බලවත්ම ආත්මය

බලවත්ම ආත්මය

✌️ මේක හුදෙක්ම christianity හා Dc universe ඒකෙ character එකක් සම්බන්ධයෙන් කතා කරන දෙයක්

Pentecost day එක නිසාම අද ගොඩක් කතෝලික දේවස්ථානයන් වල සමහරනු ලබන මංගල්‍යයන් දෙකක් තියෙනවා එකක් Pentecost day එක සහා කතෝලික සභාවෙ ( ශු.සභාවෙ ) උපන්දිනය ❤️

ඉතින් Pentecost ( 50 දිනය ) ලෙස මෙ හදුන්වන දිනය කෙටියෙන්ම සරලවම කිව්වොත් කතෝලික ශු.සභාවෙ ආරම්භක දිනය අදයි ජේසු තුමා තෝරාගත් ශ්‍රාවකයන්ට ආත්මයාණන් වහන්සේ ( Holy Spirit ) ගෙ ශක්තිය ලැබීම හෙතුවෙන් ඔවුන් ගෙ බිය තුරන් වේලා ජේසු තුමා හා උන්වහන්සේගෙ ඉගැන්වීම් අන්‍යට දෙශනා කිරිමට ශුද්ධාත්ම වරම් ලබපු දිනය අදයි ✌️

කවුද Holy Spirit කියන්නෙ එතකොට ?

ඔයලා කතෝලික නම් ඔයාලා ඒකට උත්තරය දන්නවා හැබැයි ඔයා වෙනම ආගමක කෙනෙක් නම් , ඔයලා අහලා ඇතිනෙ Holy trinity එක ( ශු.ත්‍රිත්වය ) - දෙවියන් වහන්සේ , පුත්‍රයාණන් වහන්සෙ ( ජේසු ) සහා ශුද්ධාත්මයාණන් වහන්සෙ. ඔයලා ඔනෑම ශු. ත්‍රිත්වයේ photo එකක දැකලා ඇති පරවියෙක් ඉන්නවා ආන් ඒ මේ Holy Spirit තමා❤️. ඉතින් Holy Spirit කියන්නෙ ආත්මයක් වගෙම මැවීම සම්බන්ධයෙන් ගත්තොත් මැවිමට පෙර ආත්මයාණන් වහන්සේගෙ ආත්මානුභය තිබුනා කියලා ශු.බයිබලයේ සදහන් වෙනවා එ වගෙම ශු.වහන්සේ තුළ තියෙන දිමනා 7 ක් තියෙනවා, ඇත්තටම දෙවියන් වහන්සේට මෙ විශ්වීය නිර්මාණය දී මහගු ශක්තියක් විදිහට ශු.වහන්සේ ලබාදුන් ඒ ශක්තිය උපකාරී උනා කියන දේ ශු.බයිබලයේ සදහන් ❤️

ඉතින් මම ආගමීක පැතිකඩින් ඉතාම කෙටියෙන් ඉතාම ඉතාම ඉතාම සරල විදිහට තමා ශු.වහන්සේ ගැන කිවෙ...

ඉතින් ඇයි දැන් මම Dc universe එකෙ The Spectre ව ඇදලා ගත්තෙ ?

ඇත්තටම The Spectre කියන ආත්මය දැක්කම මතක් වෙන්නෙම Holy spirit වමයි මොකද විශ්වයක් විනාශ කරන්නත් නැවත නිර්මාණය කරන්නත් තමන්ට ඔනා විදිහට නිර්මාණය කරන්නත් ඒ බලය තියෙන්නෙ Spectre ගාව හැබැයි Dc universe එකෙ The God කෙනෙකුත් ඉන්නවා 😉 වැඩියම කතා වෙන්නෙ නැ කොහොමත් Spectre ගැන උනත් කට්ටිය ටිකක් කතා උනෙ හොයලා බැලුවෙ Arrowverse එකෙ ජිම් ගෙන් පස්සෙ oliver Queen aka Green Arrow අන්තිමට Spectre උනාට පස්සෙ ✌️.

Spectre ටත් හතුරෝ ඉන්නවා The Joker , dark side , Anti monitor , clay face , blood Work වගෙ villains ලා නැතුවා නෙවෙයි

අනිත් දේ තමා දිමනා වලින් උනත් 👉 දැනුම , ශක්තිය , බලය, තෙරුම් ගැනීම, බුද්ධිය වගෙ ඒ හැකියාවන් දීමෙ හැකියව The Spectre කියන්න චරියේ තියෙනවා මතකනෙ Arrowverse එකෙ Crisis on infinite earths crossover එකෙ Barry ගෙ Speed එක boost කරන්නෙ ⚡ තව ටිකෙන් SF එකත් left 😂💔 Basically ඉතින් ශු.වහන්සේගෙම අනිත් පැත්ත.

ඉතින් හරියටම බැලුවොත් Holy spirit ගෙන් inspired වෙලා හැදුනු character එකක් තමා Dc universe එකෙ Spectre කියන්නෙ

ඉතින් මේක හුදෙක්ම මගෙ අදහසක් වගෙම මගෙ මතයක් මොකද හරියට බැලුවොත් එහෙම නිසා Dc universe එකෙ God වෙනම ඉද්දි ආත්මයක් වෙනම ඉන්නවා කියන්නෙ ඒකත් God level powerful christianity vibe එකෙන් බැලුවොත් හරි 😂❤️

මේක අපහසයක්වත් සන්සන්දනයක්වත් නෙවෙයි biblical stories වලින් inspired වෙච්චි films පවා තියෙන එකෙ characters අලුත් දෙයක්වත් අපහසයක්වත් නෙවෙයි mostly මගෙ කැමතිම Dc character එකක් තමා The Spectre කියන්නෙ ✌️ ආයෙමත් මේක හුදෙක්ම මගෙ සිත්විල්ලක් පමණයි ✌️❤️

සටහන ~ Sumal DeArrow