නිර්මල කන්‍ය මරිය තුමියගේ ශුද්ධ වූ නාමයේ මංගල්‍යය

නිර්මල කන්‍ය මරිය තුමියගේ ශුද්ධ වූ නාමයේ මංගල්‍යය

නිර්මල කන්‍ය මරිය තුමියගේ ශුද්ධ වූ නාමයේ මංගල්‍යය ස්පාඤ්ඤයේ ආරම්භ වූ අතර එය 1513 දී අනුමත කරන ලදී. පසුව 1683 දී XI වන ඉනොසන්ට් පාප්තුමා විසින් භාග්‍යවන්ත වූ මරියතුමියගේ උප්පත්ති මංගල්‍යයෙන් දින හතරකට පසු සැප්තැම්බර් 12 වන දින සැමරීමට මෙම මංගල්‍යය කතෝලික සභාව තුළ ස්ථාපිත කරන ලදී. දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසුව 1970 දී රෝමානු මිසාල් හි සංශෝධන සමඟ දිව්‍ය පූජාව පැවතියද, මෙම මංගල්‍යය දිනය විශ්ව දින දර්ශනයෙන් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, 2003 දී නිකුත් කරන ලද රෝමානු මිසාල් හි තුන්වන සංස්කරණයේ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් "විකල්ප අනුස්මරණයක්" ලෙස මංගල්‍යය දිනය නැවත ස්ථාපිත කරන ලදී.

මරියා යන ශුද්ධ වූ නාමය විවිධ පැරණි භාෂාවලින් මුල් බැස ඇත. එනම් හේබ්‍රෙව් භාෂාවෙන් "මිරියම්" ලෙසද,  ඇරමයික් භාෂාවෙන් "මැරියම්" ලෙසද, ග්‍රීක පැරණි ගිවිසුමේ "මාරියම්" ලෙස ද, ග්‍රීක සහ ලතින් නව ගිවිසුමේ "මරියා ලෙස ද හඳුන්වනු ලබයි.

මරියා යන නාමය "සුරූපී කාන්තාව මෙන්ම සයුරේ තාරකාව" යන අර්ථයක් ගන්නා අතර උසස් වූ යන අර්ථයද පිළිබුඹු කරයි. ගාබ්‍රියෙල් දේව දූතයා විසින් මංගලම් කී අවස්ථාවේ මරියා යන ශ්‍රී නාමය අර්ථ දක්වා තිබුනේ "විපුල ප්‍රසාද ලත් උත්තමාවිය" යනුවෙනුයි. එසේම  "නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියෙනි " ලෙසින්ද ආමන්ත්‍රණය කර පිළිබිඹු කර තිබුනේ මරියා යන ශුද්ධ වූ නාමයේ අර්ථයයි.

ඇත්ත වශයෙන්ම, "මරියා" යන ශ්‍රී නාමය නම භාග්‍යවත් මවගේ නාමය වීම විශේෂ ගෞරවයක් හා භක්තියක් ලැබිය යුතු අතර, එය ආකාර හතරකින් සමරනු ලැබේ.

🌹පළමුව, මරියා යනු ගෞරවයේ නමකි, මන්ද සැබෑ වූ එකම දෙවියන්වහන්සේ වන අපගේ දිව්‍ය ගැලවුම්කරුවාණන් වන ජේසුස් වහන්සේගේ මවගේ නාමය වීමයි. එසේත් නැති නම් ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනැන්වහන්සේ වන පුත්‍රයාණන් වහන්සේ මේ ලෝකයට ඇතුළු වූයේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පිළිසිඳගත් අති ශුද්ධ වූ මරියාවන්ගේ මාර්ගයෙනි.

🌹දෙවනුව, මරියා යනු අති ශුද්ධ  වූ නාමයකි, මන්ද ඇගේ නම සඳහන් කිරීමම අපට මතක් කර දෙන්නේ එතුමිය කරුණාවෙන් පිරී ඇති බවත්, දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය ලබා ඇති බවත්, සියලු කාන්තාවන් අතර ආශීර්වාද ලබා ඇති බවත්ය.

🌹තෙවනුව, මරියා යනු මාතෘ නාමයකි, මන්ද එතුමිය අප සැමගේ මව වන අතර, අපගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කුරුසියේ මිය යමින් සිටියදී අපගේ මෑණියන් වශයෙන්  ශුද්ධ වූ මරිය මෑණියන්ව ලබා දුන් සේක.

🌹අවසාන වශයෙන්, මරියා යනු අපගේ සියලු අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන, නපුරෙන් අපව ආරක්ෂා කරන සහ “පව්කාරයන් වන අප වෙනුවෙන් දැන් සහ අපගේ මරණ මොහොතේ” යාච්ඤා කරන දේව මතාවගේ නමයි.

කන්‍ය මරියාවන්ගේ මරියා යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා...♥️

✍️ ගඟුලි භාග්‍යා.
Saints and Angels

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව