නොවැම්බර් 24 - ප්‍රාණපරිත්‍යාගි පූජාප්‍රසාදි සා. ඇන්ඩෲ ඩන් ලැක් මුනිතුමන්ගේ සහ සහචර ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ අනිවාර්ය අනුස්මරණය

The Memorial of Andrew Trần Dũng-Lạc, Priest & Companions, Martyrs

ඇන්ඩෲ ඩන් ලැක් පූජාප්‍රසාදිතුමන් සමඟ මෙදින සමරනු ලබන සහචර ප්‍රාණපරිත්‍යාගිවරුන්ද පොදුවේ 'වියට්නාම ප්‍රාණපරිත්‍යාගිවරුන් (1745–1862 කාලය තුළ වියට්නාමයේ ප්‍රාණපරිත්‍යාගිවූවන් සියල්ලන්ම මෙලෙස හඳුන්වයි)' ලෙස සැලකේ. මින් 117දෙනෙකු (ඇන්ඩෲ ඩන් ලැක් පූජාප්‍රසාදිතුමන් ඇතුළුව) 1988දී II (2) වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් (Pope St. John Paul II) විසින් සාන්තුවරයට ඔසවා ඇත.

ක්‍රි.ව. 19 වන සියවසේ (1820-1862) වියට්නාම අධිරජවරුන් දියත් කළ කිතුනු පීඩනයන් හමුවේ ප්‍රාණපරිත්‍යාගි වූ මොවුන් 117දෙනා අතර ඇන්ඩෲ ඩන් ලැක් පූජාප්‍රසාදිතුමන් ඇතුළුව වියට්නාම ස්වදේශිකයන් 96ක්ද, ස්පාඤ්ඤ ජාතික ධර්මදූතවරුන් (මිෂනාරිවරුන්) 11ක් සහ ප්‍රංශ ජාතික ධර්මදූතවරුන් 10ක්ද ඇතුළුව රදගුරුවරුන්, පූජක සහ පැවිදිවරුන් සහ ගිහි විශ්වාසිකයින් විය. මොවුන් වියට්නාමයේ නාම සාන්තුවරුන් ලෙස සැලකේ.

Andrew Trần Dũng-Lạc
(Vietnamese: Anrê Trần An Dũng Lạc;
ක්‍රි.ව. 1795 - 1839 දෙසැම්බර් 21)

වියට්නාම ජාතික පූජාප්‍රසාදිතුමෙකු (priest) වූ මෙතුමන් 'Trần An Dũng' ලෙස උපත ලැබූ අතර 'Andrew' සිය බෞතිස්මයේදී ලබා ගත් නාමය විය. 1823දී පූජකවරය ලැබූ මෙතුමන් සේවය කරමින් සිටි සමයේ පැවති කිතුනු පීඩනය නිසාවෙන් අත්අඩංගුවට පත්වීම් වළක්වා ගැනීමට මෙතුමන් සිය නාමය 'Lạc' ලෙස වෙනස් කරගෙන ඇත. ඒ නිසාවෙන් මෙතුමන් 'Andrew Dũng-Lạc' ලෙස වර්තමානයේ හඳුන්වන අතර 'Minh Mạng' නම් වියට්නාම අධිරජු විසින් කිතු දහම තහනම් කර, ඇදහිලිවන්තයන්ට ප්‍රසිද්ධියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට හෝ නැතහොත් මරණය තෝරාගැනීමට නියම කිරීම හේතුවෙන් දියත් වූ පීඩන සමයක සේවය කළ බැවින් අවසානයේ සිය විශ්වාසය සහ සේවය උදෙසා මෙතුමන්ද හිස ගසා මරණයට පත් කරනු ලැබීය.

මෙතුමන් වියට්නාමයේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරේන්ජ් රදගුරු පදවියේද (Diocese of Orange in California) නාම සාන්තුවරයෙකු ලෙස සැලකේ.

වැඩිදුර තොරතුරු:

St. Andrew Dung-Lac and Companions
Saint of the day: St. Andrew Dung-Lac and Companions - Catholic News Agency
Andrew Dũng-Lạc - Wikipedia
Vietnamese Martyrs - Wikipedia

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;