දේව මෑණියො පිහිට වෙන්නෙ ක්‍රිස්තියානින්ට විතරද?

දේව මෑණියො පිහිට වෙන්නෙ ක්‍රිස්තියානින්ට විතරද?
එහෙම නෙමේනම් ශුද්ධවූ සභාවට වැරදිලාද?

ඇත්තටම මේ ප්‍රශ්න දෙකටම උත්තරේ 'නෑ' කියන එක..
අපි ඉස්සෙල්ලම හොයන්න ඔනෙ දේවමෑණියන් ආදාර කරනවයි කියන මේ ක්‍රිස්තියානින් කියන්නෙ කව්ද කියල..

අපි බලමු ශුද්ධවූ බයිබලයේ බර්ණබාස් තුලින් ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රිස්තියානින් කියල හැදින්වුයෙ කාවද කියල..

"23ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය. “බාර්ණ බස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
25 බාර්ණ බස් සාවුල් සොයමින් 26 තාර්සසයට ගොස්, '' ඔහු හමු වී, අන්ති- යෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක් රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ක්‍රිස්තියානි' යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය." (ක්‍රියා 11:23-26)

මේ පාටයට අනුව ක්‍රිස්තියානින් කියන්නෙ ක්‍රිස්තුස් වහන්සෙ අනුව ගිය උන්වහන්සේගේ ශ්‍රාවකයින්ට.
එතකොට ශ්‍රාවකයො කියන්නෙ කව්ද?
උන්වහන්සේ කියන කොයි දෙයක් වුවද කරන තැනැත්තා උන් වහන්සේගේ ශ්‍රාවකයෙක්.

පොඩ්ඩ්ක් ඉන්න.. ශ්‍රාවකය කියන්නෙ කව්ද කියන එකට දුන්න හැදින්වීම කොහෙ හරි අහල පුරුදුයි වගේ නෙ?

ජොහාන් සුභාරන්චියට ගිහින් බලමු.

" 3මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, ''මිදියුස නැතැ"යි උන් වහන්සේට කී හ. 4ජේසුස් වහන්සේ ද කතා කොට, "ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ ටිමොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.
5උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැයි කී හ." (ශුද්ධවර ජොහාන් 2:3-5)

උන්වහන්සේ කියන කොයියම් දෙයක් උවද කරන්න කියලයි එතුමිය ඔබෙන් මගෙන් ඉල්ලන්නෙ.. දේවමෑණියන් නොකිය මේ අපිට ආරාධනා කරන්නෙ ක්‍රිස්තියානියෙක් නැත්නම් ක්‍රිස්තු ශ්‍රාවකයෙක් වෙන්නයි..

එ ආරාධනය පිලිගත් ක්‍රිස්තියානින්ගේ , පිහිටාදාර මෑණියන්ගේ මන්ග්ල්‍යයි (මැයි 24) වසරක් පාසා ශුද්ධවූ සභා මාතාව සමරන්නෙ.

සටහන : නෙහාන් දිනාත්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව