මූලධර්මවාදීන් විකෘතියට වටහා ගත් මරියතුමියගෙ දේව මාතෘත්වය

මූලධර්මවාදීන් විකෘතියට වටහා ගත් මරියතුමියගෙ දේව මාතෘත්වය
Photo by Wonderlane / Unsplash
"සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, 'ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය' යි උන් වහන්සේට කීවා ය."
(ශු. ලූක් 11:27 NRSV)

මෙම වදන් ජේසුතුමාගේ මව  වන මරිය  තුමියට කායික  වශයෙන්  පුදන  ලද  ප්‍රශංසාවකි. මෙම  වදන් තුලින්  ජේසු  තුමාගෙ ළදරු කාලය පිලිබද ශුභාරංචිය  බැබළුනි.ඒ නිර්නාමික  කාන්තාව උපහාර  දැක්වූයේ මරිය තුමියටය. මෙය ලූක්  1:32 සැබැ මනුෂ්‍ය  පුත්‍රයාණන්  බවට පත් වූ සේක. එය ජොහාන් 1:14 සිහිපත්  කරයි.

තමන් වහන්සේව  මෙලොවට  බිහි  කළ මෑණියන්  හට ප්‍රශංසාත්මක   ආශිර්වාදයක්  පිරි  නැමූ  එම  නිර්නාමික  කාන්තාවට ජේසු  තුමා  ඉතා  වැදගත්  පිළිතුරක්  දුන්  සේක.

"උන් වහන්සේ ද, 'එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය'යි වදාළ සේක.
- ශුද්ධවර ලූක් 1:28 NRSV  -

ජේසු  තුමාගේ  මෙම  පිළිතුර  තුළින්  එතුමා  දුන්  පණිවිඩය  වන්නේ "මාංශමය  බන්ධනය" මත  නොව "අධ්‍යාත්මික  බන්ධනය"  වැදගත් බවයි. එම  බන්ධනය ජනිත  වන්නේ "දේව වචනය අසා පිළිපැදීම " මගිනි.
එනම් ;

"මරිය තුමී කතා කරමින්, 'බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා'යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය."
- ශුද්ධවර ලූක් 1:38 NRSV-

මෙලෙස  ඔබ පැවසූ ලෙස  මට  ඉටු වේවා  යනු  දේව වචනය  පිලිගැනීමකි.
අධ්‍යාත්මික  බන්ධනයන්  මත  වන මෙම  නැඹුරුව  වෙනත්  සිද්ධියකදී  ඉස්මතු  වෙයි .

"මගෙ  මැණියොත්  මගේ සහෝදරයෝත්   නම්  දෙවියන්  වහන්සේගේ  වචනය  අසා  පිලිපදින  අයයි."
(ලූක් 8:20-21, මාක් 3:34, මතෙව් 12:49)

මෙය  මූලධර්මවාදීන්  විකෘති  අර අර්ථ දක්වති.  නමුත්  ජේසු  තුමාගේ  අදහස වූයේ  මේ  තුළින් " නව අධ්‍යාත්මික  සහෝදර බන්ධනයක් "  ඉදිරිපත්  කිරීමය. නමුත්  මූලධර්මවාදීන්  මෙය  "මාංශික  බන්ධනය" ක්  මත ගොඩනගන්නේ  කතෝලික  සභාවට  සහ  මරියතුමියට  මඩ  ගැසීමටය.

මෙහිදී   ජේසුතුමා  "සහෝදරත්වය " සදහා නව අරුතක්  අදහස්  කරයි. එය එක කුස  ඉපදුන  සහෝදරත්වයක්  නොව දේව රාජ්‍ය  තුළ පැවතිය  යුතු  සහෝදරයත්වයකි. එම නිසා දෙවියන්වහන්සේගේ  වචනය අසා   එය පිලිපදින්නන්  අතර  ප්‍රථමයා  මරිය  තුමිය බව  මූලධර්මවාදීන්  නොදන්නවා නමුත් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණකි.  මෙය ලුක්  1:27 තුළින් හා  ලූක්  1:48 තුළින්  සනාථ  කරන ආකාරය මූලධර්මවාදීන්  තේරුම් ගත යුතුය .

"හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත."
- ශුද්ධවර ලූක් 1:48 NRSV  -

මෙම  ලූක්  1:48 මරියතුමියගේ  උදාන  ගීය  පළමු  වරට උච්වාරණය  කරන්නේ  මෙම ස්ත්‍රීය  වේ.
තවත්  උදාහරණයක්  වශයෙන්  කනා නුවර  විවාහ මංගල්‍යය අවස්ථාවේ සිද්ධිය විමසා බැලීම  වටී.

මිදි යුෂ හිග වූ විට ජේසු  තුමාගේ මෑණියෝ මිදියුෂ  නැතැයි  උන්වහන්සේට කීහ.ජේසු  තුමාගේ  පිළිතුර  වූයේ  මගෙ  මොහොත   තවම  පැමිණි  නැත යන්නයි.එය  දෙවියන්  වහන්සේ  කලින්  නියම කල කාලයයි. ජුවාම් 7:30,8:20  ඒ බව සදහන් වේ.  නමුත්  මෙම කානා නුවර  සිද්ධිය තුළ උන්වහන්සේ තමන්වහන්සේගේ නියමිත මොහොත වෙනස් කරන්නේ මරිය  තුමිය නිසාවෙනි.
නමුත්  මරිය තුමිය  මෙහිදී පවසන්නේ මෙතුමාණන්  ඔබට කියන කොයි  දෙයක්  වුවද  කරන්න  යනුවෙනි. (ජුවාම් 2:5) මෙය පෙර සදහන් කළ  මාංශික  බැදීමට  එහා ගිය  අධ්‍යාත්මික  බැදීමක් බව   මෙම කියමන තුළින් ද සනාථ වේ. එය ස්ප්‍රීතුව අනුව වේ.  එයින්  අප තේරුම්  ගත  යුත්තේ  මරියතුමියගේ මනුෂ්‍යයන්  කෙරෙහි ඇති දයාවයි.

"උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ."
- (ශුද්ධවර ජොහන් 2:5 NRSV) -

මෙහිදී මරියතුමිය ප්‍රකාශ  කරන්නේ  ජේසු  තුමාගේ  කැමැත්තයි.  එතුමිය  පුත්‍රයාණන්  ගේ  කැමැත්ත  ඉටු  කරන  තැනැත්තියයි. තවත් කාරණයක් වන්නෙ මෙසියස්  වහන්සේගේ  විමුක්ති  බලය පෙන්නුම්  කිරීම සදහා කළ යුතු ඒ දේ කළ යුතු බව එතුමිය පෙන්නුම් කරයි.

මෙහෙකරුවන්ගේ කීකරුකම නිසාත්  මරියතුමියගේ  මැදහත්කාර  ඉල්ලීම  නිසාත්  මරිය තුමිය  ජේසු  තුමා අදහන නැනැත්තිය නිසාත් මෙසියස්  වහන්සේ  කනා  නුවර ප්‍රථම "විමුක්ති  සලකුණ " සිදු කලේ තමන්වහන්සේගේ  නියමිත  මොහොත පවා  වෙනස්  කරමිනි. මෙය  මූලධර්මවාදීන්  මෙන්ම  ඔවුනට  රැවටුනු  පිරිස්ද , මූලධර්මවාදීන් විසින් දේව වචනය විකෘති කරමින්  බැටළු හම පොරවා ගත් වෘකයන් සේ  අප රවටන බව තේරුම්  ගත  යුතුය .
ස්තූතියි

ජේසු පිහිටයි ❤

ඔබේ මිතුරන් මූලධර්මවාදී විකෘති කිරීම්වලට හසු නොවන පිණිස මෙම ලිපි ඔවුන් අතර බෙදාහරින්න .

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;