මූලධර්මවාදීන් විසින් පුරාණ මැද පෙරදිග දේවතාවියන්ගේ ලක්ෂණ සමග සසදන මරිය තුමිය

මූලධර්මවාදීන්  විසින්  පුරාණ  මැද පෙරදිග  දේවතාවියන්ගේ ලක්ෂණ සමග  සසදන  මරිය තුමිය
Photo by engin akyurt / Unsplash

🌱ශුද්ධ වූ  බයිබලය  රචන⁣යේදී  පුරාණ  මැද පෙරදිග  සංස්කෘතිය  , සිරිත් විරිත්, පුරාණ  මැද පෙරදිග සාහිත්‍ය කථා බලපෑ බව සත්‍ය කරුණකි. එනමුත්  එයින්  ඉදිරිපත්  කරන ලද  දෙවියන්වහන්සේගේ එළිදරව් ඊට වඩා  වෙනස් බව මතක තබා ගත යුතුය .

ඒ අනුව මූලධර්මවාදීන්  පවසන අන්දමට මරිය බැතියට පුරාණ ග්‍රීක රෝම  සංස්කෘතිවල  දේවතාවියන්ගේ බලපෑමක්  කර  ඇතිදැයි යන්න  විමසා බලා  එම විකුර්ති කිරිමට පිලිතුරු  සැපයිම මෙම ලිපියෙන් බලාපොරොත්තු  වේ.

🔶🔸ප්‍රථමයෙන් අපි පුරාණ මැද පෙරදිග දෙවගනකගේ  ස්භාවය  ගැන විමසා බලමු.

පුරාණ සුමේරියානු  (Sumerian ) සභ්‍යත්වයේ ජනපුිය  දෙවගනන්  අතර "ඉනන්නා" (Inanna) දෙවගන ප්‍රධාන  තැනක්  ගනී. ඇය යුද්ධයේ , ආදරයේ, සශ්‍රීකත්වයේ දෙවගන ලෙස හැදින්විය .

එමෙන්ම සුමේරියානු  ජනප්‍රවාදයකට අනුව  "එන්කි" (Enki) සහ "මාතා" දෙවගන විසින් මානව වර්ගයා  මවන ලද බව සදහන් වේ. එම මවන ලද  සාදයේදී  එන්කි සහ  මාතා නම් දෙවගනන් අධික ලෙස මත්පැන්  පානය කර අවසානයේදී ඔවුන්  දබර කලහ.

🔷🔹 මීලගට අපි  පුරාණ  ඊජිප්තු  දේවතා වියන්  හදුනා ගනිමු.

(1)අයිසිස් (Isis)

මැය  ශ්‍රේෂ්ඨ  මාතා දෙවගන (Mother -goddess) හෙවත්  දෙවිවරුන්ගේ  රැජිනියයි. ඇය ඊජිප්තුවේ  පාරාවෝ රජුන්ගේ  මාතාව ලෙස සලකන ලදී. අයිසිස්ගේ උකුලෙහි පාරාවෝ  රජතුමා කුඩා කල වාඩිවී සිටින රූප  පුරාණ  ඊජිප්තුවේ ඇත. මේවා මූලධර්මවාදීන්  විසින්  දෙව් මවුන්ට හෙවත් මරිය තුමියට ආදේශ  කරති.

(2)හාතොර්

එළදෙන බවට පත්විය. ඇය පාතාල ලෝකයේ  අධිපතිනිය ලෙස හැදින්වේ .

🔶🔸 මීලගට අපි පුරාණ  ග්‍රීසියේ , රෝමයේ  සහ මැදපෙරදිග  සංස්කෘතීන් තුළ වන්දනා මානයට ලක්වූ  ප්‍රධාන දේවතාවියන්  පිළිබදව මදක්  සලකා බලමු.

(1) ඇප්‍රොඩිතේ  හෙවත්  වීනස්(venus) ආදරයේ , සුරූපී බවේ සහ සශ්‍රීකත්වයේ  දෙවගනයි.

(2) ආර්තෙමිස්  හෙවත්  ඩයනා (Diana) දඩයම, ඵලදායි බව සහ දරු උපත්  පිලිබදව  දෙවගනයි.

(3) ඇතීනා මිනර්වා (Minarva) යුද්ධය  සහ අත්කම් වල දෙවගනයි.

(4) හෙරා හෙත් ජුනො (Juno) සියුස් හෙවත් ජුපිටර් නැමැති (Zeus  or  Jupiter ) ප්‍රධාන ග්‍රීක්  දෙවියාගේ බිරිදයි. විවාහයේ සහ  දරු උපතේ දෙවගනයි.

(5) ඩෙමිටර් හෙවත් සෙරස් (Demeter or Cetes) අස්වැන්නේ දෙවගනයි .

(6) ඉස්තාර් (Ishtrar) යුද්ධයට  අධිපති  දෙවගනයි.

🔶🔸 මරිය මාතාවන්වහන්සේගේ චරිතය

මෙම මූලධර්මවාදීන්ගේ අදහස වන්නේ මරිය බැතිය සදහා වෙනත් දේවතාවියන්ගේ  භක්ති  ආභාෂ ලැබී ඇති බවයි. එය ඔවුන්ගේ  නොදැනුවත්කම නොවේ. සිතාමතාම මෙම කාරණය අපහාසාත්මක විවේචනයට බදුන් කිරීමට උත්සහ දැරීමකි.

මෙම අදහස පැවත එන්නේ කතෝලික සභාවට එරෙහි මූලධර්මවාදයට මුල පිරූ ලොරෙන්  බුයෙට්ලර්ගේ සහ කාල්බාත්ගේ අදහස්වලිනි. නමුත් කතෝලික සභාව මෙම පදනම් විරහිත කාරණා සදහා පිළිතුරු දී හමාර බව  මූලධර්මවාදීන්  නොදන්නා  කරුණකි. තාර්කික බුද්ධියක් හිමි  ඕනෑම කෙනෙකුට ඉහත සදහන්  දේවතාවියන් මරිය මාතාවන්ට කිසිසේත් සමාන නොවන බව  අවබෝධ කරගත හැකිය.  ඒ මන්දයත් මරියතුමියව  දේව දූතයා අමතනුයේ  "විපුල ප්‍රසාදලත්  උත්තමිය" ලෙසයි. මෙය නව ගිවිසුම  ලියන ලද ග්‍රීක් භාෂාවෙන් යෙදෙන්නේ  (කෙකරිටොමෙනෙ - Kkaritomene)⁣ හෙවත් " දෙවියන්  වහන්සේගේ  විශේෂ  ප්‍රසාදය , දීමනා හිමි කරගත් අයකු ලෙසයි. එයින්  පැහැදිලි  වන්නේ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම තුළ  මරිය මාතාවන්ව විශේෂ ආකාරයකින්  සුදානම්  කරනු ලැබූ බවයි.
එනම් මරියතුමිය දේව මව වීමට තෝරා ගනු  ලබන්නේ ඇය සතු වූ  විශේෂ  දක්ෂතාවයක්  නිසා නොව දෙවියන්වහන්සේගේ  වරප්‍රසාදයෙන් ඇගේ  මුළු  දිවියම සපිරුණු   නිසාය.  නමුත්  ඉහත සදහන් දේවතාවියන්  එසේ නොවේ. එතුමිය විසින්  ඉටු කරන ලද්දේ තමන් කැමති  දෙය නොව දෙවියන්  වහන්සේ  කැමති දෙයයි. එය ශුද්ධ  බයිබලයේ  සදහන් වන්නේ " ඔබ කී දෙය මට සිදුවේවා"  සහ  "මම ස්වාමින්වහන්සේගේ  දාසිය" යන වචන තුළයි. මෙම  වචනද  මූලධර්මවාදීන්  වචනයේ අර්ථයෙන් විකෘති කරයි. එනම් මෙහි ග්‍රීක වචනය වන්නේ "Doule" යන්නයි. එයින්  දෙවි සමිදුන්  ඉදිරියේ  විශ්වාසවන්ත කමේ ,  බැහැපත්කමේ  ආකල්පයක් හැගවේ.
(1සාමුවෙල් 1:11, ලුක් 1:48, 2:18)

ඒ අනුව  ඉහත සදහන් සෑම කරුණක්ම සංසන්දනාත්මකව විග්‍රහ කර බලන විට මරියෝත්තමාවන් සතු එම උතුම් ගුණාංග ග්‍රීක රෝම කථා වල  එන  මිත්‍යා දේවතාවියන්  තුළින්  ඉස්මතු වූ ගති ලක්ෂණ  සමග කිසිසේත්ම සැසදිය නොහැකිය. එම නිසා මරියෝත්තමාවන් වෙනත් දෙවගනන් සමග කිසිදු අයුරකින් සමාන කල නොහැක්කේ ය. ඕතොමෝ දෙවියන්වහන්සේගේ විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තී වන්නීය. මරියෝත්තමාවන් වෙනත් මිත්‍යා දෙවගනන් සමග සංසන්දනය කර එතුමියගේ ශුද්ධ බවට අගෞරව නොකිරීමට මූලධර්මවාදීන් සිතා බැලිය යුතුය.

එම නිසා මූලධර්මවාදීන්ගේ ව්‍යාජ , විකෘති  අර්ථකථනවලට හසු නොවන්න.
එමෙන්ම ඔවුන්ට සත්‍යාවබෝධය ලැබෙන ලෙස ශුද්ධාත්ම ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න .

ස්තූතියි
ජේසු පිහිටයි ❤