉9- 📕15 අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය.
(2 පේදුරු 3 : 15)

👉10-📕 2 තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
📕14 නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි.
( එළිදරව්ව 21 : 2, 14 )

සටහන සාහිත පෙරේරා

සතුට යනු කතෝලිකයකු වීමයි!